වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සුමති සම්මාන ලද පුංචි තිරයේ තරු පෙරහර

සුමති සම්මාන ලද පුංචි තිරයේ තරු පෙරහර

දහඅට වැනි වරට පැවැත්වූ සුමති ටෙලි සම්මාන උළෙලේ දී හොඳම ටෙලි නාට්‍යය ලෙස ආනන්ද අබේනායක නිෂ්පාදනය කළ ‘මේ වසන්ත කාලයයි’ සම්මානනීය විය. උත්කර්ෂවත්ව පැවැත්වූ සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වූයේ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මියයි. සම්මාන උළෙලේ සම්මාන පිළිවෙළ පහත දැක්වේ.

යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය – මහාචාර්ය, සංගීත් නිපුන් සනත් නන්දසිරි. ප්‍රවීණ රංගන ශිල්පිනී පුණ්‍යා හීන්දෙනිය.

හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍යය - ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ආනන්ද අබේනායක ගේ ‘මේ වසන්ත කාලයයි’.

හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ – 1 වැනි ස්ථානය - ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු (මේ වසන්ත කාලයයි) – 2 වැනි ස්ථානය - ආනන්ද අබේනායක (අහසින් වැටුණා) – 3 වැනි ස්ථානය - විමලරත්න අධිකාරී (ඉසිවර රණකෙළි) – 4 වැනි ස්ථානය – චාමර ජනරාජ පීරිස් (පියවි).

හොඳම ටෙලි නාට්‍ය නළුවා - විශ්වජිත් ගුණසේකර (මේ වසන්ත කාලයයි).

හොඳම ටෙලි නාට්‍ය නිළිය - කාංචනා මෙන්ඩිස් (මේ වසන්ත කාලයයි).

ජනපි‍්‍රයම ටෙලි නාට්‍යය - චායා (සිරස ටී.වී).

ජනපි‍්‍රයම ටෙලි නාට්‍ය නළුවා - විශ්ව කොඩිකාර.

ජනපි‍්‍රයම ටෙලි නාට්‍ය නිළිය - ඩිනක්‍ෂි පි‍්‍රයසාද්.

හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා - නාමල් ජයසිංහ (මේ වසන්ත කාලයයි).

හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය - චමිලා පීරිස් (සත්කුළු පව්ව).

හොඳම නැඟී එන ටෙලි නාට්‍ය නළුවා - එරංග ජීවන්ත (පියවි).

හොඳම නැඟී එන ටෙලි නාට්‍ය නිළිය - තිසුරි යුවනිකා (අවසරයි පියාඹන්න).

හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය - ‘මනුෂ්‍යයා’ (සන්තුස ලියනගේ).

හොඳම ටෙලි නාට්‍ය තිර රචනය - ‘මේ වසන්ත කාලයයි’ (අරුණ ප්‍රේමලාල්).

හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්‍ෂණය - ධම්මික රත්නායක (අහසින් වැටුණා).

හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය - මිත්‍ර කපුගේ (ඉසිවර රණකෙළි).

හොඳම සංගීත වැඩසටහන - ආලකමන්දාව (හෙළ ගී රැජන ලතා - විනීතා කරුණාරත්න).

හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය - වසන්ත කුමාර කොබවක (‘මලේ බඹරු රඟන’ මොනරතැන්න).

හොඳම ටෙලි නාට්‍ය ගායනය - අමරසිරි පීරිස්, ශෂිකා නිසංසලා (‘මලේ බඹරු රඟන’ මොනරතැන්න).

හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන - ‘වෙනස’ (රාවණ ඇල්ල) මංජුල ඇතුගල, අංජන ජයතුංග, චතුරංග ධනසේකර.

හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය - 1 වැනි ස්ථානය - ස්වාධීන රූපවාහිනී සේවය - 2 වැනි ස්ථානය ජාතික රූපවාහිනිය.

හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය - 1 වැනි ස්ථානය - දෙරණ ටී.වී - 2 වැනි ස්ථානය - ස්වර්ණවාහිනිය.

හොඳම රූපවාහිනී පූරක - සංජීව එදිරිමාන්න (ස්වාධීන රූපවාහිනී සේවය).

හොඳම ප්‍රවෘත්ති නිවේදක - 1 වැනි ස්ථානය චවිකා ගුණසේකර (ස්වර්ණවාහිනිය) – 2 වැනි ස්ථානය චමින්ද ගුණරත්න (ජාතික රූපවාහිනිය) – 3 වැනි ස්ථානය දිල්කා සමන්මලී (දෙරණ ටී.වී).

ජූරියේ විශේෂ සම්මාන - 1. ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ ‘මාලිමා’ වැඩසටහන – 2. ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ එරින් විජේකෝන්, සිසිර විජේසිංහ සහ චන්ද්‍රසිරි තඹවිට ඉදිරිපත් කළ ‘රිවිෂන්’ වැඩසටහන – 3. ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කළ කපිල කුමාර කාලිංග ලියා අජිත් ලොකුගේ අධ්‍යක්‍ෂණය කළ ‘පරණ ටවුම’ මාලා නාටකය.

හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය - සුනෙත් නන්දලාල් (ඉසිවර රණකෙළි).

හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය - ජගත් වීරතුංග (අහසින් වැටුණා).

හොඳම ටෙලි නාට්‍ය වෙස් ගැන්වීම - වසන්ත පූර්ණවංශ (අහසින් වැටුණා).

හොඳම රූපවාහිනී ළමා වැඩසටහන – ‘ටොමියයි කිටියයි’ (අතුල රන්සිරිලාල්).

හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන – ‘ත්‍රිලක්‍ෂණ’ (රංජීවනී බැද්දෙවිතාන - දෙරණ).

හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන – ‘වැව් ගම්පත්තුවේ සිරිබර ගොවි ගැබ්බර සිරියාව’ (නාමල් ප්‍රසන්න).

හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන – ‘ජනහඬ’ (ශාන් වික්‍රමසිංහ, උදිත මංගල).

හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන - කොටබකිනියේ කෙරෙන මංගල්‍යය (පි‍්‍රයන්ත මද්දුමගේ – සී. එස්. එන්)

හොඳම වෙළෙඳ දැන්වීම් – 1 වැනි ස්ථානය ‘Leo Burnett Solution’ ආයතනයේ ඛ්ධජචජධතච වෙනුවෙන් කළ ‘මිනිටි මේඩ් මික්ස් ෆෘට්’ දැන්වීම. 2 වැනි ස්ථානය - සර්වා ඉන්ටර්ග්‍රේටඩ් ප්‍රචාරක ආයතනය වෙනුවෙන් කළ ‘ලංකා බෙල්’ කොස් ගස වෙළෙඳ දැන්වීම. 3 වැනි ස්ථානය – එටිසලාට් වෙළෙඳ දැන්වීම වෙනුවෙන් රෙස්පොන්ස් මාර්කටින්. කුසලතා සම්මානය – කමර්ෂල් ක්‍රෙඩිට් ‘රන් ණය’ දැන්වීම වෙනුවෙන් සර්වා ඉන්ටර්ග්‍රේටඩ්.

හොඳම ශ්‍රව්‍ය දෘශ්‍ය ගීතය – 1 වැනි ස්ථානය - කොළ කැඳ, වයිඩ් ඈන්ගල්. 2 වැනි ස්ථානය – මිරිඟුව පරදා, ෆයිවිෆෙ‍්‍රාග්ස් මූවීස්. 3 වැනි ස්ථානය – ‘මහා පුරුෂ’ තමිල වීරහන්දි. කුසලතා සම්මානය – අතුල අධිකාරී, සමිතා මුදුන්කොටුව ගයන ‘ඉවසයිද මන්දා’. වෛද්‍ය නීල් සෙනෙවිරත්න සහ චතුරිකා ගීතාලි ගයන ‘නන්දා’ ගීතය.

ප්‍රශස්ථ අගැයීම් සම්මානය - බෞද්ධයා නාළිකාවේ විකාශය වූ ‘බෝසත් සිරිත’ වැඩසටහන වෙනුවෙන් එම නාළිකාවේ සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි.

වෙනත් කුසලතා සම්මාන – අහසින් වැටුණා ටෙලි නාට්‍යයේ ‘නතාලියා’ ලෙස රඟ පෑ සෙනුරි වාකිෂ්ට. ඉසිවර රණකෙළි ටෙලි නාට්‍යයේ ‘කෂ්මිරා’ ලෙස රඟ පෑ නෙත්මි උමායා අධිකාරි. අහසින් වැටුණා ටෙලි නාට්‍යයේ ‘සීසර්’ ලෙස රඟ පෑ දසුන් පතිරණ.

මේ වසන්ත කාලයයි ටෙලි නාට්‍යයේ ‘ලොයිඩ්’ ලෙස රඟ පෑ පි‍්‍රයන්ත සිරි කුමාර. ‘මං ආසයි මට කියන්න’ ළමා වැඩසටහන අධ්‍යක්‍ෂණය කළ ජනක සුජීව. ‘මුතු පිහාටු’ ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂණය කළ ලිලන්ත කුමාරසිරි. ‘මේ වසන්ත කාලයයි’ ටෙලි නාට්‍යයේ රඟ පෑ ජයනී සේනානායක.