Bollywood

කන්ගනාට
හදිසි අනතුරක්

බොලිවුඩ් නිළි කන්ගනා රනවුත් ට පසුගිය සතියේ ලොකු ඇබැද්දියක් වෙලා. මේ සිද්ධිය වන
විට ඇය හන්සල් මෙහ්තා ගේ මීළඟ චිත්‍රපටය වන ‘සිම්රන්’ රූගත කිරීමට ගොස් එක්සත්
ජනපදයේ ‘ඇට්ලන්ටා’ නම් හෝටලයේ තමයි නැවතී සිටියේ.
රූගත කිරීම් අවසානයේ හෝටලයට යන අතරතුර, ඇය සිටි වාහනයේ රියදුරා සිහිසුන්වී තිබෙනවා.
ඒ වන විට වාහනය වම් පසින් ඇති වඩාත්ම වේගවත් ධාවන පථයේ තමයි ගමන් කරමින් තිබී
ඇත්තේ. රියදුරා සිහිසුන් වූ විගස රියදුරා අසල සිටි කන්ගනාගේ අංගාරක්ෂකයා වාහනය
හැසිරවීමට උත්සාහ දරා තිබෙනවා. කෙසේ නමුත් ඔහුගේ උත්සාහය මුළුමනින්ම සාර්ථක වී
නැහැ. වාහනය ධාවන පත දෙකක්ම හරහා ගොස් යකඩ වැටක ගැටී නැවතී තිබෙනවා.
පොලිසියත් ප්‍රථමාධාර අංශ වහා එතැනට පමිණ අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කර තිබෙනවා.
කන්ගනා සහ වාහනයේ සිටි අනෙක් පිරිසට සුළු තුවාල සිදු වෙලා. කොහොම වුණත් තුවාලවලින්
නොසැළුණු කන්ගනා ඊළඟ දිනයේ සිටම නැවතත් රූගත කිරීම් වලට සම්බන්ධ වූ බවයි ආරංචි.
නවුසුදීන්ට බරපතල චෝදනාවක්

පසුගිය දිනවල බොලිවුඩ් නළු නවුසුදීන් සිද්දික් ට විරුද්ධව චෝදනාවක් එල්ලවුණා. ඒ ඔහු
සහ ඔහුගේ පවුල සිය බාල සොහොයුරාගේ බිරිඳ වන අෆ්රින් ගේ කුසට පා පහරක් එල්ල කළේය
යන්නයි. අෆ්රින් මේ ගැන පොලිසියට පැමිණිලි කර තිබෙනවා. තවත් බරපතල කරුණක් නම් ඇය ඒ
වනවිට තෙමසක ගැබිණියක් වී සිට ඇති බවයි.
ඇය නෞසදීන් ගේ සොහොයුරා හා විවාහ වී මේ වන විට සිවු මසක් පමණ ගත වනවා. දෑවැදී
ප්‍රශ්නයක් නිසා මේ ආරවුල සිදුවූ බවයි ඇය පවසන්නේ.
කෙසේ නමුත් නවුසුදීන් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
“මගේ නෑනා මාවම මේකට ගාවගෙන තිබෙන්නේ මම ඉතා ලෙහෙසි ඉලක්කයක් නිසයි. මා ගැන චෝදනා
කර මගේ චරිතය විනාශ කළ හැකි නිසයි. සැප්තැම්බර් 28 වන දින ඇයත් ඇගේ මාමාත්
නැන්දනියත් අප නිවසට හොර රහසේම පැමිණියා. ඔවුන් පැමිණියේ සොරකමකට. ඔවුන් මගේ
සොහොයුරා මුණ ගැසීමට ඔහුගේ කාමරයට පිවිසුණා. ශබ්දයක් ඇසී නිවසේ සිටි අප එළියට එන
විට අෆ්රින් සහ ඇයගේ මාමා අප නිවසින් එළියට දුව යන අයුරු මම දුටුවා. අප ඔවුන් සමඟ
කතා කළේ නැහැ.” නවුසුදීන් පවසවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ ප්‍රකාශය සනාථ කරන ඛ්ඛ්ඊඍ
දර්ශන රැගත් වීඩියෝවකුත් මේ දිනවල රධභබභඡඥහි ඇතුළත් කර තිබෙනවා.
සෝනම්ට
හොඳ කවුද?

ළඟදී ජනප්‍රිය නිළි සෝනම් කපූර් සමඟ නෙහා දුපියා නම් රූ රැජින මාධ්‍ය සාකච්ඡාවක
නිරත වුණා. සෝනම් මෙන්ම බොහෝ බොලිවුඩ් නිළියන් සමඟ ඇය මෙලෙස සාකච්ඡා කර තබෙනවා. මේ
සාකච්ඡාවල මාතෘකා විලාසිතාවන්ගේ සිට චිත්‍රපට දක්වා විහිදුණා. ඇය සෝනම් ගෙන් අසූ එක
ප්‍රශ්නයක් බොහොම සෘජු එකක් වුණා.
දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රා අතරින් හොඳම නිළිය තෝරාගන්න ඔබට අවස්ථාව
දුන්නොත් ඔබ තෝරන්නේ කවුරුන්ද ? යන්නයි. ‘ප්‍රියංකා චොප්රා’. දෙවරක් නොසිතාම සෝනම්
ද සෘජුවම උත්තර දුන්නා.
අකමැති කියන්නේ
අකමැති කියන එකයි

ප්‍රීති සින්ටා ගැන පසුගිය සතියේ නැවතත් කතා බහට ලක්වුණා. ඒ ඡායාරූපවේදීන් පිරිසක්
බලහත්කාරයෙන් ඡායාරූප ගත කිරීමට උත්සාහ කළේය යන චෝදනාව සමඟින්. මේ ගැන ප්‍රීතිට
බොහොම කේන්ති ගොස් ඇති හැඩයි. ඇය මේ ගැන දිගින් දිගටම ට්විටර්හි අදහස් දක්වා තිබුණේ
මෙලෙසින්.
“කරුණාකර මාවත් මගේ පවුලත් මාපියන්වත් දරුවන්වත් බලෙන් ඡායාරූප ගන්න උත්සාහ කරන්න
එපා. හොඳීන් අහල අවසර ගන්න. එහෙම නැති නම් ගන්න දෙන්නෙම නැහැ. තරුවකගේ ආරක්ෂාවට
තර්ජනය කරලා මම නරක පුද්ගලයා කරන්න එපා. මට ඡායාරූපයකට මුහුණ දෙන්න වුවමනා නැත්නම්
මා එය වළක්වනවා. මම ශල්‍යකර්මයක් කළ නිසාවත්, මේකප් නැති නිසාවත් නොවෙයි. අකමැති
කියන්නේ අකමැති කියන එකයි”. මෙවන් ට්විටර් පණිවුඩ ගණනාවක් පල කළ ප්‍රීති අවසානයේ
සඳහන් කර ඇත්තේ, ඇය මේ කතා කරන්නේ තමා වෙනුවෙන් පමණක් නොව තවත් බොහෝ තරු වෙනුවෙන්
බවයි.
ඉර්ෆාන්
ටොම් හැන්ක්ස්
සමඟ..

ටොම් හැන්ක්ස් හොලිවුඩයේ දක්ෂ නළුවෙක්. ඔහු රඟන ‘ඉන්ෆර්නෝ’ නම් ඉංග්‍රීසි චිත්‍රපටය
පසුගිය 14 වැනිදා තිරගත වීම ඇරඹුණා. මෙය අභිරහස් - අපරාධ කතාවත් ගෙන එන චිත්‍රපටයක්
ලෙස සැළකෙනවා. මේ වනවිට හොලිවුඩ් චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වී ඇති ඉන්දියානු
නළු ඉර්ෆාන් ඛාන් මේ චිත්‍රපටයටත් දායක වනවා. භාෂා බොහොමයකට හඬකවා ඇති එය හින්දි
භාෂාවටත් හඬකවා තිබෙනවා.
යතේජා ඥානරත්න
|