වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

රංගන ශිල්පිනී නිලූෂි හල්පිටගේ දුරකථන අංකය සහ ලිපිනය ලබා දෙන්න.

කරුණාරත්න රණවීර

කොළඹ 08.

දුරකථන අංකය – 0776748443.

ලිපිනය - අංක 108,වෑතර,පොල්ගස්ඕවිට.

අර්ජුන් ඔබ වඩා කැමැත්තක් දක්වන්නේ චිත්‍රපට වලටද? ටෙලි නාට්‍යවලටද? නැත්නම් වේදිකාවටද?

එම්. ඉන්ද්‍රපාල,

මුංහේන.

චිත්‍රපට බලන්න තමයි.

ඉන්දීය සිනමාව මෙපමණ කලක් අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන්නේ අදාල බලධාරීන්ගේ උනන්දුව මත නේද? කෝ අපේ අයට උනන්දුවක්?

සරත් රණසිංහ

කපුගොඩ, මාළිඳ.

ඔබ හිතන විදිය වැරැදියි සරත්. ඉන්දියාවේ ආණ්ඩුව පවතින්නේ චිත්‍රපට කර්මාන්තයේ ආධාර මතයි. ලංකාවේ චිත්‍රපට කර්මාන්තය පවතින්නේ ආණ්ඩුවේ ආධාර මතයි. මේ අවුරුදු හැට හයටම විවිධ ආණ්ඩු විවිධ ආකාරයේ ආධාර දුන්නත් එයින් වැඩක් නොගත් එකම කර්මාන්තය අපේ සිනමාව බවයි මගේ හැඟීම.

සරසවිය පුවත්පතේ උපන් දින පිටුව සම්පාදනය කරන සිරි කහවල මහතාගේ ලිපිනය පළ කරන්න.

රත්න කහඳව

අලව්ව.

අංක 07,
සූරියමල් මාවත,
සිරිමල් උයන,
රත්මලාන.

1974 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරුණු ‘රාම් පූර් කා ලක්ෂ්මන්’ හින්දි චිත්‍රපටය ගැන විස්තරයක් දැන ගැනීමට කැමැතියි.

නෙවිල් කිරිහෙට්ටි

පමුණුගම

කලක් අතිශය ජනප්‍රිය සිනමාකරුවෙකුව සිටි මන්මෝහන් දේසායි විසින් 1972 වසරේ නිර්මාණය කරන ලද රාම් පූර්කා ලක්ෂ්මන් චිත්‍රපටයේ රන්ධීර් කපූර්, රේඛා, සතෘගන් සිං, සුලෝචනා, පද්මා ඛන්නා ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණ. මේ චිත්‍රපටයට පාදක වූයේ පවුලෙන් වෙන්වන සහෝදරයන් දෙදෙනකුගේ කතාවක්. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඒ. ඒ. නදියත්වාලා විසිනි.

ප්‍රවීණ හින්දි නළු දිලිප් කුමාර් ගැන අලුත් ආරංචියක් කියන්න.

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

දිලිප් කුමාර් වසර පහළොවකින් රඟපෑවේ නැහැ. ඒ වගේම මේ වන විට 92 හැවිරිදි වියේ පසුවන ඔහු පසුගිය වතාවක මරණයේ මුවදොර ළඟට ගොස් යළි සුවපත්ව සිටිනවා. 1998 වසරේදී තමයි ඔහු අවසන්වරට චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණේ.

අපේ රටේ මිනිසුන් චිත්‍රපට නාට්‍ය නැරැඹීමට වඩා වැඩි මුදලක් ලොතරැයි මිලදී ගැනීමට යොදවන්නේ යැයි කියන්නේ ඇත්තද?

චාමර විජේසිංහ

පිළියන්දල

වෙන්න ඇති. මමත් එහෙමයි.

ජනප්‍රිය සිනමා නළු ටෝනි රණසිංහ රඟපෑ ප්‍රථම චිත්‍රපටය කුමක්ද? ඒ කුමන වසරේද? ඔහුගේ ලිපිනය පළ කරන්න.

ෂේන් වීරසිංහ

අනුරාධපුර

ටෝනි රණසිංහ මුලින්ම රංගනයෙන් දායක වුණේ සිරිසේන විමලවීරගේ ‘පුංචි අම්මා’ චිත්‍රපටයේ. එහෙත් එය කිසි කලෙක තිරගත වුණේ නැහැ. තිරගත වූ මුල්ම චිත්‍රපටය 1963 වසරේ තිරගත වූ ගම්පෙරළිය චිත්‍රපටයයි.

ටෝනිගෙ ලිපිනය – අංක 163/3,සිරිධම්ම මාවත,කොළඹ 10.

ලොව මුලින්ම ඩිජිටල් සිනමාකරණය සිදු වූයේ කුමන රටකද? කුමන චිත්‍රපටය ද? සිනමා ශාලාවදැයි පහදා දෙන්න.

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල

කෑගල්ල

අමෙරිකා එක්සත් ජනපදය.

ඩිජිටල් තාක්ෂණයෙන් නිර්මාණය කළ ප්‍රථම චිත්‍රපටය 1998 වසරේ තැනුණු ලාස්ට් බ්‍රෝඩ්කාස්ට් චිත්‍රපටයයි.

සරසවිය පුවත්පතේ තනි මංසල විශේෂාංගයේ ජනප්‍රිය නිළි සුරේනි සෙනරත් දක්වා තිබුණා ‘පිරිමි කියන්නේ විශ්වාස කරන්න බැරි පිරිසක්’ බව. මේ මතය ගැන ඔබ හිතන්නේ කුමක්ද?

සෝමා එච්. පතිරණ

කහවත්ත

මං හිතන මතය නොවෙයි. කාන්තාවක් වුණ සෝමා ම උත්තරය කියන්නකෝ.

ලොව ප්‍රකට සංගීත කණ්ඩායමක් වන බීට්ල්ස් සංගීත කණ්ඩායමේ විස්තරයක් සඳහන් කරන්න.

අතුල රම්‍යසිරි

පානදුර

ලෝකයේ සංගීත කණ්ඩායම් අතර අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් ලෙස සැලකෙන බීට්ල්ස් සංගීත කණ්ඩායම ටයිම්ස් සඟරාව කියන හැටියට 20 වන සියවසේ මිනිසුන්ට වැඩියෙන්ම බලපෑම් කළ සිය දෙනා අතරට ඇතුළත් වෙනවා. ඒ වගේම එදා මෙදාතුර සංගීත කණ්ඩායමක් ඉපැයූ ඉහළම ආදායම ද ලබා ගත්තේය. ජෝන් ලෙනන්, පෝල් මැකාර්ති, ජෝර්ජ් හැරිසන් සහ රින්ගෝ ස්ටාර් යන එංගලන්තයේ ලිවපූල් හි ජීීවත් වූ ගැටවරයෝ සිවු දෙනෙක් විසින් රොක් සංගීතය භාවිත කරමින් ආරම්භ කළ මෙම සංගීත කණ්ඩායම උන්මාදයක් ලෙස (බීට්ල් මේනියා) ලොව පුරා පැතිර ගියා. පරම්පරා ගණනක් මුළුල්ලේ අදටත් එහි ජනප්‍රියත්වය රැඳී තියෙනවා. එහෙත් පසු කලෙක ජෝන් ලෙනන් උන්මත්තකයෙකු විසින් ඝාතනයට ලක් විය.