වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

ප්‍රවීණ සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ලිපිනය සඳහන් කරන්න පුළුවන්ද?

අමිල කොඩිතුවක්කු, රත්නපුර, අංගම්මන පාර

‘ස’ විචිත්‍ර, නාවින්න, මහරගම.

හර්කියුලිස්, ස්පාටකස් යන චිත්‍රපට ගැන කෙටි විස්තරයක් දැනගත හැකිද?

අයිලින් සෝවිස්, වැලිසර, රාගම.

හර්කියුලිස් නමින් 1997 දී හා 1983 දී චිත්‍රපට දෙකක් තැනුණා. 1997 දී තැනුණ චිත්‍රපටය සජීවිකරණ චිත්‍රපටයක්. 1958 දීත් හර්කියුලීස් චිත්‍රපටයක් නිර්මාණය වූවා. එය අධ්‍යක්ෂණය කළෙ පියොත්‍රෝ ෆ‍්‍රැන්සිස්කෝ නැමැති ඉතාලි ජාතිකයායි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ස්ටීව් රිව්ස් නැමැති අයෝමය පුරුෂයායි.

ස්ටැන්ලි කියුබ්‍රික් නැමැති ලෝකයේ බිහි වූ විශිෂ්ඨ ගණයේ සිනමාකරුවා විසින් 1960 වසරේදී නිර්මාණය කළ ‘ස්පාටකස්’ අදටත් බොහෝ විචාරකයන්ගේ අවධානයට යොමුවන චිත්‍රපටයක්. එය යුනිවසල් සමාගම මඟින් නිපදවන ලද චිත්‍රපටයකි. එය 1960 වන විට ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටයයි. ස්පාටකස් චිත්‍රපටයට පාදක වුණේ ඓතිහාසික කරුණුවලට වඩා හොවාර්ඩ් ෆාස්ට් ගේ නවකතාවයි. හොලිවුඩයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම සිනමා නළුවා ලෙස සැලකෙන කර්ග් ඩග්ලස් මෙම චිත්‍රපටයේ රඟපෑමෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. එමෙන්ම සිනමා නිර්මාණයක් ලෙසත් ස්පාටකස් ඉතාම දැවැන්ත නිර්මාණයක් හැටියට සැලකිය යුතුයි.

අයිලින්, විදේශ චිත්‍රපට දෙකක් ගැන එකවර ඇසුවාම ඒ චිත්‍රපටය සඳහා දිය හැකි ඉඩකඩ සීමිතයි.

අක්ෂේ කුමාර්, සුනිල් ෂෙට්ටිගේ, රවීනා තන්ඩන් යන හින්දි නළු නිළියන්ගේ ලිපිනයන් පල කරන්න.

චතුරංග සම්පත්, තුන්තාන

Akshey Kumar, A Wing, Lokandwala, Complex, ANDHERT WEST, MUMBHAI - 400026
Sunil Shetti, 18/B, Prithvi Apartment, Altamount Road, MUMBHAI - 400026
Raveena Thandan, Thandan House. Nippon Society, Juhu Church Road, MUMBHAI - 400049
 

බඩුත් එක්ක හොරු චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුද? එහි රඟපෑ නළු නිළියන් කවුරුද? සංගීතය, ගායක ගායිකාවන් කවුරුද?

ජයලත්, ගම්පහ

අධ්‍යක්ෂ රංජිත් සේනවීර, සංගීතය සෝමදාස ඇල්විටිගල, ගායනය ආචාර්ය අමරදේවයන්, සරත් සන්දනායක, හරූන් ලන්ත්‍රා. මෙය සිංහල සිනමාවේ 198 වැනි චිත්‍රපටය හැටියටයි තිරගත වුණේ. 1969 තිරගත වුණ මෙහි ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ජීවරාණි කුරුකුලසූරිය, වොලී නානායක්කාර, පියදාස ගුණසේකර, ජානකී කුරුකුලසූරිය, ලිලියන් එදිරිසිංහ, පියදාස විජේකෝන්, දොන් සිරිසේන, පූජිත මෙන්ඩිස්, ෂේන් ගුණරත්න, චිත්‍රා වාකිෂ්ඨ, ලොයිඩ් වාකිෂ්ඨ, මියුරි සමරසිංහ, ජෝ මයිකල් හා තිස්ස අබේසේකර රඟපෑවා.

අද සිටින ගායකයින් ජනප්‍රිය වන්නට හදන්නේ අමරණීය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගීත ගායනා කිරීමෙන්. ඔබ එය අනුමත කරනවාද?

පී. වයි. අනුලාවතී, කුඩගම, අවිස්සාවේල්ල

මම නම් එහි කිසිම වරදක් දකින්නේ නැහැ. ජෝතිපාලයන්ගේ ගීත ගායනා කිරීමෙන් එම ගීතවලට කිසිදු හානියක් වන්නේ නැහැ. මොකද ජෝතිපාල අපේ රටේ සදාකල් අමරණිය ගායකයෙක් නිසා.

සමහර සිනමා රසිකයන් කියනනවා දිලිප් කුමාර් රඟපෑමෙනුත්, රූපයෙනුත් ෂාරුක් ඛාන් හා සමානයි කියලා. නමුත් දිලිප් කුමාර් රගපෑ ආන්, ඩිඩාර්, උරන් කටෝලා, බාබුල්, දේව්දාස්, කොහිනූර් චිත්‍රපට බලන විට දිලිප්ගේ රඟපෑම්වල උසස් තත්ත්වයක් පෙනේ. අදටත් සිනමා රසිකයන් එම චිත්‍රපට බැලීමට සහ ගීත ඇසීමට ප්‍රිය කරයි. මේ ගැන ඔබගේ අදහස කුමක්ද?

ජයම්පති නවරත්න, රාහුල මාවත, මාතලේ

දිලිප් කුමාර් දක්ෂ නළුවෙක් බව මමත් පිළිගන්නවා. ෂාරුක් ඛාන්ගේ රඟපෑම් මෑත කාලයේ ඒකාකාරියි කියලත් මම විශ්වාස කරනවා. හැබැයි එදා යුගයේ අතිශය ජනප්‍රිය වුණ දිලිප්ගේ චිත්‍රපට දැන් නරඹන්නේ ඒ අතීත මතකවල රැඳී සිටින්නට කැමැති පිරිස පමණයි. වර්තමාන තරුණ පරපුර බහුතරය ඒ පැරැණි චිත්‍රපට බලන්න හිතන්නෙවත් නැහැ. ඒක අපේ රටේ පමණක් නෙමේ ඉන්දියාවටත් පොදු කරුණක්.

නානා මූස්කුරී ගායිකාව 1934 ඔක්තෝබර් 13. උපන් වර්ෂය හා මාසයයි. ඇය ග්‍රීක් ජාතික ගායිකාවක්. ඇය තවම ජීවතුන් අතරද? මට මතක හැටියට සිඩ්නි ආටිගල ගයන ‘තුන්ලෝකෙ පුරා ඔබ හෙව්වා සුදා මල් මාල ගොතා පළඳන්න ගෙලේ දාලා’ ඇගේ ගීතයක තනුවක්ද?

සරත් විජයානන්ද, රඹුක්කන

ඇය තවම ජීවතුන් අතර ඉන්නවා. ඔබ ඇය ගැන පැවසූ අනෙක් කරුණු නිවැරැදියි. තුන් ලෝකේ පුරා ගීතය ඇගේ ගීතයක තනුවක්.

රුක්මණී දේවිය ඉන්දියාවේ ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාවේ එක් කලාපයක මුල් පිටකවරය තම රුවින් සැරසූ බව අසා තිබෙනවා. එම කලාපය අයත් අවුරුද්ද හා මාසය කිව හැකිද?

ඩඩ්ලි ගෝමස්, කටුබැද්ද

1959 ජූලි මාසය.

ලෝ පතල හාස්‍ය අභිරූපන රංගන ශිල්පී මිස්ටර් බීන් ගේ නියම නම කුමක්ද?

මයිකල් පෙරේරා, ගම්පහ

රෝවන් ආට් කීන්සත්.

මිඩ් නයිට් චිල්ඩ්රන් හින්දි චිත්‍රපටයේ ඩී. වී. ඩී. පිටපත් වෙළෙදපොළේ තිබේද?

මලින්ත විතානගේ, රුවන්වැල්ල

ඔව්. ලංකාව හොර ඩී. වී. ඩී වලට හරි ප්‍රසිද්ධ නිසා මිඩ් නයිට් චිල්ඩ්රන් හී කොපිත් ඇති.

චිත්‍රපට නළු සුමිත් මුදන්නායක රඟපෑ චිත්‍රපට මොනවාද? ඔහු තාම ජීවතුන් අතරද?

මනහර මහින්ද, බෙලිගල

ඔහු ඉතා හොඳීන් ජීවත් වෙනවා.

ප්‍රදීපා, සසර චේතනා, දූ දරුවෝ, සුර දූතියෝ, කොටි වලිගය, දිනුම, ක්‍රිස්තු චරිතය, ගිනි අවි සහ ගිනි කෙළි, මැණික් මාලිගා, රන්දම්වැල්, තාත්ති මං ආදරෙයි, කෝ හතුරෝ, ගෙදර බුදුන් අම්මා, තන්හා ආශා, රජ කෙල්ලෝ, චෙරියෝ කැප්ටන්, නිල් දිය යහන ඇතුළු චිත්‍රපට රාශියකි.

එච්. ආර්. ජෝතිපාල රඟපෑ චිත්‍රපට මොනවාද?

කේ. පී. හර්ෂණී අනුෂිකා, දයාශ්‍රිතගම

දස්කම, ඇතුල්වීම තහනම්, සුදු සඳේ කළුවලා, ගීතා, සුජීව, ඔබයි මමයි, ඇමැතිකම, පිනිබිඳු, අභිරහස, ලොකුම හිනාව, සුලලිත සෝබනී, සැපත සොයා, ප්‍රවේශම්වන්න, දැවෙන පිපාසය, සහනය, ඉහත ආත්මය, සුනේත්‍රා, දිනුම් කණුව, ශාන්ති, සහායට ඩැනී, සූකිරි කෙල්ල, මගේ නංගි ශ්‍යාමා, රන්වන් රේඛා, ජීවන ගීතය, දමයන්ති, සධානා, නයනා, සිකුරු දසාව, සැලී, තණ ගිරවි, සුමිතුරෝ, බෝනික්කා, කිරිමදු වැල් ඔහු රඟපෑ චිත්‍රපටයි.

අසහාය රංගන ශිල්පී විජය කුමාරතුංග රඟපෑ අඩක් නිම වූ චිත්‍රපටවලට සිදු වූයේ කුමක්ද?

පී. වයි. අනුලාවතී, අවිස්සාවේල්ල

අඩක් නිම වූ චිත්‍රපට ඒ අඩේම නතර වෙලා.

සිනමාවට ලැදි මගේ මිත්‍රයෙක් පවසනවා චිත්‍රපට තේමා සංගීතය අපේ රටට හඳුන්වා දුන් මුල්ම සංගීත අධ්‍යක්ෂවරයා ප්‍රේමසිරි කේමදාස මහතා බව. මට මතක හැටියට ‘රන්මුතු දූව‘ චිත්‍රපටය පුරා විටින් විට විහිදෙන තේමා සංගීතයක් අමරදේවයන් නිර්මාණය කළා.

ජානක ඉලුක්කුඹුර, කඩවත

ඔබ හරි ජානක.

ටෙලි නාට්‍ය නිළි වත්සලා දියලගොඩගේ ලිපිනය පල කරන්න.

ශ්‍යාමලී, දකුණු හෝකන්දර

723/2, 147, ලේක් ටෙරස්, ශාන්තාලෝක ගම පාර, අතුරුගිරිය.

පැරැණි සිංහල චිත්‍රපටවලින් බොහෝ දුරකට ජීවිතයට ආදර්ශවත් දෙයක් කියාපෑවා. අද වත්මන් චිත්‍රපටවලින් මොකක්ද අර්ජුන් ජීවිතයට දෙන ආදර්ශය?

කරූ මන්දාවල, නාත්තන්ඩිය

ආදර්ශ ඕනෑ නම් පන්සලකට යනවා මිසක් චිත්‍රපට බලලා හරියනවද? මම නම් චිත්‍රපට බලන්නේ විනෝදාශ්වාදයට.

විශ්ව ගී රැජණ ලතා මංගෙෂ්කාර්ගේ ලිපිනය පළ කරන්න.

ඩැනිස්ටර් වීරසිංහ, බෙම්මුල්ල

101, Prabhu, Kunj, Peddar Road, Mumbhai - 44445

අර්ජුන්, නිර්මාණයකට දායක වන නිෂ්පාදකයකු වැඩි ලාබයක් ගෙන දෙන්නේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමෙන් ද? එහෙම නැතිනම් ටෙලි නාට්‍යයක් නිපදවීමෙන් ද?

එම්. ඉන්ද්‍රපාල, මුංහේන

නිර්මාණය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ සල්ලි බැකුවේ තැන්පත් කිරීමෙන් ඒවා හදනවාට වඩා ලාභ ඉපයිය හැකියි.

සිංහල දෙබස් කවන ලද ‘ෂිම්බෝ’ චිත්‍රපටයේ පිටපත් තිස්ස නාගොඩවිතාන මහතා සතුව ඇති බව දැනගන්නට ලැබුණා. එය සත්‍යයක්ද?

රංජිත් ජයසූරය – වැලිපැන්නගහමුල

මටත් ආරංචියක් ආවා. හැබැයි තියෙන්න බැරි නැහැ.