වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




කිස් තෑගි

කිස් තෑගි

අපි සාමාන්‍යයෙන් වසරකට එක වතාවයි උපන් දිනය සමරන්නේ. නොවැරදීම අවුරුද්දට එක වතාවක් අපේ උපන් දිනය එළඹෙනවා. (මං මේ කියන්නේ පෙබරවාරි 29 උපන් අය අතහැරලා) ඒත් වසරකට එක වතාවකට වඩා උපන් දිනය සමරන කලාකරුවකු ඉන්නවා. මෙයාගෙ නම මනෝජ් පීරිස්. නිකං මනෝජ් නෙවෙයි විශාරද මනෝජ් පීරිස්. මෙන්න මේකෙනා වසරකට හය හත් වතාවක් උපන් දිනය සමරනවලු. දන්නවනෙ ඉතින්, මනෝජ් රූපාවාහිනි වැඩ සටහන් ගණනාවකටම සංගීත අධ්‍යක්ෂණයෙන් එකතුවෙනවනේ. ඒ අතරේ දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන අතරතුරදියි මනෝජ් මෙහෙම උපන් දිනය සමරන්නෙ. එය මෙහෙය වන පේෂල මනෝජ්, ජනප්‍රිය තරුණ නිළියක් ආවම බොරුවට කියනවලු මනෝජ් අයියගේ බර්ත් ඩේ එක කියලා. ඉතින් අර නිළිය හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සුබ පතනවලු. මනෝජ් අයියත් සද්ද නැතුව ඉඳලා අර නිළියට කියලා විෂ් කරෝගෙන. මූණ ටිකක් ඉඹ ගන්නවා, හොඳයිනේ වැඩේ. මෙන්න මෙහෙමලු මනෝජ් වසරකට වැඩිම වතාවක් උපන් දිනය සමරන්නේ.