වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ගවුම ද හිත ද

ගවුම ද හිත ද

රංගන ශිල්පිනී මානෙල් වානගුරු පසුගිය දවසක ටෙලි නාට්‍යයක මුහුරත් උළෙලකට සහභාගි වුණා. ඇය මේ අවස්ථාවට ඇඳගෙන ඇවිත් හිටියේ රතුපාට ගවුමක්.

මානෙල් සුදු නිසාම රතු ගවුම නිසා ඇය මේ අවස්ථාවේදී ටිකක් විශේෂයෙන් කැපී පෙනිලා තියෙනවා. එදා හැමෝම ඇයට කිව්වේ ‘ඔයා අද ලස්සනයි’ කියලා.

මානෙලුත් ඒ හැමෝටම කිව්වේ ‘මගේ හිත හොඳයි. ඒ නිසා තමයි ලස්සන’ කියලා. මේ අතරේ එතන හිටපු තවත් හිතවතෙක් එක පාරටම කිව්වේ මෙහෙම දෙයක්. ‘ඔය ඇඳුමේ රතු පාට නිසා තමයි ඔයා ලස්සනට පේන්නේ’ කියලා.