වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් අයිඩියා එකක්

අලුත් අයිඩියා එකක්

තීක්ෂණ අනුරාධ සිරස සුපිරි තරු මාවතෙන් ගායන ලොවට පිවිසි ගායන තරුවක්. පසුගිය කාලයේ ඔහු ගැයූ ගීත බොහෝමයක් රසික ඔබ අතර බෙහෙවින් ජනප්‍රිය වුණා. ‘සඳ රේණු ගලන’, ‘ඔබ තරම් පෙම් කළ’, ‘ආයෙත් හඬන්න’ වැනි ගීත වගේම පසුගියදා විකාශය නිමා කළ ‘සේපාලිකා’ ටෙලි නාට්‍යයේ ඔහු ගැයූ තේමා ගීතයත් ගොඩාක් ප්‍රතිචාර ලබාගත්තා. මේ හැම ගීතයක්ම ආදරය ගැන කියවෙන ඒකාකාරී ගීත කියලාලු තීක්ෂණට දැන් හිතිලා තියෙන්නේ. මේ නිසාම ලොකුª වෙනසක් කරන්න තීක්ෂණ සූදානම් වෙනවා කියලයි ආරංචියි.

තීක්ෂණගේ බලාපොරොත්තුව මේ ඒකාකාරී ගීත රටාවෙන් මිදිලා රිදම් එක ටිකක් වැඩි නැගලා යන ගීතයක් නිර්මාණය කරන්න තමයි. ඉතිං තීක්ෂණ තම අදහස යහළුවන්ට කියලා. ඒ අදහසට හොඳ ප්‍රතිචාර ලැබුණා වගේම සමහර යහළුවෝ නම් කියලා තියෙන්නේ මේ වැඩේ ඒ තරම්ම හරි යන එකක් නැහැ කියලා. ඒ වුණත් තීක්ෂණගේ අදහස ටිකක් වෙනස් ගීතයක් රසික රසිකාවන්ට තිළිණ කරන්න ඕනෑ කියන එක තමයි.

මේ දවස්වල ඔහු මේ වෙනසට සූදානම් වෙමිනුයි සිටින්නේ. ඒ කියන්නේ අපට ළඟදීම තීක්ෂණගෙන් අලුත් සිංදුවක් අහන්න ලැබෙනවා කියන එකයි. අපි හැමෝම තීක්ෂණට සුබපතමු මේ අලුත් ගීතය හිට් වෙන්න කියලා.