වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ගී තරුමල් පිපිණු හැටි

ගී තරුමල් පිපිණු හැටි

අන්තර්ජාලය හරහා වැඩි ම ගීත සංඛ්‍යාවක් ගී ගැයූ ගායකයකු වන නලින් ජයවර්ධනගේ ගී ඇතුළත් ‘ගී තරුමල්’ කෘතිය පසුගියදා (16 වැනිදා) ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර, චැම්පියන් ලේක්හිදී එළිදැක්විණි. මේ කෘතියට නලින් ගැයූ ගීත තුන්සිය එකොළහක් ඇතුළත් වී ඇති අතර කෘතිය සංස්කරණය කර ඇත්තේ වසන්ත විජේකෝන් ය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ නලින් ජයවර්ධන ‘ගී තරුමල්’ කෘතියේ මුල් පිටපත සරසවිය පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ගාමිණී සමරසිංහට පිළිගැන් වූ අයුරුයි. - තිලානි

අග පිපි මල් නෙළන්න සැරසේ

බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන ඔහුගේ නවතම සිනමාපටය වන අග පිපි මල් හි මුහුරත් උලෙළ පසුගියදා කොළඹ ගෝල්ෆෝස් හෝටල් පරිශ්‍රයේදී පැවැත් වීය. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වන එය රණසිංහ ආරච්චිගේ සරණපාලගේ නිෂ්පාදනයකි. රෙක්ස් කොඩිප්පිලි, වීණා ජයකොඩි, ජයසේකර අපොන්සු, හේමසිරි ලියනගේ, දුලීකා මාරපන, දමිතා අබේරත්න, උදයන්ති කුලතුංග, අනුජ් රණසිංහ, සරත් චන්ද්‍රසිරි, මල්කි නතාෂා, අමිල කරුණානායක, අචල වල්පොල, ගයාන් මාපලගම, තාරුකා අංජලි පෙරේරා, ආර්. ඒ. සරණපාල, ශාන්ත සිරිවර්ධන, අසංකි සඳමාලි, රංජිත් ජයසේකර, මෙත්තානන්ද විතානගේ, මාකස් පෙරේරා ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි.

ඩොනල්ඩ් කරුණාරත්නගේ කැමරා අධ්‍යක්ෂණයකි. ඩී. එස්. කරුණාරත්න අතිරේක කැමරා අධ්‍යක්ෂවරයාය. ගාමිණි කොස්තාගේ අංග රචනයකි. ප්‍රියන්ත දසනායක කලා අධ්‍යක්ෂවරයාය. ශාන් අල්විස්ගේ සංස්කරණයකි. නාරද රත්නායක සහාය අධ්‍යක්ෂවරයාය, රංජිත් ජයසේකර නිෂ්පාදන විධායක කළමනාකරුය. නිෂ්පාදන කළමනාකරණයෙන් මෙත්තානන්ද විතානගේ එක්වෙයි.