වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




මතක් කළා විතරයි

මතක් කළා විතරයි

සබීතා පෙරේරාට ඕනෑම වෙලාවක ඇමතුමක් දුන්නොත් අතේ ජංගම දුරකතනය ඇත්නම් ඇය පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම ෆෝන් එකේ මිස් කෝල් ඇත්නම් ඇය ඊට පෙරළා පිළිතුරු ඇමතුමක් ගන්නවා. ඔන්න ඔය වගේ දවසක සබීතා පෙරේරාගේ දුරකතනයෙහි විශ්ව විද්‍යාලයීය කථිකාචාර්යවරයකුගේ මඟහැරුණු ඇමතුමක් තියෙනවා. මෙම තැනැත්තා දේශන පවත්වන්නේ සිනමාව ගැන. සබීතා අනිත් අතට ඇමතුමක් ගත්තා ඔහුට. මෙන්න වැඩක්. එතකොටම අර කථිකාචාර්යතුමා සිනමාව ගැන දේශනයක් දෙමිනුයි ඉඳලා තියෙන්නේ. විශේෂම දේ ඔහුගේ දේශනය එවලේ පවසමින් ඉඳලා තියෙන්නේ සබීතා ගැන. සබීතා පිළිබඳ දේශනයක් කියවෙද්දී එම තැනැත්තාගේ දුරකතනයට තමයි සබීතා කතා කරලා තියෙන්නේ. ඒක හරිම දෛවෝපගත සිදුවීමක්.