වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තේ මං ආදරෙයි

තාත්තේ මං ආදරෙයි

ජස්ටින් බීබර් නම් දහනව හැවිරිදි පොප් ගායකයා කෙළිලොල් ජීවිතයක් ගත කළත්, පවුල හා පියා ගැන සිතන පුතෙකි. උපන් නිවෙසට ආසන්නව, ඔන්ටාරියෝහි කුඩා ගම්මානයක නිවෙසක් ඩොලර් 850,000 කට ඔහු මිල දී ගෙන තිබේ.

මේ නිවෙසෙහි නිදන කාමර හතක්, සිනමා ශාලාවක්, නාන තටාකයක් තිබේ. පයින් ගස්වලින් වට වූ සොඳුරු බිම් පෙදෙසින් මන්දිරයක් වැනි නිවෙසේ අලංකාරය දෙගුණ තෙගුණ වී පෙනෙයි. උදාවන නත්තල් උත්සවය පියාට සහ අර්ධ සොයුරාට සහ සොහොයුරියට සතුටින් ගත කරන්නට දීම ජස්ටින්ගේ එකම පැතුමයි. එය කෙතරම් උතුම් ප්‍රාර්ථනයක් ද?

මේ ප්‍රාර්ථනය වඩාත් උතුම් වන්නේ ඔහු පියා සමඟ හැදුණු වැඩුණු අයකු නොවීම නිසයි. ජස්ටින් හදා ගත්තේ ඔහුගේ මව පැටියි. ඇය ජස්ටින් බිහි කරන විට දහ අට හැවිරිදි නව යෞවනියකි. කෙසේ වුවත් ඔහුගේ පියා මව තනි කළත් ජස්ටින් තනි කළේ නැත. නිතරම ඔහු ගැන සොයා බැලුවේය. ගිටාර් වාදනය කරන අන්දම ඉගැන්නුවේය. 2012 වසරේ ෆෝබ්ස් සඟරාව මඟින් තෙවැනියාට ලොව වඩාත්ම බලවත් පුද්ගලයා ලෙසින් නම් කළේ ජස්ටින් බීබර්වයි.

ට්විටර් වෙබ් අඩවියෙන් වැඩිපුරම සොයන චරිතය ද ඔහුයි.