වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




පෙරළුණු පිට හොඳම හොඳයි

පෙරළුණු පිට හොඳම හොඳයි

කීර්ති රංජිත් කියන්නේ කලා ලොවේ කාලයක් ඉඳලා ජනප්‍රිය චරිතයක්. ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ පින්සිරි විදියට කීර්ති ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවා. කොහොම වුණත් කීර්ති වෘත්තියෙන් පොලිස් සැරයන්වරයෙක්.

ඔහුට පසුගිය දවසක නුවරඑළිය ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලැබුණා. ඒ නිසාම ඔහු දැන් සිටින්නේ හරිම සතුටින්. මොකද දන්නවද? ගොඩක් ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට රූගත කෙරෙන්නේ නුවරඑළිය හා ඒ අවට ප්‍රදේශවල.

ඒ සඳහා පැමිණෙන කලා ක්ෂේත්‍රයේ හැමෝම කීර්තිගේ හිත මිතුරන්. ඉතිං දැන් කීර්තිට ඒ අයව ඇසුරු කරන්න වගේම චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක චරිතයක් රඟපාන්නත් පුළුවන්. ඒ නිසා කීර්ති හරිම සතුටින් සීතලේ නුවරඑළියට වෙලා තමන්ගේ රාජකාරි කටයුතු කරගෙන ඉන්නවා.