වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු දෙකකට පස්සේ ආයෙත්

අවුරුදු දෙකකට පස්සේ ආයෙත්

රංගන ශිල්පිනී

උදාරි වර්ණකුලසූරිය

වසර දෙකකට පස්සේ මම නැවතත් වැඩ කටයුතු භාර ගත්තා. මගේ පුතාට මේ වෙනකොට අවුරුදු එකහමාරක් නිසා තරමක් මට වැඩ කටයුතු අඩුයි. ඒ නිසා මම ටෙලි නාට්‍ය කිහිපයකම රංගන කටයුතුවල නියැළෙවා. ඒ සාරංග මෙන්ඩිස්ගේ ‘සුසුමට පවා රහසෙන්’ කියන ටෙලි නාට්‍යයේ.

ඒ වගේම නිල්වලා ආයතනයෙන් කරන ‘ආදර දෑසක්’ ටෙලි නාට්‍යයෙත් වැඩ බාර ගත්තා. එහි රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ වේවි. මගේ උපන් දිනයත් ළඟදීම එළඹෙන නිසා මෙවර මා හිතාගෙන ඉන්නේ අනාථ ළමයින් වෙනුවෙන් ඒ වගේ නිවාසයකට වී කාලය කැප කරන්නයි.