වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මේරියන්ස් නලින්ගෙන් අලුත් ගීතයක්

මේරියන්ස් නලින්ගෙන් අලුත් ගීතයක්

මේරියන්ස් නායක නලින් පෙරේරා ගයන අලුත්ම ගිතය ‘අහක බලාගෙන ඔබ තවමත්’ නලින්ගේ වෙනස්ම ආරකින් අප හමුවීමකි. ඒ සමඟම ජන ගී ආරේ සංගීතයට නමක් දිනූ ’අවාරේ පැණි මොර මල්’ ගීයෙන් රටම හඳුනාගත් සමන් ලෙනින් වෙනස්ම මඟකික් දැන් ‘සඳ පිබිදී නෑ තිබුණේ’ නම් ඔහුගේ නවතම ගීියෙන් ශ්‍රාවකයන් අතරට එක්වේ.

මේ දිනවල විද්‍යුත් මාධ්‍ය තුළ ජනප්‍රිය ඒ ගීත දෙකෙහිම රචකයා ජනප්‍රිය රසායන විද්‍යා දේශකවරයකු වන චරිත දිසානායකයි. චරිතගේ පද රචනාවන් සංගීතවත් කළේ සංගීත් විජේසුරියට ‘මී මට බෑ’, කසුන් කල්හාරට මල් මිටක් ආදී ජනප්‍රිය ගීත රැසකට ද වේදිකා හා ටෙලි නාට්‍ය ගණනාවක ද සංගීත අධ්‍යක්ෂවරයා වූ හර්ෂ ආරියසිංහයි.

මේ අලුත්ම ගීත සමඟ අප හඳුනාගත් නවක ගීත රචක චරිත දිසානායක අපට මෙසේ පැවසීය.

‘අහක බලාගෙන ඔබ තවමත්’ ගීතය ලියැවුණේ මීට අවුරුදු හත අටකට කලින්. ‘සඳ පිබිදී’ පදවැල රචනා කළේ නම් මෑතකදී. ඇත්තටම මේ පවතින සංගීත රැල්ලට මගේ එතරම් කැමැත්තක් නැහැ.