වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




ලේ දන්දීමක්

ලේ දන්දීමක්

රංගන ශිල්පිනී මනීෂා ශ්‍යාමලී

මගේ කාලය වැඩිපුරම වෙන් කරලා තියෙන්නේ සමාජ සේවා කටයුතු වෙනුවෙන්. ඒ කටයුතු පිළිිවෙළකට කරන්න ඕන නිසා මම පදනමක් නිර්මාණය කළා. ඒ මනීෂා ශ්‍යාමලී සමාජ සත්කාර පදනම කියලයි. මේ පදනම මඟින් කලාකරුවන් වෙනුවෙන් වගේම දුප්පත් අය වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන් යමක් කරන්න මා අදහස් කරනවා.

මාත් සමඟ තවත් කිහිප දෙනෙක් එකතු වෙලා සිටින නිසා එය වඩාත් පහසු වේ යැයි මා සිතනවා. මේ මඟින් මේ 23 වැනිදා සිදු කෙරෙන ලේ දන්දීමේ සමාජ සත්කාරය සඳහා ඔබ සියලු දෙනාටම සහභාගි විය හැකියි. නාරාහේන්පිට රුධිර මධ්‍යස්ථානයේ පැවැත්වෙන ලේ දන්දීමේ වැඩ පිළිවෙළට කලාකරුවන් රාශියක් ද සහභාගි වීමට නියමිතයි. එමෙන්ම ඊට සහභාගි වෙන්න යැයි ආරාධනා කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.