වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් අලුත් දෑ සමඟ රොහාන් වැලිවිට

අලුත් අලුත් දෑ සමඟ රොහාන් වැලිවිට

මේ වන විට සිනමා කෘතීන් නිර්මාණය සඳහා දියුණු රටවල් භාවිත කරන ඩිජිටල් තාක්ෂණයෙන් යුතු සිනමා සංස්කරණ සහ කැමරා උපකරණ ප්‍රදර්ශනයක් පසුගියදා ෆයින් විෂන් ආයතනයේදී පැවැත්විණ. එහිදී මෙරට සිනමා ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට එම උපාංග ක්‍රියාත්මක කොට අධ්‍යයනයක යෙදෙන්නට ද අවස්ථාව උදාවිණ.

දේශීය සිනමා ක්ෂේත්‍රයට ඩිජිටල් තක්ෂණය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණ සහිතව මෙම ප්‍රදර්ශනය පැවැත් වූ බව ෆයින් විෂන් ආයතනයේ සභාපති රොහාන් වැලිවිට ‘සරසවිය’ට දැන්වීය.