|
SARASAVIYA MODEL BANK
SMBWE 19ඩැරල් ජෝෂප්
ඩැරල් ජෝෂප්ගේ පදිංචිය රුහුණේ නම් නෙවෙයි. ඔහු රාගම පදිංචිකරුවෙක්. නමුත් රංගනයට ඇති උනන්දුව නිසාම ඩැරල් වැලිගම චාන්දනී සිනමා ශාලාවට ගොඩ වැදුණා. ඔහු මීට ප්‍රථම පුංචි කාලේ පුංචි පැංචි වැඩ සටහනේ විවිධ අංගවලට සහභාගි වෙලා තිබුණා. සිනමාවටයි ඔහු ප්‍රියතාවයක් දක්වන්නේ. SMBWE 20සංජය මයුරංග
ගාල්ලේ පදිංචි සංජය මයුරංග සරසවිය රුහුණට තරුවක් වැඩසටහනට ආවේ දාහකුත් බලාපොරොත්තු පොද බැඳගෙන. ඔහු ඒ වන විටත් වීදිය බණ්ඩාර ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකම රඟපා තිබුණා. ඒ වගේම වේදිකාවටත් සංජය සම්බන්ධ වෙලා හිටියා. ඔහුට දැන් වුවමනා සිනමාවට එකතු වෙන්න. සංජය කැමැතිම අධ්‍යක්ෂ තමයි සෝමරත්න දිසානායක. SMBWE 21සුපුන් දිල්ෂාන්
සුපුන් දිල්ෂාන්ට නම් තවමත් රංගන අත්දැකීම් නැහැ. ඔහු ජැක්සන් ඇන්තනිගේ නිර්මාණවලටලු ප්‍රියතාවයක් දක්වන්නේ. සුපුන්ගේ පදිංචිය ඉමදූව. සිනමාවේ හෝ ටෙලි නාට්‍යයක හොඳ සුන්දර චරිතයක් හාහාපුරා කියා කරන්නයි සුපුන් කැමැති. |