වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකා ලයිව් නමින් සම්මාන උළෙලක්

ලංකා ලයිව් නමින් සම්මාන උළෙලක්

ලාංකේය සිනමා ශිල්පීන්ට උපහාර දක්වනු පිණිස සිනමා සම්මාන උළෙලක් පැවැත්වීමට www.lankalivestar.com වෙබ් අඩවිය සහ Endless World Events  ආයතනය සූදානම් වෙයි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය 2014 ජනවාරි 31 වන දින කොළඹදී පැවැත්වෙන අතර ඒ සඳහා 2013 වසරේ තිරගත වූ සියලුම සිංහල චිත්‍රපට සලකා බලනු ලැබේ.

මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වනුයේ උළෙල පැවැත්වෙන අවස්ථාවේදීම සම්මාන පිළිබඳ විනිශ්චයන් ගැනීමයි. සම්මාන පිරිනැමීම සඳහා නිර්දේශ වන චිත්‍රපට සහ ශිල්පීන්ගේ නම් කලින් ප්‍රසිද්ධියට පත් කෙරෙන අතර උළෙල පැවැත්වෙන අතරතුරදීම ජූරි සභාව මඟින් අවසාන විනිශ්චයන් ගැනීම සිදු කරන අකාරය ප්‍රේක්ෂකයන්ට සජීවී ලෙස දැක බලා ගැනීමට අවස්ථාව සැලසෙයි.

ප්‍රථම වරට සිනමා සාහිත්‍ය කෘතියක් සඳහා සම්මාන පිිරිනැමීම ද මෙම උළෙලේ තවත් විශේෂත්වයකි. එම සම්මාන ප්‍රදානය සඳහා 2013 වසර තුළ පළ කෙරුණු සිනමා සාහිත්‍ය කෘති සලකා බලනු ලැබේ.

එකී සම්මානවලට අමතරව කෙටි චිත්‍රපටකරණයෙහි යෙදී සිටින නිර්මාණකරුවන් දිරිමත් කිරීම සඳහා 2013 වසර තුළ නිෂ්පාදික කෙටි චිත්‍රපටවලට සම්මානයක් පිරිනමනු ලැබේ. ඒ සඳහා නිර්මාණ භාර ගැනීම දෙසැම්බර් 31 දින තෙක් සිදු කෙරේ.

විනිශ්චය මණ්ඩලයේ නිර්දේශ මත කෙරෙන ප්‍රධාන සම්මානයන්ට අමතරව 2013 වර්ෂයේ තිරගත වූ චිත්‍රපටවලට දායක වූ නළු නිළියන් අතරින් ජනප්‍රියම නළුවා සහ නිළිය සඳහා ද සම්මාන පිරිනැමේ. එම සම්මානයන් පිරිනමනු ලබන්නේ ප්‍රේක්ෂක ඡන්දයෙනි.

කෙටි චිත්‍රපට ඉදිරිත් කිරීම සඳහා ද, සාහිත්‍ය කෘති ඉදිරිපත් කිරීම සහ අනෙකුත් සියලුම විමසීම් සඳහා ද නො. 18, ටිකල් පාර, කොළඹ 08 යන ලිපිනයෙන් සහ 0117593922 යන දුරකථනයෙන් ද විමසීම් කළ හැකිය.