වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




VIEWFINDER

VIEWFINDER

අඩා මහත්තයා කොළඹ ඇවිත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්ගේ ගුරු ජීවිතයෙහි සුවිශේෂී පැතිකඩක් අලළා අශෝක පියරත්න රචනා කරනු ලැබූ අඩා මහත්තයා කෘතිය පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළි දැක්වුණා. සීලරත්නයන් විසින් මඩකලපුව සිප්පිමඩුව ග්‍රාමයේ පාසලක් දියුණු කොට එහි ජන ජීවිතය නඟා සිටුවීම පිළිබඳ රසවත් අයුරින් මෙහි සනිටුහන්ව තිබෙනවා. ඔහු ලේක්හවුස් ආයතනයේ හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ද වෙනවා. මෙහි ඡායාරූප ගයාන් පුෂ්පිකගෙන්.

සයපෙති කුසුම මංගල දැක්මදා

 

අසම්මත ආදරයක් වටා ගෙතුණු කතා පුවතක් රැගත් විසාකේස චන්ද්‍රසේකරගේ සයපෙති කුසුම සිනමාපටයේ මංගල දැක්ම මෙසේ සිදු විය.

හීරෝ නීරෝ එන්න කලින්

පුංචි පැංචි, පොඩ්ඩන්ට පුළුවන් ඇතුළු ළමා වැඩසටහන් ගණනාවක් පුංචි තිිරය වෙනුවෙන් නිෂ්පාදය කළ ප්‍රදීප් මහේෂ් ලියනගේ මේ වන විට සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත් වෙලා. ඔහුගේ පළමු සිනමාපටය තමයි හීරෝ නීරෝ. එහි විශේෂ දර්ශනයක් පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්වුණා. මේ එහි අවස්ථා කිහිපයක් ඡායාරූප ශිල්පී නිශ්ශංක විජේරත්නගේ කැමරාවේ සටහන් වූ අයුරුයි. හීරෝ නීරෝ ළමා සිනමාපටයකි. එය නිශාන්ත ප්‍රදීප්ගේ නිෂ්පාදනයක්.

වෙස් වැඩ ඇරඹේ

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ටී. අර්ජුනගේ පුතණුවන් වන අර්ජුන උපේන්ද්‍ර සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන වෙස් හි මුහුරත් උලෙළ පසුගියදා කොළඹදී පැවැත්විණ. ඉහළ සේයාරුවේ දැක්වෙනුයේ උපේන්ද්‍ර සභාව ඇමතීමයි. අනෙක් සේයාරුවෙන් දැක්වෙන්නේ නිෂ්පාදක බුද්ධි කීර්තිසේන පහන දැල් වූ මොහොත. පසෙකින් චිත්‍රපට සංස්ථා සභාපති දීපාල් චන්ද්‍රරත්න, සෞම්‍ය ලියනගේ, අනුර බණ්ඩාර රාජගුරු.