|
අජේ දෙව්ගන් අධ්‍යක්ෂණයට
ගින්දර නුඹේ නහරවල තබාගෙන, ඔබයි උදෑසන පළමු හිරු කිරණ, විනාශකාරී වියහැකි නුඹේ බැල්ම, ඇරඹුමක් නැති, අවසානයක් ද නැති, බෙදිය නොහැකි, සියල්ලන්ටම සමාන, කිසිවක් නැති නමුත් සැම දෙයම වන, ශිවා අප සැම තුළම වෙසෙයි. දෑස වසාගෙන ඔහු බලා සිටියි, අණසක පැතිරවීමට සිය දිනය එන තුරා. විශ්වය ඔහුගේ ප්‍රදර්ශනයයි. ඔහුය රාම. ඔහුමය රාවණ. ඔහුට ජීවිතය දිය හැකියි. මරණයද දිය හැකියි. ඔහුය සංකීර්ණත්වය. ඔහුමය සරල බව. අඥානයින්ට ඔහු ඥානය දෙයි. වේදනාව ඉක්මවයි. ධෛර්යය සටන් බිමට, සාමය නිවහනට. සියලු කරදරයන්හි අවසානයයි. අහිංසක ඔහුගේ විප්ලවය බිහිසුණුය. හඬ නඟා අඬගසන්න. ශිවා වී ඔබේ යක්ෂයන් විනාශ කරන්න. ශිවා වී ඔබේ යක්ෂයන් සමූල ඝාතනය කරන්න. අහිංසක කඳු තරණය කරන්නෙක්, සිය පවුල ආරක්ෂා කිරීම උදෙසා බිහිසුණු සටන්කාමියෙක් වන කතාවක් පාදක කරගෙන නිර්මාණය වූ ‘ඵඩඪමචචර’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඉහත කතාව ගෙනහැර පාන අතර මෙහි අන්තර්ගතය ගැන ඉඟි කරයි. මෙම චිත්‍රපටයේ කතාව, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සහ ප්‍රධාන චරිතය යන අංශ සතරම ප්‍රවීණ රංගන ශිල්පියකු සහ නිෂ්පාදකවරයෙකු වන අජේ දේව්ගන් විසින් ඉටුකර තිබේ. ‘ර්‍ථඩධධත ඒභප ම්චචදබඥ’ චිත්‍රපටයෙන් බොලිවුඩයට පැමිණි අජේ එහි රංගනය වෙනුවෙන් හොඳම නැඟි එන නළුවා ලෙසින් ෆිල්ම් ෆෙයර් සම්මානයටද පාත්‍ර විය. මේ වන විට ජාතික සම්මාන දෙකකට සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරකට හිමිකම් කියන ඔහු බොලිවුඩ් සිනමා නිර්මාණ සියයකට අධික ප්‍රමාණකට සිය රංගන දායකත්වය ලබා දී ඇත. 2008 වසරේදී අජේ අධ්‍යක්ෂණයට පිවිසියේ ප්‍රේමණීය කතාවක් රැගත් උ ර්ඥ ඒභප ඩ්භථ චිත්‍රපටය සමඟිනි. එහි ප්‍රධාන නිළි චරිතයට පණ දුන්නේ ඔහුගේ බිරිය කාජල් විසිනි. නමුත් මෙවර ඔහුගේ නවතම චිත්‍රපටයේදී හින්දි සිනමාවට නවක නිළියන් දෙදෙනෙකු වන සයෙෂා සයිගාල් සහ එරිකා කාර් හඳුන්වා දී ඇත. ‘ඵඩඪමචචර’හි තිර රචනය සන්දීප් ශ්‍රීවාස්තව සහ රොබින් භාත් විසින් සිදුකර ඇති අතර, මිථූන් ගේ සංගීතයෙන් ඔපවත් වී ඇත. 2014 නොවැම්බර් මස සිට තිරගත කිරීම් කෙරුණු මෙම චිත්‍රපටයේ වැඩි රූපරාමු ප්‍රමාණයක් ශීත කඳුකර ප්‍රදේශයක් වන උත්තරඛන්ද් , මුසූරිහි සිදුකර ඇති අතර, අනෙකුත් දර්ශන බල්ගේරියාවේ සහ හයිද්‍රාබාද් හි රූගත කර ඇත. ශිවායි දීවාලි උත්සව සමය සමඟින් හෙට (28) සිට තිරගත වීම ඇරඹෙනු ඇත. මේ අතර පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූ කරන් ජොහාර් නිෂ්පාදනය කළ ‘ඒඥ ච්ඪත ඩ්චඪ ර්භඵඩඬඪත’ චිත්‍රපටයද ඓෂ්වර්යා රායි බච්චන්, රන්බීර් කපූර්, අනුෂ්කා ෂර්මා පිරිවරා හෙට සිට තිරගත වීම ඇරඹේ. මේ චිත්‍රපට දෙක අතර ප්‍රේක්ෂකයින් සඳහා ප්‍රබල තරඟයක් ඇතිවනු ඇති බව දක්වන විචාරකයෝ කෙසේ වෙතත් චිත්‍රපට දෙකම හොඳ ආදායම් ලබනු ඇති බවට අනාවැකි පළ කරති.
|