වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




 බැරි වුණත් . . .

 බැරි වුණත් . . .

තරුවකට, තාරකාවකට රඟපෑමට සිදුවන්නේ කැමැති දෙයටත් වඩා අකැමැති දේය. ඇතැම් රංගන ජීවිත කාලය පුරාම මතකයේ රැඳෙන තරමට අමිහිරිය. කරීනා කපූර් ඛාන්ට මෑතක දී රඟන්නට සිදුවූයේ සිරුරේ රෝම කෙළින් වෙන අත්දැකීම් ලැබෙන චරිතයකි. චිත්‍රපටය ‘ගෝරි තෙරේ ප්‍යාර් මේන්’ය. එහි ඇය රඟන්නේ මාවතේ සුනඛයන්ට බිස්කට් කවන තරුණියකගේ චරිතයකි.

කරීනා සැබෑ ජීවිතයේ දී සුනඛ සුරතලකුගේ හිමිකාරියකි. එහෙත් මාවතේ සුනඛයන්ට කැවීමට ගිය කරීනා පාර පුරා සිටින සුනඛයන් තමන් වෙත එනු දැක තැතිගෙන බිස්කට් දීම ප්‍රතික්ෂේප කර තිබේ. අවසානයේදී අධ්‍යක්ෂ අනිත් මල්හෝත්‍රාට අවශ්‍ය පරිදි දර්ශනය රූගත කිරීමට උදව් වී ඇත්තේ කරීනාගේ පෙම්වතාට රඟන ඉම්රාන් ඛාන්ටය. සැබෑ ජීවිතයේදී ඉම්රාන් ඛාන් සුනඛයන්ට සෙනෙහස දක්වන්නෙකි. එහෙත් සිනමාපටයේ ඔහු රඟන්නේ සුනඛයන්ට අකැමැති චරිතයකි.

කරීනාට මේ චිත්‍රපටය සුවිශේෂී වෙන්නේ ඇය සිය නිළි ජීවිතයේ ප්‍රථමවරට සැබෑම ගමක රූගත කිරීමකට සහභාගී වූ අවස්ථාව ද මෙය නිසයි.