ඇසීමත් සතුටක්
ඇසීමත් සතුටක්

නාටක මාරයි හතේදි මාරයි හරහා ඔබට සමීප වූ සුරංග සතරසිංහට මේ ළඟදී දුරකතන ඇමතුමක්
ඇවිල්ලා. කතා කරලා තියෙන්නේ මැදි වියේ තැනැත්තෙක්. ඔහු කියලා ඔහුගේ දියණිය සුරංගට
බෙහෙවින් කැමැතියි කියලා. ඒ වගේම නාටක මාරයි හැමදාම ඇය රස විඳිනවා කියලා කිව්වලු.
ඊට පස්සේ දියණියට දුරකතනය දීලා. ඇය සුරංගත් එක්ක බොහොම ළෙංගතුකමින් කතා කළාලු.
සුරංග අනේක වාරයක් ඇයට තුති පුදලා දිගටම නාටක මාරයි බලන්න කිව්වලු. අර දියණිය කියලා
මට නාට්‍ය බලන්න බෑ කියලා. සුරංග ඇහැව්වලු ඇයි ඒ කියලා.
මගේ ඇස් දෙක පේන්නෙ නැහැනෙ මහත්තයෝ.
දියණිය එලෙස කිව්වලු. ඇය නාටක මාරයි අහලා පමණයි මෙතෙක් රස විඳලා තියෙන්නේ. සුරංගට
හරියට දුක හිතුණලු ඇය ගැන. ඒ වගේම ඇය වගේ කෙනෙකු නාටක මාරයි හි රසිකාවියක් විම ගැන
පුදුමත් හිතුණලු. සුරංගගේ කටහඬට තමයි ඇය ඇලුම් කරලා තියෙන්නේ.
|