වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සෝමසිරි මැදගෙදරගෙන්

සෝමසිරි මැදගෙදරගෙන්

‘එක හීනයයි’

එක හීනයයි සිත් දෙකට තිබුණේ
ඒ හීනයයි අපි නිරතුරුව බැලුවේ
නුදුටු ලෝකයක කොහෙදෝ ඉඳන්
කවුද එහි ආවේ ඔබවම සොයන්
ඇයි ඉඩ දුන්නේ සිත් දොර ඇරන්
අපෙ ලෝකයම විසිරී ගිහින්

අහසෙ තැන් තැන් පුරා
තිබුණු තරුමල් දිහා
මං බැලුවේ නෑ සඳ නිසා
සඳ යන්න යයි හැංගිලා

සිතක විරහව නිසා
විඳින රිදවුම් දිහා
ඔබ බැලුවේ නෑ නැවතිලා
හිටි තැනම මං තනිවෙලා

මේ ගීතය ලාංකේය රසික හදවත්වලට විරහ ගීතයෙන් ආමන්ත්‍රණය කළ සෝමසිරි මැදගෙදරගේ නවතම විරහ ගීතයයි. කාලයකට පසුව සෝමසිරි මැදගෙදරගේ හඬින් ගැයෙන මේ ගීතයෙහි විශේෂත්ව කිහිපයක් ද තිබේ.

ඒ එනම් ‘එක හීනයයි සිත් දෙනට තිබුණේ’ ගීතයෙහි සංගීතය හා තනු නිර්මාණය වී තිබෙන්නේ රේගේ සංගීතයට වීමයි. අනෙක් විශේෂත්වය නම් සෝමසිරි මැදගෙදරගේ ගීතයක් රූප රචනාවක් මගින් එළි දැක්වුණු ප්‍රථම අවස්ථාව ද වීමයි. මේ ගීතයේ සංගීතය භාෂණ මඩගම්මනයි.ගීතයෙහි පද ලසිත ජයනෙත්ති ආරච්චිගේයි.