වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




නැවතත් වේදිකාවට

නැවතත් වේදිකාවට

රංගන ශිල්පිනී

භද්‍රා නන්දනී

මා රඟපෑ ‘පුංචි වලව්ව’ ටෙලි නාට්‍ය මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. තවත් නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඉදිරියේදී ඒවා විකාශය වේවි. ඊට අමතරව මා නියැළෙන අලුත්ම කටයුත්ත වන්නේ සුසිල්ගේ ‘දෙනුවර දෙන්නෙක්’, ‘සිර කඳවුර’ කියන වේදිකා නාට්‍ය දෙක ඉදිරියේදී වේදිකාගත කිරීමටයි.

ඒ සඳහා මේ වන විට නළු නිළියන් තෝරා ගෙන අවසාන වුණත් පුහුණුවීම් ආරම්භ නොකළේ නළු නිළියන්ට තිබෙන දින ප්‍රශ්නයක් නිසයි. ළඟදී එහි පුහුණුවීම් ආරම්භ කිරීමෙන් පස්සේ ඉක්මනින්ම වේදිකා නාට්‍ය දෙක වේදිකාගත කිරීමට මා බලාපොරොත්තු වෙනවා.