වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




භයානකම කතාන්තර

භයානකම කතාන්තර

දැස්, දෑතින් වසාගෙන හෝ සිත බියෙන් ත්‍රස්ත කරන සිනමාපට නැරැඹීමට කොයි කවුරුත් කැමැතියි. තිරයේ සුදු චරිත නොවුණත් මේ චරිත ද මතකයට අමතක නොවෙයි.

මෑතක දී කළ රසික මත විමසුමකදී බ්‍රිතාන්‍ය රසික කැල අංක එකේ භයානක සිනමා චරිතය ලෙස තෝරා ගෙන ඇත්තේ තෝමස් හැරිස්ගේ නවකතා මාලාවේ ආ හනිබල් ලෙක්ටර් චරිතයයි.

මෑන්හැටන් නමින් මේ නවකතා මාලාව මුලින්ම සිනමාපටයට නැඟිණි. එම කතා මාලාවේ ‘ද සයිලන්ස් ඔෆ් ද ලෑම්බීස්’ සිනමාපටයේ හනිබල් ලෙක්ටර් ලෙස රැඟූ ඇන්තනි හොප්කින්ස් 1991 දී ඔස්කාර් සම්මානයට ද පාත්‍ර විය.

වසර 2010 දී එන්ටර්ටෙයින්මන්ට් වීක්ලි මඟින් පසුගිය විසි වසරේ විශිෂ්ටම චරිත සියයෙන් එකක් ලෙස ද මෙය නම්කර තිබේ. රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ද ඇන්තනි හොප්කින්ස් රැගූ චරිතයයි.

අති භයානක සිනමා චරිතය හනිබල් ලෙක්ටර් බවට පත්වෙද්දී, නයිට්මෙයා ඔන් එල්ම් ස්ට්‍රීට් හි ෆෙ‍්‍රඩි කෘගර් දෙවැනියා බවටත්, මිනීමරු උන්මන්තකයකු වූ නෝමන් බේට්ස් තෙවැනි භයානක සිනමා චරිතය බවටත් පත් විය.