වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මේනකා එයට සම්බන්ධ නැහැල්ලු අක්ෂා සුදාරි පවසයි

මේනකා එයට සම්බන්ධ නැහැල්ලු අක්ෂා සුදාරි පවසයි

පසුගිය ‘සරසවිය’ කලාපයේ පළ වූ හංසි සිතාරාට පහරදීම සම්බන්ධ ලිපියෙහි ඊට අදාළ සියලු පාර්ශවයන් අදහස් දැක් වූ අතර අක්ෂා සුදාරි පමණක් කිසිත් පැවසුවේ නැහැ.

නමුත් ඇය කියා සිටියේ ළඟදීම දිනයක ඒ ගැන ‘මාර කතාවක්’ තමන්ට පවසන්නට ඇති වගයි. ඇයගේ ‘මාර කතාව‘ කුමක්දැයි දැනගන්නට අප ආක්ෂාව සම්බන්ධ කර ගත්තා.

අයියේ මට ටිකක් සනීප නැහැ. මං ඒ ගැන තව සතියකින් කියන්නම්.

ආක්ෂා එහෙම කිව්වා. ඇය වචන උච්චාරණය කළේ ද හෙමින්.

එක දෙයක් කියන්න ඕනේ. මේනකා මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ. එයාට වැදිලා තියෙන්නේ කොහේවත් යන මඩක්. ඉතින් මං මේ ගැන ඇත්තම විස්තරේ කියන්නම්. මට ටික කාලයක් දෙන්න ප්ලීස් . . -ප්‍රසාද්.