සුමීගෙන් අහන්න

‘කෙ සෙරා’ ගීතය ඇතුළත් චිත්‍රපටය කුමක්ද?
කොළඹ මෝදර එම්. ආර්. සී. ඩයස්
ප්රශ්නය - ගායිකා ජී. එස්. බී. රාණි පෙරේරා
සිංහලද? දෙමළ ද? මුස්ලිම් ද?
පිළිතුර - ඇය මැලේ ජාතික කාන්තාවක්.
මත්තේගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්රශ්නය - ශ්‍රී ජයදේවගේ ‘ගීත ගෝවින්දය’ ඇසුරෙන්
ගී නිර්මාණය කළේ සුනිල් සාන්ත පමණද?
පිළිතුර - නැහැ. සුසිල් ප්‍රේමරත්න හා ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගයන ‘ධීර සමීරේ
යමුනා තීරේ’ ගීතයත් එවැන්නක්.
අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්රශ්නය - ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟ ‘චන්දෝ
මා බිළි දේ නුඹ නාඩන්’ ගීය ගයන ගායිකාව කවුද?
පිළිතුර - සුචිත්‍ර මිත්‍ර. සුප්‍රකට බෙංගාලි ගායිකාවක වූ ඇය විශ්ව භාරති
විශ්ව විද්‍යාලයේ රබින්ද්‍ර සංගීත් අංශය භාර මහාචාර්යවරිය වශයෙන් ද කටයුතු කළා.
2011 දී ඇය මිය ගියා.
මාතලේ ධර්මා ඒකනායක
ප්රශ්නය - මාලති ප්රැක්සි ද මෙල් ගායනා කරන
‘වැදේ සුගන්ධේ වෙළී සුළං හා පිපේ රම්‍ය මාලා’ නම් වූ ගීතය බටහිර ගී තනුවක
අනුකරණයක්ද?
පිළිතුර - එය සංගීතවත් කළේ බී. එස්. පෙරේරා. ඔහු මේ ගීය ලතින් ඇමෙරිකානු
ගීයක (ලා පැලෝමා) තනුවක් පදනම් කරගෙන ස්වීය නිර්මාණයක් ලෙස හැඩගස්වා ගත් ගීතයක්.
පාණදුරේ කුසුම්සිරි විජේරාම
ප්රශ්නය - ප්‍රවීණ සිනමා විචාරකයකු වූ ජයවිලාල්
විලේගොඩ ‘සරසවිය’ පත්‍රයට සිනමාව ගැන ලිපි ලියා තිබේද?
පිළිතුර - එක් අවස්ථාවක ඔහු විශේෂ ලිපියක් ලිව්වා මට මතකයි. ‘සිංහල තිරය එදා
සහ අද’ එම ලිපියේ මාකෘතාවයි.
යක්කල සුමිත් දේවදූව
ප්රශ්නය - ඩොරිස් ඩේ ගයන ‘කෙ සෙරා’ ගීතය
චිත්‍රපට ගීතයකැයි මගේ මිතුරකු කියනවා. ඔහු ඒ ඉංග්‍රීසි චිත්‍රපටය බලලත් තියෙනවලු.
මෙය ඇත්තක් විය හැකිද?
පිළිතුර - ඔව්. එය ඇත්ත. මෙම ගීතය ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ‘ද මෑන් හු නිව් ටු
මච්’ චිත්‍රපටයේ (දෙවැනි නිෂ්පාදනයේ) ඇතුළත් වුණා. ගීතය ගයමින් රඟපාන්නෙත් ඩොරිස්
ඩේමයි. මෙම චිත්රපයේ නිෂ්පාදන දෙකක් තිබෙනවා. එකක් හිච්කොක් 1934 දී එංගලන්තයේ කළ
නිෂ්පාදනය. අනික 1956 දී ඇමෙරිකාවේ කළ නිෂ්පාදනය.
ගෝනපල සුනිල් බී. වේහැල්ල
ප්රශ්නය - සුපිරි නළු රන්ජන් රාමනායක දැන් ටෙලි
නාට්‍යවල රඟපානවාද?
පිළිතුර - ඔව්. තවමත් රඟපානවා. බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ටෙලි නාට්‍යයක
ඔහු ළඟදී රඟපෑවා.
මෝදර එම්. ආර්. සී. ඩයයස්
ප්රශ්නය - අපේ රැප් ගී ගැන ඔබේ අදහස මොකක්ද?
පිළිතුර- රැප් සංගීතය ලෝකයේ පිළිගත් සංගීත ප්‍රවණතාවයක්. එය විරෝධාකාල්පනික
මඟක් ගත් විකල්ප සංගීත ශෛලියක්. ඒත් අපේ රටේ රැප් සින්දු අහනකොට ඒවාට වඩා නාකි
හරකුන්ට බඩඑළිය යද්දී ඇහෙන ශබ්දය මිහිරියි කියලා හිතෙනවා.
මීටියාගොඩ මරදාන වත්තේ එච්. එල්. තිලකසිරි ද සිල්වා
ප්රශ්නය - ගාමිණී ෆොන්සේකා ද්විත්ව චරිත රඟපෑ
චිත්‍රපට මොනවාද?
පිළිතුර - ‘ආත්ම පූජා’
අරනායක නිමල් රත්නායක
ප්රශ්නය - ‘වැලිකතර’ ට පෙර ඩී. බී. නිහාල්සිංහ
සිනමාස්කෝප් චිත්‍රපටයක් තනා තිබෙනවාද?
පිළිතුර - ඔව්. ඒ ‘කෙටි කතාව‘.
කොටුගොඩ යාගොඩමුල්ලේ සුනිල් චන්ද්‍රසේකර
ප්රශ්නය - ආර්. මුත්තුසාමි ගී ගැයූ චිත්‍රපට
මොනවාද?
පිළිතුර - ‘ගිලුණා ශෝක ගඟේ’ (නළඟන), ‘මධුර යාමේ’ (සිතක මහිම), ‘ඔබ පානා ඔය
බැල්්මේ’ (සිතක මහිම).
මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. ඕපාත සුනිල් සුන්දර්,
මුංහේනේ එච්. ඉන්ද්‍රපාල, මාතර වල්පල ප්‍රේමසිරි නාරසිංහ, කළුතර දකුණ දොඩංගොඩ එන්.
ඩී. ඉසෙඩ් සිරිවර්ධන, ග්‍රෑන්ඩ්පාස් විමල් රණසිංහ, රන්මුතුගල සරත් ලියනගේ, බටවල
ආරියදාස පිංදෙනිය, කෑගල්ලේ තිලකරත්න විල්වල, දෙමටගොඩ ආරී එගොඩවත්ත, අවිස්සාවේල්ලේ
පී. වයි. අනුලාවතී, වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ, හික්කඩුවේ දයානන්ද ද සිල්වා.
ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.
|