වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සින්දුවෙන් පැමිණි නොබෙල් සම්මානය

සින්දුවෙන් පැමිණි නොබෙල් සම්මානය

Bob Dylan

Dylan ට නෙබෙල් සම්මානය පිදීම පිළිබඳ විවිධ අදහස් නැත්තේ නොවේ. ඒවායින් Dylan ගේ විශිෂ්ටත්වය සේම, මේ කරුණු පිළිබඳ වෙනත් කලාකරුවන්ගේ හා විශිෂ්ට පුද්ගලයන්ගේ මතය කුමක්දැයි කියාත් පෙනී යනවා. තවත් නොබෙල් සම්මාන දිනූ ප්‍රකට ලේඛයකු වූ සල්මන් රුස්ඩි Dylan ගේ ඇල්බම කීපයක් ගැන සඳහන් කරමින් තමා ඒවා රස විඳින්නේ මහත් රුචියෙන් බව පවසනවා. සංගීතඥ යාවිස් කොකර් පවසන්නේ Dylan ව ශ්‍රේෂ්ඨ තේරීමක් බවයි.

මෙවර නොබෙල් සාහිත්‍යය සම්මානය ගීත කලා ක්ෂේත්‍රයේ මෙන්ම නොබෙල් සම්මානයේ විශ්මිත පෙරළියක් කරමින් Bob Dylan ලොව විශිෂ්ට සම්මානය දිනාගත්තා. එක අතකට මෙය සාහිත්‍ය කලාවෙත් පෙරළියක් යැයි පැවසුවද වරදක් නොවේ. පසුගිය බ්‍රහස්පතින්දා (13) Bob Dylan මේ විශිෂ්ට සම්මානය දෙසට ඔසවන විට ඔහු අමෙරිකානු ගීත අම්බරේ දශක හයක් පෙරළි කළ ගීත රචකයෙක්, ජනතාවාදී රොක් ගායකයෙක්. Bob ගේ උපන් නම Robert Allen Zimmerman. උපන්නේ 1941 වසරේ මිනෝටා ප්‍රාන්තයේ ච්භඩඩබඩ කියන නගරයේ . ගොරෝසු කටහඬක්, නමුත් කාව්‍යමය භාවප්‍රකාශන ආවර්ජන හැකියාවකින් යුතු Dylan යුද්ධය ගැන, දැඩි කම්පාව ගැන පාවාදීම් ගැන, මරණය හා සදාචාරමය අවිශ්වාසය ගැන ගීත ගැයූ අපූරු කලාකරුවෙක්. එසේ පවසන්නේ ජීවිතයේ මහා ඛේදවාචකයක් තුළ වුවත් ඔහු සුන්දරත්වය දුටු නිසයි. ඔහුගේ සිය ගණන් ගීත ඇල්බම එයට සාක්ෂි දරනවා. ඔහුගේ ප්‍රථම ගීත ඇල්බමය නිකුත් වුණේ 1962 වසරේදී. 1966 දී නිකුත් වූ බ්ලොන්ඩි ඔන් බ්ලාන්ඩි විශිෂ්ට නිර්මාණයක් වුණා. බ්ලඩ් ඔන් ද ට්‍රැක් (1975) සහ බ්ලෝව්න් ඔන් ද වින්ඩ් තවත් ජනප්‍රිය එකතුවක්. මේ අන්දමට Dylan 1988 වන තෙක් නොනවතින රැල්ලක ගීත ගැයුවා.

Dylan මේ ලොව ඉහළ සම්මානය ලැබීම ගැන එය නිවේදනය කළ ස්විඩන් නොබෙල් සම්මාන ඇකඩමියේ ප්‍රකාශය ඉතා වැදගත්. 'අමෙරිකානු ශ්‍රේෂ්ඨ ගීත සම්ප්‍රදාය තුළ නව කාව්‍යමය ප්‍රකාශනය ඔහු රැගෙන ආ නිසා' මෙම සම්මානය ප්‍රදානය කළ බවයි. මෙය ආඛ්‍යාන සාහිත්‍ය ලෝකයට නම් තරමක් වෙනස් දෙයක් විය හැකියි. නමුත් එය සම්ප්‍රදායී අමෙරිකානු ගීත කලාවේ නව පෙරළියක් දැකිය හැකි එකක් ලෙසයි අප සිතන්නේ.

ස්විඩන් සම්මාන ඇකඩමියේ ලේකම් සරා ඩැනියුස් ප්‍රකාශ කළේ 'මේ තේරීම අපට අමාරු කාරණාවක් වුණේ නැහැ' කියලයි. ඇය තවත් අමුතු කතාවක් පැවසුවා. 'ඇත්තටම අපි මෙය ඔහුට ලබා දෙන්නේ Bob Dylan ශ්‍රේෂ්ඨ කවියෙක් නිසයි. ඔහු ශ්‍රේෂ්ට කවියකු වනු මිල්ටන්ගෙන් පටන් ගෙන ඕතචඬඥ දක්වා පැමිණ දැන් තවත් ඉදිරියට යන මහා ඉංග්‍රිසි සම්පදායේ ශ්‍රේෂ්ඨ කවියා.'

පෙනෙනවාද ගීත රචකයෙක්, ගායකයෙක් ගමන් කළ දුර? මේ අදහස බටහිර සාහිත්‍ය කලාවේ, ගීත සාහිත්‍ය කලාවට හිමි තැන විප්ලවීය ලෙස ජයගෙන ඇති අන්දම කියාපායි.

සාරා තවදුරටත් ප්‍රකාශ කළේ Dylan ගේ ගීත කනට කවියක් - ර්‍ථධඥබපර ජ්ධප ඥචපඵ යනුවෙන්. මෙය ද එක්තරා ආකාරය කළ අභියෝගයක් වන්නේ අසම්මත සංගීතවේදීන්ටයි. ඔවුන්ට සිදු වෙනවා ගීතයේ සම්මත ශ්‍රවණ මාධූර්යය සොය යන්නට.

සාරා පවසන ලෙසට ඔබට හෝමර්ගේ හා සැපෝගේ ඈත යුගය ගැන සිතන්න පුළුවන්. අවුරුදු 2500 ක් විතර ඈතට. ග්‍රීක සම්භාව්‍ය කාව්‍ය මුඛයෙන් ගායනා කළ ඒවා. එම කවියෝත් භාණ්ඩවල සංගීතය අනුව ගයන්න ඇති. අපි තමත් ඒවා රස විඳිනවා. ඒ මාවතේම ඔබට Bob Dylan රස විඳින්න හැකි වේවි.

Dylan ට නෙබෙල් සම්මානය පිදීම පිළිබඳව විවිධ අදහස් නැත්තේ නොවේ. ඒවායින් Dylan ගේ විශිෂ්ටත්වය සේම, මේ කරුණු පිළිබඳ වෙනත් කලාකරුවන්ගේ හා විශිෂ්ට පුද්ගලයින්ගේ මතය කුමක්දැයි කියාත් පෙනී යනවා.

තවත් නොබෙල් සම්මාන දිනූ ප්‍රකට ලේඛයකු වූ සල්මන් රුස්ඩි Dylan ගේ ඇල්බම කීපයක් ගැන සඳහන් කරමින් තමා ඒවා රස විඳින්නේ මහත් රුචියෙන් බව පවසනවා. සංගීතඥ යාවිස් කොකර් පවසන්නේ Dylan ව ශ්‍රේෂ්ඨ තේරීමක් බවයි.

ගත්කතුවරියක වන Joyce Sarol Oates  පවසන්නේ මෙයයි. Dylan තෝරා ගැනීම ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ නිර්මාණ අගය කරන්න තිබෙන්නේ සාහිත්‍යය හැටියටයි. 'ඇකඩමිය නියම තේරීමි අනුව ප්‍රබෝධයට පත් වෙලා.'

ප්‍රකට නවකතාකරුවෙකු වූ හරි කුන්ස්රු මේ සම්මාන ප්‍රදානය අනුමත කරන බවක් පෙන්වන්නේ නැහැ. ඔහු උපහැරණ ගෙන වක්‍ර ලෙසින් පවසන්නේ තම අකමැත්තයි. 'මෙය හරියට බුෂ් නොවන නිසා ඔබාමාට දුන්නා වගේ' වැනි අදහසක් ඔහු දරනවා. කෙසේ නමුත් Dylanව තෝරාගනු ලැබුවේ දහඅට දෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටුවකිනි. ඒ අය නොබෙල් නියමයන්ට අනුව මෙය සිදු කළ බව තහවුරු කරනවා.

කුමන ඇසින් බැලුවත් Bob Dylan වසර හැටක් පමණ දීර්ඝ කාලයක් තම ජීවිතය කලාවට කැප කරලා විප්ලවීය හඬක් වේදිකාවට වගේම මුදු තැටියට ගෙනාව ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු වී අවසන්.

සාරා පවසන්නේ ඔහු ඔහුගේ වික්‍රමාන්විත මාර්ගයේ දිදුලන රිද්මය සම්බන්ධයෙන් ඔහු අසමසම කලාකරුවෙක්. ගීතයේ නැවත නැවත කියැවෙන කොටස ඔහු එකට එක් කරමින් මේ රිද්මය ජනිත කරනවා' මේ ආදී ලෙසින් ඇය තේරීම සාධාරණය කරනවා.

1993 වසරේ ටෝනි මොරිසන් නොබෙල් සාහිත්‍ය සම්මානය දිනා ගත්තාට පසු එය අමෙරිකානුවෙකු දිනා ගත්තේ නැහැ. එය පිරිමැහූ ගායකයා, යළි දිනූ ගායකයා Dylanය. එනිසා මෙය අමෙරිකානු සාහිත්‍යයේ නව උත්තේජනයක් වගේම බාහිර ලෝකයට අභියෝගයක් වේවි. Dylan ආධුනිකයකු නොවේ. මහා අත්දැකීම් සම්භාරයක් අතින් ගෙන පැමිණී සාහිත්‍යකරුවෙක්. ඔහු අමෙරිකානු සම්ප්‍රදාය තුළ විප්ලවයක් කළ කලාකරුවෙකි. ඔහු ජර්මන් සම්මාන 11 ක් 2001 ඔස්කාර් (වොන්ඩර් බෝයිස් චිත්‍රපටය සඳහා) සම්මානය හා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ඇතැතිවයි නොබෙල් සම්මානයට හිමිකම් පෑවේ.