වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




වික්ටෝරියා නිවාසයේ

වික්ටෝරියා නිවාසයේ

රංගන ශිල්පී

රොෂාන් පිලපිටිය

මම නම් ඉදිරි සතිය ෂූටින්වලට තමයි වෙන් කරලා තියෙන්නේ. මේ දිනවල මම රංගනයෙන් දායකවන ස්වර්ණපාලි, පාරාවළල්ල, චෙස්, සඳසාවි විකාශය වෙනවා. මේ හැම ටෙලි නාට්‍යකම ෂූටින් නිසා මම ගොඩක් කාර්යබහුලයි.

ඒ හැරුණාම මේ සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදිනත් රාජගිරියේ වික්ටෝරියා නිවාසයට ගිහින් එහි ආබාධිත පුද්ගලයන්ට උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. උපන් දිනයට විතරක් නෙවෙයි මම මට හැකියාව ලැබෙන බොහෝ දවස් ගත කරන්නේ එහි ජීවත් වෙන අය සමඟයි. ඒක මට ලොකු සතුටක්.