වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




එහෙම වුණත් මෙහෙමයි

එහෙම වුණත් මෙහෙමයි

වීනා මලික්, සරාගී වචනයට තවත් අරුතක් වැනිය. මුළු ලොවම ඇය ගැන එසේ සිතා සිටියත් වීනා කියන අන්දමට නම් ඇයට හාදුවක් දීම පවා පහසු කටයුත්තක් නොවෙයි.

‘සෑම සබඳතාවකටම තේරුමක් තිබෙනවා. මං කා හා සමඟ සබඳතාවක් පවත්වද්දිී ඒ පුද්ගලයා ගැන අවබෝධයක් ලබන්න සෑහෙන කාලයක් ගත කරනවා.

කිසිම කායික සබඳතාවකට පළමු වසරේදී ඉඩ ලැබෙන්නේ නැහැ. මං හාදුවක් දෙන්නවත් අවසර දෙන්නේ ඇසුරට මාස හයක්වත් ගිය පසුවයි. පෙම්වතුන් රැසක් ඇසුරු කළ බව සැබෑවක්. ඒත් ඒ හැම කෙනෙක් සමඟම යහන්ගත වෙලා නැහැ.’

පෙම් සබඳතා ගැන එසේ පවසන වීනා මලික් තමන් සබඳතාවකදී වඩාත්ම බලාපොරොත්තු වෙන දේ අවංකකම බව පවසන්නීය. ජීවිතය පාලනය කරන, රහස් පරීක්ෂකයන් සේ ක්‍රියාකරන අයට ඇය කොහෙත්ම අකැමැතිය.

‘මං හරිම සරල කෙල්ලෙක්.’ ලොවම ඇය හඳුනාගෙන සිටින්නේ වෙනස් අයුරින් වුවත්, ඇය තමන් දකින්නේ එලෙසයි.

පාකිස්තානු ජාතික වීනා මේ වන විට හින්දි සිනමාපට නවයක රඟපා තිබේ.

වීනා, ඇන්ජලිනා ජොලී, මෙගන් ෆොක්ස්, පැරිස් හිල්ටන්, කිම් කාඩෂියන්, ශිල්පා ෂෙට්ටි, සෝනම් කපූර් වැනි සරාගී තාරකාවන් අතර සිටින්නියකි.

උපන් දිනය දා මිනිත්තුවකට වැඩිම හාදු ගණනක් දී ඇය ගිනස් වාර්තා පොතට ද එක් වී තිබේ. වීනා පරාජය කළේ සල්මන් ඛාන් තබා තිබූ වාර්තාවයි. 2013 ආරම්භයේදී ඇය මෝර්වේහි පදිංචි පාකිස්තානු ව්‍යාපාරික උමර් ෆාරුක් සහූර් සමඟ සබඳතාවක් පවත්වන බවට රාවයක් පැතිරුණි.