වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




වරදක් කළොත්

වරදක් කළොත්

වරදක් කළොත් තරුවකට කියා නීතියෙන් සමාවක් නැත. වරද කර දඬුවම් ලබන තරු ඕනෑ තරම්ය. සායිෆ් අලි ඛාන්, කරීනා කපූර් සමඟ විවාහ වීමට පෙර ආපන ශාලාවකදී ඇති කරගත් දබරය සුළුපටු දබරයක් නොවෙයි. මීට දෙවසරකට පෙර, 2012 පෙබරවාරියේදී ඇතිකර ගත් දබරයට පසුගියදා සායිෆ්ට වන්දි ගෙවීමට සිදු විය.

ටජ්මහල් හෝටලයේ ආපන ශාලාවේදී කරීනා, අම්රිතා ආරෝරා සමඟ සායිෆ් කෑ ගසමින් සිටියදී ඔවුන්ගේ ශබ්දය වැඩි බව පැවසුවායි ව්‍යාපාරික ඉක්බාල් ෂර්මාට සායිෆ් අසැබි වචනවලින් බැණ වැදුණේය. ෂර්මා පවසන පරිදි ඔහුව එසේ කෑගසන ලෙස පොලඹවා ඇත්තේ එහි සිටි කාන්තාවන් (එනම් තාරකාවන්) පිරිසයි. සායිෆ් සිරභාරයට ගත්ත ද දඩයක් පනවා නිදහස් කරන ලදී.