වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




රින්ස්ලි සුරලෝක

රින්ස්ලි සුරලෝක

වසර විසි ගණනකට පසු රින්ස්ලි වීරත්න නාට්‍යයක් කරලා. ඒකේ නම සුරලෝකෙ. සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ අධිෂ්ඨානය සිනමාපටයෙන් කැපී පෙනුණ රින්ස්ලි කලක් විදෙස්ගතව හිටියා. ඊට පසු ලංකාවට ඇවිත් ඔබට වඩාත් සමීප වුණේ නළුවකු හැටියටනේ. ඒ අතරේ ඔහුට හිතිලා නැවතත් වේදිකාවට ගොඩ වුණොත් හොඳයි කියලා. ඒක තමයි ඔහු සුරලෝකෙට අත තියලා තියෙන්නෙ. මෙහි අධ්‍යක්ෂවරයා වගේම රචනයත් රින්ස්ලිගේ. හිරුනි මදාරා, රංග සම්පත් ලියනගේ, මනෝජා රංගනී, අමායා ඉල්මි, අනුරාධා විජේරත්න, කවුමිණි භාග්‍යා, ඕෂිනි දිසානායක, කුලසිරි මල්ලිකාරච්චි, ලිහිණි පූජාපිටිය ආදී නළු නිළියන් මෙහි රඟපානවා. නිෂ්පාදනය නදීෂ දුරාලගෙන්. මෙම මස 29 වැනිදා උදෑසන යක්කල ශ්‍රී චන්ද්‍රජෝති මහ විදුහල් ශාලාවේදී තමයි සුරලෝකේ මංගල දර්ශනය පැවැත්වෙන්නේ.