වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




පිටපත් රැසක් ලියමින්

පිටපත් රැසක් ලියමින්

පිටපත් රචක

සුනන්ද සිල්වා

මම මේ දවස්වල පිටපත් රාශියක් ලියන නිසා බොහොම කාර්යබහුලයි. ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයේ අවසන් කොටස් කිහිපය ලියමින් සිටින අතරතුරම ප්‍රවීණ නිළි, අධ්‍යක්ෂ ශ්‍රියාණි අමරසේනගේ නිර්මාණයකටත්, චන්දන ධර්මප්‍රියගේ ටෙලි නිර්මාණයකටත් පිටපත් ලියනවා.

ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාට්‍යයකට මගේ SI විසල් පිටපත අනුමත වෙලා. ජෝශප් සේරම් අධ්‍යක්ෂණය කරන මේ ටෙලි නාට්‍යයේ පිටපත ඉදිරියේදී ලියන්නත් මා සිතාගෙන සිටිනවා.