වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සීත හිමගිර සීත නොදැනේ

සීත හිමගිර සීත නොදැනේ

පසුගිය දිනෙක නිතීඥවරුන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරිවරුන් වැනි ඉහළ පෙළේ වෘත්තීයවේදීන් පිරිසක් සහභාගි වූ අපූරු සාදයක් පැවැත්වුණා. ඉතාම කාර්යබහුල ජීවිත ගෙවන මේ හැමදෙනාම කාලයකින් හමු වූ මේ අවස්ථාව හැමෝටම ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවක් වෙලා. ඉතිං මේ සාදයේ ප්‍රීතියත් සමඟ තම තමන්ගේ කැමැත්ත විමසන පුංචි සෙල්ලමකුත් කරන්නට මේ පිරිස සූදානම් වෙලා. තම තමන් කැමැති චිත්‍රපටය, හොඳම නළුවා, නිළිය, ප්‍රේම ගීතය වගේ දේවල් තෝරන්න තමයි එහි තිබුණේ. මේක කලින් සූදානම් කරගෙන තිබූ අවස්ථාවක් නොවුනත් එදා එතැන සිටි 54 දෙනෙකුගෙන් 46 දෙනෙකුගේම හිත ගත් ප්‍රේම ගීතය බවට පත්වුණේ ජනප්‍රිය සිංහල ගීතයක්.

“සීත අරණේ සුපුල් නාමල්

සුවඳ ගැල්වූ ජීවිතේ..

සීත හිමගිර සීත නොදැනේ

දැනේ උණුසුම ආදරේ...”

විජය ධර්මශ්‍රී අධ්‍යක්ෂණය කළ රවීන්ද්‍ර රන්දෙනිය සහ මාලිනි ෆොන්සේකා ප්‍රධාන චරිත රඟපෑ ‘ආරාධනා’ චිත්‍රපටයේ මේ ගීතය තමයි එදා වැඩිම කැමැත්ත බවට පත් වූණේ. පෙර දැනුම්දීමකින් තොරව වුනත් මේ හැමදෙනාගේම කැමැත්ත එකම දෙයක් බවට පත්වීම හරිම පුදුමයක් තමයි.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සත් මේ සාදයට එදා සහභාගි වෙලා තිබුණා. ඔහු මේ විශේෂ සිදුවීමේ මතකය බෙදා හදා ගත්තේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙනිය සමඟින්. ඒ පසුගියදා පැවැති වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ ගේ උපන්දින සාදයේදීයි.