වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ඩග්ලස්ගේ බෙරහඬ 21 වැනිදා

ඩග්ලස්ගේ බෙරහඬ 21 වැනිදා

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය සඳහා විශිෂ්ට සේවයක් කළ ප්‍රවීණ නාට්‍යවේදී දිවංගත බන්දුල ජයවර්ධනයන්ගේ 10 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ‘ටවර් නාට්‍ය හා රංග කලා’ පාසලේ විද්‍යාර්ථීන්ගේ උපහාරාත්මක රංග කාර්යයක් ලෙස හැටේ දශකයේදී ඔහු විසින් නිෂ්පාදනය කළ ‘බෙරහඬ’ නාට්‍යය නව නිර්මාණයක් ලෙසින් මෙම 12, 13, 14 දිනයන් හි පස්වරු 6.30 ට මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගත වේ.

සම්භාව්‍ය ගී‍්‍රක නාට්‍ය රචක සොෆොක්ලීස් ගේ ඉක්නෙවුතායි නමැති නාට්‍යය ඇසුරෙන් නිර්මාණය කර ඇති ‘බෙරහඬ’ නාට්‍යයෙහි නව නිෂ්පාදනය ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන ගෙනි.

මෙහි ගී තනු එච්. එස්. බණ්ඩාර සහ ඔස්ටින් මුනසිංහ ගෙන් වන අතර මෙහි සියලුම චරිත රගපානු ලබනුයේ රංග කලා පාසලේ විද්‍යාර්ථීන් විසිනි.

මෙහි මංගල දර්ශනය 12 වැනි දා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවේ.