වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 136

සිංහල සිනමා විස්තරය 136

බට්ටි

තිරගත වූ දිනය – 1984 සැප්තැම්බර් 28 ඉදිරිපත් කිරීම – ජයවර්ධන බ්‍රදර්ස් නිෂ්පාදනය – කරුණාදාස ජයවර්ධන, ඥානසේන ජයවර්ධන, සුමනසේන ජයවර්ධන අධ්‍යක්ෂණය – දයානන්ද ජයවර්ධන කතාව සහ දෙබස් - ඩබ්ලිව්. පී. වික්‍රමනායක (මෙනමින් යුත් චිත්‍ර කතාව ඇසුරිනි) තිර රචනය – අර්නස්ට් වඩුගේ සහාය අධ්‍යක්ෂණය – දයා වයමන් කැමරාකරණය - ඩොනල් කරුණාරත්න කැමරා සහාය – එම්. ඩී. සුමතිපාල සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු සහාය චන්ද්‍රසිරි ගුණරත්න අංග රචනය – එස්. පී. කොස්තා සහාය කේ. ඩී. සිරිපාල කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය - සාලිය ඩයස් කලා අධ්‍යක්ෂණ සහාය – ලයනල් සපරමාදු නැටුම් ඉදිරිපත් කිරීම - රැජිනි සෙල්වනායගම් ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, පාලිත සිල්වා, පාලිත වානගුරු, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, සෝමරත්න පෙරේරා රසායනාගාර පාලක - ජෙරාල්ඩ් බී. ජයවර්ධන රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන, එස්. ගමගේ, ටෙරන්ස් හෙට්ටිආරච්චි, බර්ටි පෙරේරා, එස්. ආර්. කොඩිතුවක්කු, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ධර්මදාස මාපටුන, එච්. සී. පෙරේරා කාර්මික සහාය – යාපා ජයවර්ධන, පී. බී. ආරියදාස, යාපා විජය බංඩාර, නන්දන ප්‍රනාන්දු, ඒ. එච්. සරත් කුමාර, ලලිත් ප්‍රේමතිලක, කිත්සිරි ද සිල්වා, එච්. යූ. රත්නසිරි, නිහාල් පෙරේරා, ජී. ආරුමුගම්, විමලසේන අතිරේක ශබ්ද උපකරණ – එඩ්වඩ් බෝපේආරච්චි කැමරා සහ ආලෝක උපකරණ – ඩී. එන්. එෆ්. සී. ආයතනය නිෂ්පාදන සැලැස්ම – එම්. පී. කේ. ඩී. සුගීස්වර සංස්කරණ උපකරණ - ලෙස්ටර් ජේම්ස් පීරිස් නිෂ්පාදන අංශය ශබ්ද උපකරණ – දිසානායක චිත්‍රපට සමාගම කොණ්ඩා සැකසුම් - සෑම් පෙරේරා නිශ්චල ඡායාරූප – තිලක් ජයවර්ධන සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, උපාලි ධනවලවිතාන, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ආනන්ද එස්. විජේසිරි

ගීත - මල් දුන්න ගත්තේ ද මල්සරා - ත්‍රී සිස්ටර්ස් වාලුකාවේ සිපිරි ගෙයි – නන්දා මාලිනී – පද – අජන්තා රණසිංහ මගේ පැතුම් කලාවේ – මිල්ටන් මල්ලවආරච්චි

වරංගනා විමානයේ – එච්. ආර්. ජෝතිපාල, චන්ද්‍රිකා සිරිවර්ධන

පුංචි සුරතලුන් රංචු ගැහෙන විට

රංගනය - සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, අනෝජා වීරසිංහ, සෝමසිරි දෙහිපිටිය, ආනන්ද වික්‍රමගේ, ඩී. ආර්. නානායක්කාර, විල්සන් කරුණාරත්න, ජයසේකර අපොන්සු, දයානන්ද ජයවර්ධන, රත්නාලී කැකුණවෙල, ශ්‍රියා කළුබෝවිල, කමනී අමරසිංහ, අවන්ති අපොන්සු, සධානා දිල්රුක්ෂි, විජේරත්න වරකාගොඩ, වසන්ත ජයකොඩි, ගාමිණී කුමාර්, ඩන්ස්ටන් නන්දලාල්, දයා වයමන්, කීර්ති හේවාවසම්, ආනන්ද සෝමපාල

සහෝදරියකගේ කතාව

තිරගත වූ දිනය – 1984 ඔක්තෝබර් 12 ඉදිරිපත් කිරීම – රණසිනෙරු චිත්‍රපට

නිෂ්පාදනය – ජයවර්ධන රණතුංග, ප්‍රේමලතා පෙරේරා, අශෝක ධර්මරත්න අධ්‍යක්ෂණය – අශෝක ධර්මරත්න

කතාව, දෙබස් සහ තිර රචනය – ගාමිණී ජයසිංහ

සහාය අධ්‍යක්ෂණය - අශෝක නිශ්ශංක කැමරාකරණය - එම්. වී හේමපාල කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන

සංස්කරණය – ලාල් දිසානායක අංග රචනය – එස්. පී. කොස්තා

කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, ඩබ්. ජී. පොඩි මහත්තයා, පාලිත වානගුරු

රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන

රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන, ශාන්ත අත්තනායක, තිලක් ෆොන්සේකා, එස්. ආර්. කොඩිතුවක්කු, එම්. සී. පෙරේරා සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය (සරසවි)

නිෂ්පාදන කළමනාකරණය – ගාමිණී පතිරණ

නිෂ්පාදන කෘත්‍යාධිකාරි – එමිල්ටන් අක්මීමන

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන

ගීත ගායනය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව, නීලා වික්‍රමසිංහ, අබේවර්ධන බාලසූරිය, ඩී. ඩී. ගුණසේන

ගීත – (මෙම චිත්‍රපටයට ගීත 2 ක් ඇතුළත්ව ඇති අතර ඒ පිළිබඳව නිවැරදි තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. තොරතුරු දන්න කෙනෙක් වේ නම් සරසවිය බාරේ මෙම තීරයට දන්වන්නේ නම් මැනවි)

පැතුමන් බොඳ වී අරමුණු පෙරළී – ඩබ්ලිව්. ඩී. අමරදේව

රංගනය – මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු, කීර්ති හේවාවසම්, විමල් කුමාර් ද කොස්තා, ඩේෂන් අමරසිංහ, දයාසිරි හෙට්ටිආරච්චි, රින්ස්ලි වීරරත්න, පර්ල් වාසුදේවි, දයානන්ද ජයවර්ධන, ගැමුණු විජේසූරිය, බේබි ගුණසේකර (ළමා), අජිත් ලාල් (ළමා), ශ්‍රියා කළුබෝවිල, කුමුදුමලී ද සිල්වා, දොන් ප්‍රේමරත්න, බී. එස්. පෙරේරා, චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි, නිමල් පල්ලේවත්ත, තලතා ගුණසේකර, උදිත ඩයස්

ප්‍රදර්ශනය – අශෝකා ඇතුළු ආරම්භක සිනමා ශාලා 14 කදී ප්‍රදර්ශනය අරඹන ලදී.

රන්මලීගේ වාසනාව

තිරගත වූ දිනය – 1984 ඔක්තෝබර් 19 ඉදිරිපත් කිරීම – ආසිරි චිත්‍රපට සමාගම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – ජෝ මයිකල්

කතාව, දෙබස්, තිර රචනය – හැරල්ඩ් පෙරේරා සහාය අධ්‍යක්ෂණය - නිලේන්ද්‍ර දේශප්‍රිය, කේ. එම්. ඩි. ආරියපාල කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද සහාය ජී. ඒ. ජී. පෙරේරා

සංස්කරණය – කාලිංග ද සිල්වා සහාය – එල්මෝ හැලිඩේ අංග රචනය – ඇස්. පී. කොස්තා කලා අධ්‍යක්ෂණය – විමල් නාවිමන

සටන් අධ්‍යක්ෂණය - ජෝ මයිකල් ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - හෙන්රි ජයමාන්න, උපාලි අරම්පොල, සෝමරත්න පෙරේරා, පාලිත සිල්වා, පාලිත වානගුරු

රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන

රසායනාගාර සහාය – තිලක් ෆොන්සේකා, ටෙරන්ස් හෙට්ටිආරච්චි, ශාන්ත අත්තනායක සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය (සරසවි)

නිෂ්පාදන කළමනාකරණය – චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි

විදුලි කාර්මික සේවා - පීටර් ස්ටැන්ලි, ආර්. එම්. විජේරත්න, ජෝර්ජ් ඇන්ටනි

ප්‍රචරක කළමනාකරු - විමලදාස පෙරේරා

ධාවන කාලය – පැය 1 විනාඩි 46 දිග අඩි 10550

සංගීත අධ්‍යක්ෂණය – විශාරද සනත් නන්දසිරි

ගීත ප්‍රබන්ධය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, රඹුකන සිද්ධාර්ථ හිමි, සිරිල් ඒ. සීලවිමල

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළූ ශබ්දාගාරය

ගීත -

මදිරා වෑහේ ප්‍රේම මීවිතේ - සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි – පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

හසරැල්, කඳුළැල්, වී – මල්කාන්ති නන්දසිරි – පද - සිරිල් ඒ. සීලවිමල

පිපිලා අනේක වසන්ත මල් - පී. වී. නන්දසිරි – පද – රඹුකන සිද්ධාර්ථ හිමි

රංගනය – විජය නන්දසිරි (චන්දන / සේනක), ශිරාණි නුගේරා (රන්මලී), මානෙල් වානගුරු (මානෙල්), චන්දි රසිකා (සුමනා), දෙනවක හාමිනේ (ආච්චි), ජෝ මයිකල් (රණා), ප්‍රෑන්ක් වීරකෝන්, ගීතාල් පෙරේරා, ඉන්ද්‍රජිත් නාවින්න, බී. ඇස්. පෙරේරා, ශාන්ති ගුණරත්න, චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි, රන්ජන් පරණවිතාන, විලී පරණවිතාන, විලී පතිරණ, මොරින් චාරුණී, හියු පරණවිදාන, දේවිකා මිහිරාණි, ටියුඩර් කරුණාතිලක