වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




නොමියෙන මිනිසකුගේ ජන්ම දිනය

නොමියෙන මිනිසකුගේ ජන්ම දිනය

හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අද අප අතර සිටියා නම් වයස අවුරුදු හැත්තෑ අටකි. ඔහුගේ ජන්ම දිනය හෙට 21 වැනිදාට යෙදී ඇත. මෙයින් වසර දහයකට ප්‍රථම වියෝ ගී නංවා අප අතරින් සදහටම නික්ම ගිය ගාමිණී ඉතිරි කළගිය දෑ බොහෝමය.

ඔහු සිංහල සිනමාවට කළ මෙහෙය නිමක් නැත. ඔහු හඬගා සිනමාව වෙනුවෙන් ලබාගත් දායාදවල ඵලයන් අද ද කලා ලොව සහෘදයෝ භුක්ති විඳිති. ‘සරසවිය’ පුවත්පත සමඟ අතිශය සමීප බැඳීමක් තිබුණු ගාමිණීව මෙසේ සිහිපත් කරන්නේ ඔහු හෙළ සිනමාවේ කිසිදා නොමියෙන මිනිසකු බැවිනි.