වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සේයාරූ සුබපැතුම්

සේයාරූ සුබපැතුම්

අපේ දයාන් විතාරණ ඉන්නවා නේද, ඔහු දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වගේම හොඳ ගායකයෙක්. ඔහු නිතරම මූණු පොතත් එක්ක ගනුදෙනු කරනවා. මේ ළඟදී ඉඳලා දයාන් අලුත් වැඩක් පටන් අරන්. ඒ තම හිත මිත්‍රයන්ගේ උපන් දිනවලදී බොහොම ආදරණීයව සුබපැතීම. ඒ අතරේ ඔහුගේ හෝ ඇයගේ පැරැණි අපූරු සේයාරූ දයාන් සතු නම් ඒවාත් ඔහු මූණු පොතට එකතු කරනවා. දායාන් කරන මේ වැඩේ ගැන බොහෝ දෙනෙකු ඉන්නේ හරිම පැහැදීමෙන්. තමන් කාලයකින් දැක නැති ඇතැම් විට තමන් ළඟ පවා නැති ඡායාරූපයන් උපන් දිනය දවසේ දකින්නට ලැබෙනවා නම් එය කොයි තරම් සතුටුදායක දෙයක්ද.