වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




නටාලි, බ්‍රිට්නි වෙයි

නටාලි, බ්‍රිට්නි වෙයි

බ්‍රිට්නි ස්පියර්ස් තමන්ගේ ජීවිත කතාව සිනමාපටයකට නැගෙනවාට දැන් සිටම කැමැත්තෙන් පසුවන්නීය. ඇය සිය චරිතය නටාලි පෝට්මන් විසින් රඟනු දකින්නට කැමැතිය. තිස් එක් හැවිරිදි බ්‍රිට්නි තමන්ගේම වයසේ පසුවන නටාලි චරිතය රඟනු දැකීමට කැමැති වීම පුදුමයක් නොවෙයි.

දෙදෙනාම ඉපදී ඇත්තේ 1981 වසරේදීයි. බ්‍රිට්නි පොප් ගී ලොවේ කුමරියයි. සංගීත ලොවේ සරාගීම තාරකාව වන ඇය පසුගිය වසරේ වැඩිම මිලක් අය කළ ගායිකාව ලෙස ෆෝබ්ස් සඟරාව මඟින් නම්කර තිබිණි. ඇයගේ ආදායම ඩොලර් මිලියන පනස් අටක් විය. දෙදරු මවක් වන බ්‍රිට්නි දැන් ජීවත් වෙන්නේ තෙවැනි සැමියා සමඟයි.

ග්‍රැමී සම්මාන, එම්ටීවී වීඩියෝ සංගීත සම්මාන, බිල්බෝඩ් සංගීත සම්මාන ගණනක්ම බ්‍රිට්නිගේ හැකියාවට පිරිනැමී තිබේ. නටාලි පෝට්මන් ද සම්මානනීය නිළියකි. 2011 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නිළිය ඇයයි. ඇය එක් දරු මවකි. බෙන්ජමින් මිලේපීඩ් ඇයගේ සැමියායි.

නටාලිගේ අලුත්ම සිනමා රංගනය ‘තෝර් : ද ඩාර්ක් වර්ල්ඩ්’ සිනමා පටයේ ජේන් ෆොස්ටර් ලෙස නුදුරු අනාගතයේදී දකින්නට ලැබෙනු ඇත. ඇය වර්තමානයේ වැඩිම ඉල්ලුමක් ඇති තාරකාවකි.