|
|
රතිඤ්ඤය පත්තු වුණා - අයියා බුදු අම්මෝ කියාගෙන දිව්වා
මව්රටට පැමිණි ප්‍රේමා ගනේගොඩ අතීත මතක ආවර්ජනයක
කලාව කියන්නේ දෙවියන්ට අයිති දෙයක්. කලා හැකියාව මිනිසෙක්ට ලැබෙන්නේ දේව වරමකින් කියලයි කලාවට ලැදි හැමෝම කියන්නේ. සත්‍ය වශයෙන්ම කලාකරුවන් එය සළකන්නේ එළෙසමයි. ඔවුන් විශේෂ වෙන්නෙත් ඒ නිසාමනේ. අපේ වේදිකාවත් කලා ක්ෂේත්‍රයේ අමිල වස්තුවක්. එක්දහස් නවසිය හැටේ දශකයේදී සිංහල නාට්‍ය ක්ෂේත්‍රයේ රංගනයට අනගි වූ මෙහෙවරක් ඉටු කළ අපූර්ව රංගන කෞෂල්‍යකින් එදා වේදිකාව හැඩ කළ රංගවේදිනියක් දැන් ඔබ හමුවට ඇවිත්. දශක ගණනාවක සිට මව් රටෙන් දුරස්ව සිටියද වරින්වර හෝ පැරණි මතක සමඟින් ඔබ හමුවෙන්න ඇය අමතක කළේ නැහැ.
අතීතය කියන්නේ සුන්දර චිත්‍රයක්.
“මම පොඩි කාලයේ පහ වසරට එනකල් ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ සිංහල අංශයේ. ඒ
කාලයේ ඉස්කෝලේ නාට්‍ය තිබුණා. ‘කහ කිරිල්ලි බඳින දවස’. මට හොඳටම මතකයි. මම තමයි කහ
කිරිල්ලී. කහම කහ පාටට කුරුල්ලෙක් වගේ ඇඳගෙන වේකාව පුරා එහෙමෙහෙ දුවපු හැටි මට තවම
මතකයි. පොඩි කාලයේ මම නැටුමට හරිම කැමැතියි. මොන සිංදුවක් ඇහුණත් මම නටනවා. මට
ඉන්නේ අයියලා දෙන්නෙක්. ඒ දෙන්නම මට වැඩිය ගොඩක් වැඩිමහල්. අම්මා ලොකු ධෛර්යයකින්
තනිවම අපි බලාගත්තා. අම්මා මාව මියුසියස් එකෙන් අයින් කරලා නා මේ කාලය වන විට තමයි ඉස්කෝලෙට අලුත් නැටුම් ගුරුවරයෙක් ආවේ. ඔහු සිරිසේන රාජපක්ෂ. ඊට පස්සේ මම ආසාවෙන් ඉස්කෝලේ ගියේ නැටුම් ඉගෙන ගන්න. පාසලෙන් කරන විවිධ ප්‍රසංග, සෞන්දර්ය අංග හැම දේටම මම ඉදිරිපත් වුණා. ඉගෙනීමට වඩා මම උනන්දු වුණේ නැටුමටයි. මේ අතරේ මම ඉංග්‍රීසි පංතියකටත් ගියා. එතැන තිබුණු නැටුම් පංතියකටත් ගියා. හීන්බබා ධර්මසිරිත් එතැනට ඉංග්‍රීසි ඉගෙන ගන්න ආවා. මගේ හැකියාව දැකපු ඔහු මට ඔහුගේ කලායතනයට පංතිවලට එන්න ආරාධනා කළා. ඒ ඡායාරූපය ගත්තේ විලි බ්ලේක්. ඒ කාලයේ විශාල සුළි සුළඟක් ඇවිත් මිනිසුන්ට ලොකු කරදරයක් කළා. මිනිසුන් විසින් මිනිසුන්ට උපකාර කළ යුතු කාලයක් වුණා. අපිත් ඒ වෙනුවෙන් මුදල් සොයන්න ලුම්බිණි රඟහලේ සංදර්ශනයක් කළා. ඒක ඉවරවෙලා එක් පුද්ගලයෙක් ඇවිත් මට කිව්වා ඔයා හරි ලස්සනට නැටුවා. රඟපාන්න කැමැතිද කියලා ඇහුවා. ‘මම රඟපාන්න දන්නේ නැහැ’ එකපාරටම මම කිව්වා. ‘දන්නේ නැත්නම් ගොඩක් හොඳයි. එහෙනම් රෝයල් ප්‍රයිමරි එකට එන්න කියලා ඔහු පැවසුවා. ඒ ආරාධනයෙන් අම්මයි මමයි එහි ගියා. යනකොට ලොකු මිනිස්සු හතර දෙනෙක් ඉදිරියට එනවා. එක්කෙනෙක් දැක්කම මට බයත් හිතුණා. එතැනට ගියාම මට බය හිතුණු කෙනාම මගේ පින්තූර ටිකක් ගත්තා. අද වගේ නෙවෙයි මේක් අප් දාලා හැඩවෙලා නෙවෙයි පින්තූර ගත්තේ. ටෝනි රණසිංහ, ජී. ඩබ්ලිව් සුරේන්ද්‍ර, වික්‍රම බෝගගොඩ එක්ක රැලෙක්ස් රණසිංහ තමයි එදා අර ඉස්සරහට අපු පිරිස වුණේ. අති දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වූ රැලෙක්ස් තමයි මගේ ඡායාරූප ගත්තේ. ප්‍රවීණ නාට්‍ය ශිල්පි සුගතපාල ද සිල්වා තමයි එදා මගේ නර්තනය දැකලා මට වේදිකා නාට්‍ය රංගනයට ආරාධනා කළේ. ඔහු මට පිටපතත් දීලා එහි තිබූ ජානකී චරිතය කටපාඩම් කරගන්න. හෙට ඉඳලා රිහසල් එන්න කියලා කිව්වා. ඒ විදියට පටන් ගත්තු ජීවිතය තමයි බොහොම ලස්සනට ඉදිරියට පැමිණියේ. මුල්ම ෙවිදිකා නාට්‍ය තට්ටු ගෙවල්. එහි මංගල දර්ශනය තිබුණේ 1964 වසරේදීයි. මට කරන්න තිබුණේ ලන්සි චරිතයක්. මගේ පෙනුමත් ඒ චරිතයට හොඳටම ගැළපුණා. මගේ ජීවිතයේ ලොකු වෙනසක් කළ වේදිකා නාට්‍ය වුණේ. හරිම බඩු හයක් නාට්‍යයයි. ඒක පටන් ගත්තේ වෙනස්ම ක්‍රමයකටයි. වේදිකාවේ තිරය ඇරලා තිබුණේ. නාට්‍යයට සූදානම් වන අනෙක් අයත් වරින්වර වේදිකාවේ එහාට මෙහාට ගියා. නාට්‍යයේ අපිට එන්න තිබුණේ ප්‍රේක්ෂකාගාරය මැදින්. එදා ටෝනි රණසිංහ තාත්තා වුණා. අම්මා මානෙල් වීරමුණි. ලොකු පුතා වික්‍රමබෝගොඩ. ලොකු දුව මම. නංගියි මල්ලියි වුණේ මගේ අයියාගේ දුවයි පුතයි. මේ නිසාම අපේ අයියාත් අපිත් එක්ක නාට්‍යයට ඇවිත් වේදිකාව අයින පැත්තකට වෙලා නිදා ගන්නවා. තිස්සමහාරාමයේ තිබුණු ෂෝ එකේදී අවසානයට වෙනසකට එක්ක තුන්හුලස් රතිඤ්ඤයක් පත්තු කරමු කියලා ටෝනි අයියා කිව්වා. ඒ විදියටම අවසානයේදී රතිඤ්ඤය පත්තු කළා. ශබ්දය පිට වෙනකොටම බය වුණු අපේ අයියා ‘බුදු අම්මෝ’ කියාගෙන වේදිකාව මැදින් අනිත් පැත්තට දිව්වා. ඒත් මිනිසුන්ට නම් ගාණක්වත් නැහැ. ඔවුන් හිතුවේ ඒකත් නාට්‍යයේ කොටසක් කියලා. අපි හරියටම නාට්‍යය කරනවාද කියලා බලන්න ප්‍රේක්ෂයන් අතරේ සිටි සුගතපාල ද සිල්්වා මහත්තයාත් බය වෙලා දුවගෙන ආවේ මොකද වුණේ කියලා බලන්න. ඊට පස්සේ හෙළේ නගින් ඩෝං පුතා නාට්‍යයට දායක වුණා. 1968 වසර මගේ ජීවිතයේ සුන්දරම කාලය වුණා. මම විවාහ වුණේ ඒකාලයේදීයි. ඔහු ප්‍රියවිජය ෆොන්සේකා. මගේ ආදරණිය රසිකයෙක්. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ පටන් නාට්‍ය නැරඹීම පුරුද්දක් කරගත් ඔහු මගේ හැම නාට්‍යයක්ම වගේ නරඹලා තිබුණා. මම සයිමන් නවගත්තේගමගේ ‘ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් නාට්‍යයට දායක වන විටදී මගේ මහත්තයා එහි වේදිකා සැරසිළි කළා. ඒ නාට්‍ය වෙනුවෙන් මම හොඳම නිළිය ලෙසින් සම්මාන ලබන විට ඔහු හොඳම වේදිකා සැරසිළි වෙනුවෙන් සම්මානනීය වුණා. ඒක මගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්. මහත්තයා තමයි මගේ හොඳම විවේචකයා වුණේ. ඔහු වේදිකාව අසළ සිට මගේ අඩුපාඩු කියලා දුන්නා. රංගනයේදී මම ජීවත් වුණේ ඒ චරිතය තුළ පමණයි. වේදිකාව ළඟ සිටියත් මට පේන්න ඉන්න එපා කියන්නේ මොහොතකට හෝ චරිතයෙන් මිදුනොත් අසාර්ථක වේවි කියලා හිතුණ නිසයි. එයත් ඒ වගේම තමයි. මාව සියයට සියයක් නිවැරදි කරන්න ගොඩක් උනන්දු වුණා. අත අල්ලන එකත් හරියට කළේ නැත්නම්. ‘ප්‍රේමා ඔයා අත අල්ලපු විදිය හරි නැහැ’ කියලා කියනවා. සමහර සැමියන් නම් කරන්නේ රංගනයේදී බිරිඳට ඊර්ෂ්‍යා කරන එකනේ. අපි අතරේ එකිනෙකා අතර හොඳ අවබෝධයක් තිබෙනවා. අදටත් ඔහු මා උනන්දු කරන්නේ නාට්‍ය නිර්මාණයකට දායක වෙන්න කියලයි. 1969 වෙනකොට මට අපේ ලොකු පුතා ලැබුණා. ඒ කාලයේ මම දරුවට කිරිදිදී තමයි නාට්‍ය පුහුණුවීම් කළේ. ප්‍රේම රංජිත් තිලකරත්නගේ වහලක් නැති ගෙයක් වේදිකා නාට්‍යයට සහ මානෙල් වීරමුණිගේ නැට්ටුක්කාරී වේදිකා නාට්‍යයට දායක වුණා. මේ කාලයේ මගේ පුංචි පුතා එක්කම මම නාට්‍ය වලට දායක වෙන්න සිද්ධවුණා. දුරගමන් යද්දී ඔවුන් මට උපරිම පහසුකම් දුන්නා. නාට්‍ය වේදිකා ගත වෙන්න කලින් මම පුතාට කිරි දෙනවා. නැවත නාට්‍යයේ විවේකයේදී කිරි දෙනවා. ඉවර වුණාම ආයෙමත් පුතා මගේ තුරුළේ. මේ කාලය මගේ නාට්‍ය ජීවිතයේ ලොකු වෙනසක් කළා. මහත්තයා රැකියාව කළේ එංගලන්තයේ. ඔය අතරේදී තමයි ඔහු මටයි පුතාටයි එන්න වීසා එව්වේ. ඒක මගේ ජීවිතයේ ගත යුතු වූ තීරණාත්මකම තීරණය වුණා. මගේ අම්මා මෙහේ. මහත්තයා එංගලන්තයේ. පුතා එක්ක මං මොන තීරණයද ගන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. මගේ අම්මා ගොඩක් ඉහළට ඉගෙන ගත්තේ නැති වුණාට ගොඩක් බුද්ධිමත්. ‘ඔයාගේ ලෝකය තියෙන්නේ එහේ. ඔයාගේ මහත්තයා ළඟ. ඔයා යන්න ඕනි එතැනටයි. ඇය මට හරි තීරණය ගන්න පැහැදිලි කළා. මේ නිසාම නාට්‍ය දර්ශන වාර ගොඩක් රට පුරාම යොදා ගත්තා. මේ විදියට හැම තැනම නාට්‍ය වේදිකාගත කරලා මම එංගලන්තයට යන්න කලින් දවසේ තිබුණු දර්ශනයේදී මගේ හඬ නැතිවුණා. දැන් ඉතින් වෙන කරන්න දෙයකුත් නැහැ. ශාලාව පිරෙන්න සෙනඟ. කල් දාන්නත් බැහැ. ඊළඟ දවසේ මම එංගලන්තයට යන්න ඕනි. සුගතපාල ද සිල්වා මහත්තයා වේදිකාවට නැඟලා ප්‍රේක්ෂකයන් අමතා ඇත්තම කාරණය කිව්වා. අනෙක් අයගේ හඬ ඇසුනා මගේ හඬ නැතුව මම රඟපෑවා. එහෙම වුණත් ශාලාවෙන් එක හූ හඬක්වත් ආවේ නැහැ. එදා ඒ ගෞරවණීය ප්‍රේක්ෂකයන්ට මම අදත් ප්‍රණාම කරනවා.
එංගලන්තයට ගිය අලුතත් හරියට මියුසියස් එකෙන් අස් වෙලා නාරාහේන්පිට ඉස්කෝලෙට ගියා වගේ තමයි. මහත්තයා වැඩට ගියාම මම තනියෙන්. මුල් කාලයේ අපිට කාමරයක් තිබුණේ. පස්සෙ තමයි අපි ගෙයක් ගත්තේ. අපේ ගෙදරට මුලින්ම පැමිණි අමුත්තෝ වුණේ ධර්මසේන පතිරාජයි තිලක් ගොඩමාන්නයි. විදෙස් චිත්‍රපට උළෙලකට බඹරු ඇවිත් චිත්‍රපටය අරගෙන යන ගමන් තමයි ආවේ.
ඊට පස්සේ හැරී විමලසේනයි, විජය ධර්ම ශ්‍රී ආවේ දුහුල් මලක් චිත්‍රපටය අරගෙන. ඒ කාලයේ නාමෙල්, මාලිනි, ඩග්ලස් රණසිංහත් එහෙ හිටියේ. අපි එක වතාවක් නැට්ටුක්කාරි වේදිකා නාට්‍ය එහි කළා. ලංකාවේදි වගේ එක දිගට එහේ නාට්‍ය කරන්න බැහැ. මේ විදියට කාලය ගත වන විට පණ්ඩිත් අමරදේව, නන්දා මාලිනි, ඩී. ඩී ගුණසේණ, විජේරත්න රණතුංග, සනත් මල්කාන්ති වැනි ප්‍රවීණයන් වෙනුවෙන් එහි සංදර්ශන සංවිධානය වුණා. ඒ වෙලාවට මටත් මූලික වෙලා කටයුතු කරන්න ලැබුණා. මේ හැමෝම එංගලන්තයට ආවම නවතින්නේ අපේ ගෙදර. හැමෝටම සළකන්නේ මම. අවුරුදු දොළහකට පසු මගේ දෙවැනි පුතා ලැබෙනවා. ඒ වෙලාවේ මහත්තයාගේ තාත්තාට හොඳටම අසනීප වෙලා මහත්තයාට ලංකාවට එන්න සිද්ධ වෙනවා. ඒත් වාසනාවට අපේ කට්ටිය එහෙ හිටියේ. පුතා ලැබුණු ගමන් මුලින්ම අතට ගත්තේ නන්දා මාලිනි. මේ හැමෝම සහෝදර සහෝදරියන් වගේ මාව බලා ගත්තා. එදා මෙදා කියලා වෙනසක් නැහැ. අපේ රටෙන් කලාකරුවෙක් එංගලන්තයට ගියොත් නවතින්නේ අපේ ගෙදර තමයි. අපට එහිදී කලා කටයුතුවලට දායක වෙන්න ලැබීම ගැන තිබෙන්නේ ලොකු සතුටක්. ඒ නිසාම ලංකාවෙන් අපේ අයගෙන් දුරස් වුණු වේදනාව නැති වෙලා ගියා. මං එංගලන්තයේ හිටියට අපේ පුතාලා දෙන්නටම හොඳට සිංහල භාෂාව ඉගැන්නුවා. ලොකු පුතා විවාහ වෙලා එංගලන්තයේ පදිංචි වෙලා ඉන්නේ. දෙවැනියාගේ පදිංචිය ලංකාව. එංගලන්තයේ හැදී වැඩුණත් එයාගේ ආසාව ලංකාවට. දැන් අපි සූදානම් වෙන්නේ එයාගේ විවාහ මංගල්‍ය වෙනුවෙන්. ඇත්තටම මම මගේ ජීවිතයේ ගොඩක් සාර්ථක වුණු කෙනෙක්. සාර්ථකව කලාවට සම්බනධ වුණා. විවාහ වුණා. සාර්ථක පවුල් ජීවිතයක් ගත කළා. ආපසු හැරිලා බලනකොට පුංචි දුකක්වත් නැහැ.
|




ඇය ප්‍රේමා ගනේගොඩ. නම කියූ සැණින් ඔබේ සිහියට නැඟෙන්නේ හරිම බඩු හයක්. ඒ විතරක්
නොවෙයි තට්ටු ගෙවල්, බෝඩිංකාරයෝ, අහසින් වැටුණු මිනිස්සු, වහලක් නැති ගෙයක්,
නැට්ටුක්කාරී, හෙලේ නගින් ඩෝං පුතා වැනි වේදිකා නාට්‍ය රැසක් තම රංගන ප්‍රතිභාවයෙන්
ඔපවත් කළේ ඒ මතකය යුග ගණනාවකට ඉතිරි කරමින්. මෙවර සුවිශේෂි කටයුත්තක් වෙනුවෙන් මව්
රටට පැමිණි මෙහොතේ පැරණි මතකයන් සමඟින් අපි ආයෙමත් ඇය හමුවෙමු.
රාහේන්පිට මහවත්ත
විද්‍යාලයට ඇතුළත් කළා. අලුත් ඉස්කෝලේ මට දැනුනේ ලොකු වෙනසක්. ඒකේ පිරිමි ළමයිනුත්
හිටියා. මට දුක හිතුනා. මියුසියස් එකට තමයි මම ආස කළේ. ඒත් අම්මා කිව්වේ මේ මට
පුළුවන් විදිය තමයි, ඒ නිසා කොහොම හරි ඉස්කෝලේ යන්න කියලයි. අපේ තාත්තාත් නැහැ. ඒ
වෙනකොට අයියලා දෙන්නා කසාද බැඳලා අපෙන් වෙන්වෙලා. ඇත්තටම අපි තනිවුණා වගේ මට
දැණුනා.
වේදිකා නාට්‍යයකට එක් වුණාම අපි හැමෝම එකමුතුයි. එක්කෙනෙක්ගේ හරි අඩු පාඩුවක්
වුණොත් මුළු නාට්‍යයම ඉවරයි. ඒ නිසාම අපි හැමෝම පුදුම කැපවීමකින් එදා නාට්‍ය
පුහුණුවීම් කළේ. ටෝනි රණසිංහ, ජී. ඩබ්ලිව් සුරේන්ද්‍ර, මානෙල් වීරමුණි, සෝමලතා
සුබසිංහ, වික්‍රම බෝගොඩ, විමාල් කුමරද කොස්තා, සමන් බොකලවල වැනි අපි හැමෝම ඒ කාලයේ
නාට්‍ය කටයුතු වලදී හමු වුණා. නාට්‍යයක් පටන් ගන්න කලින් ටෝනි අයියා මට කියනවා
‘ප්‍රේමා අපි හොඳ වැඩක් දෙමු’ කියලා කියනවා. ඒක ලොකු ධෛර්යයක් වුණා. සිනමා නිර්මාණ
කිහිපයකට දායක වුණත් ඒ ක්‍රියා පිළිවෙලට මම කැමති නැහැ. චිත්‍රපටයක නම් රංගනයේදී
‘මං ඔයාට ආදරෙයි’ කියනවා. ‘කට් කට්’ කියනවා. ඊට පස්සේ ආයෙමත් ඒ දෙබස කියන්න වෙනවා.
ඒක මට හරි ගියේ නැහැ. ඒ නිසා සිනමා නිර්මාණවලින් ඈත් වෙලා හිටියේ. වේදිකාවට තමයි මම
ආදරේ.