|
හැඩ වැඩ හා රංගන ක ලාවේ දුර යන චන්ද්‍රිකා
තරු පායයි. කාලයත් සමඟ ඒ තරු මිලින වී බැස යයි. කලාඹරේ දිදුලන තාරකා ද එලෙසමය. නමුත් තරු ගුණය පවත්වාගත් කලාකරුවන් කාලයක් ගියත් ඔවුන්ගේ මුහුණු, කතාබහ, සිනහව අමතක වන්නේ නැත. චන්ද්‍රිකා රත්නමාලිත් එවැනිම තාරකාවකි. වසර 25 කට කළින් කලාවට සම්බන්ධ වී දැනුදු කලා කටයුතුවලට නොඅඩුව දායක වන ඇය පියවරකින් ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක විලසිනුයි. ා කෝපි කඩේ පොලී මුදලාලිගේ දුව 'ස්වර්ණමාලි'ගේ චරිතය හැමදෙනාගේම කතාබහට ලක් වුණා. ඒ වගේ දායක වූ අනෙක් නිර්මාණ ගැනත් මතක් කළොත්? ජයන්ත චන්ද්‍රසිරිගේ මෝරා වේදිකා නාට්‍ය ඇතුළු වේදිකා නාට්‍ය 25 ක විතර රඟපාලා තියෙනවා. ඒ වගේම 'චෙරියෝ ඩොක්ටර්', 'දෙමෝදර පාලම', 'රජ සෙල්ලම්'. මීට අමතරව 'ඇඩ්රස් නෑ', 'සමනළ සංධවනිය' වැනි නිර්මාණවලට දායකවන්නත් මට හැකි වුණා. ඉදිරියටත් හොඳ චරිත තුළින් රඟපෑමට බලාපොරොත්තු වෙනවා. ා හැඩවැඩ කලාවේ ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු? රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට මං සම්බන්ධ වුණේ දැනට අවුරුදු 20 කට කළින්. මේ වෙනකොට මනාලියන්ට ඇන්දවීම, මල් කළඹ සැකසීම වගේම සියලුම රූපලාවණ්‍ය කටයුතු චන්ද්‍රිකා බියුටි සැලෝන් එකෙන් ඉටු කරවා ගත හැකියි. ා රංගනයට රූපලාවණ්‍ය ක්ෂේත්‍රය හරිම සමීපයි. මේ ක්ෂේත්‍රයන් දෙකම එකට එකතු කරලා. අලුත් වැඩක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද? ඔව්, අනිවාර්යයෙන්ම. ටෙලි නාට්‍යවල වේශ නිරූපණ කටයුතු කිරිමට බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටවල හා නාට්‍යවල කොණ්ඩා කටයුතු, හැඩගැන්වීම වගේම සියලුම රූපලාවණ්‍ය කටයුතු අපෙන් ඉටු කරවා ගන්න හැකියාව පවතිනවා. |