|
|
නෝනෙ මගෙ සුදු නෝනේ කොමඩියක්ම නොවේ
- එරංග සේනාරත්න
එරංග, මෝනෙ මගෙ සුදු නෝනේ කියන නමින්ම මේක ප්‍රහසනයක් කියලා දැනෙනවා? ඒ වගේම මේ ඔබගේ පළමු ප්‍රහසන සිනමා නිර්මාණය? ඔව්. මෝනෙ මගෙ සුදු නෝනේ ප්‍රහසනයක් තමයි. මං මේ වන විට චිත්‍රපට හතක් අධ්‍යක්ෂණය කළා. එයින් මේක විතරයි කොමඩියකට තියෙන්නේ. මට ඕනෑ වෙනස් විදිහේ නිර්මාණ කරන්න. මං ඒකයි විවිධත්වයෙන් යුතු නිර්මාණයක් කළේ. හාස්‍ය යැයි කිව්වට නෝනෙ මගෙ සුදු නෝනේ නරඹද්දී ඇතැම් අවස්ථාවලදී සිනහා යන්නේ නැති තරම්. ඇයි එහෙම වුණේ? ප්‍රහසනයක් වුණාට මේ තුළ බඩ අල්ලගෙන හිනාවෙන්න තරම් විහිළු නැහැ. එහෙම දාන්නත් මට වුවමනා වුණේ නැහැ. ප්‍රහසනයක් වුණත් මේ මගින් කළේ පොදු සමාජය විවරණය කිරීමක්. සමාජයේ විවිධ ගැටළුකාරී තැන් මෙමගින් මං කතා කළා. ඇතැම් අය ප්‍රහසනයක් කියපු ගමන් හෝල් එකට එන්නේ හිනාවෙන්න බලාගෙන. මේක නරඹලත් හිනාවෙන්න පුළුවන්. නමුත් මෙය කොමඩි රැල්ලේ චිත්‍රපටයක් නොවෙයි. චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ දර්ශන තල දෙක තුනක පමණයි. ඇතැම් අවස්ථාවලදී නිවෙස තුළ ඇති දර්ශන වැඩිදෝ කියලත් හිතෙනවා? මට ඔය ප්‍රශ්නයට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. නෝනෙ මගෙ සුදු නෝනෙ එක්තරා විදිහක මගේ අත්හදා බැලීමක්. මේ පර්යේෂණය මට කරන්න බැහැ මහා ලොකු වියදමක් දරලා. අපේ රටේ සිනමාපටයක් වෙනුවෙන් දැවැන්ත ලෙස ආයෝජනය කිරීම තේරුමක් නැති වැඩක් හැටියටයි මං දකින්නේ. එහෙම කරලා මට නිෂ්පාදකවරුන් අමාරුවේ දාන්න බැහැ. ඒක නිසා පුළුවන් විදිහට මං චිත්‍රපටය කළා. මේ සිනමාපටයට ඔබ යොදා ගත් ඇතැම් නළුවන් වෙනුවට වෙනත් අයව යොදා ගත්තා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද? මං චිත්‍රපටය කරලා ක්ෂේත්‍රයේ හිතවතුන්ට පෙන්නුවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුත් ඔබ කියූ ඔය අදහසම කිව්වා. මටත් එහෙම හිතුණු වාරත් තිබුණා. නමුත් දැන් නිර්මාණය කරලා ඉවරයි. ආපසු හැරෙන්න බැහැ. ඒ වුණාට මං හිතන්නේ නැහැ මෙහි නළු නිළියන් තමන්ගේ වගකීම ඉටු කළේ නැහැ කියලා. ඔවුන් ඔවුන්ගේ උපරිම දක්ෂතාව පෙන්නුවා. මිහිර සිරිතිලක සහ මහින්ද පතිරගේගෙන් මීට වඩා ප්‍රයෝජනයක් ගන්න තිබුණා කියලා චිත්‍රපටය නරඹපු ඇතැම් අය මට කිව්වා? මෙහි තිබෙන්නේ චරිත හත අටයි. ඉතාම සීමිත කාලයක සිදු වෙච්ච කතාවකුයි චිත්‍රපටයට අන්තර්ගත වෙන්නේ. කුඩා චරිතයක් පවා චිත්‍රපටයට අදාලයි. එක අතකින් මං පිළිගන්නවා මේ චරිත අතරින් මිහිර සහ මහින්දගෙන් මීට වඩා දේවල් ටිකක් ගන්න තිබුණා කියලා. නමුත් මගේ තිර නාටකය ඉක්මවා ඔවුනට රඟපාන්න බැහැනෙ. ඒ වගේම නළුවන්ගේ සියලුම හැකියාවන් පිටපතකට ගන්නත් බැහැ. පිටපතට අනුව ඔවුන් හැසිරෙන්න ඕනෑ. චිත්‍රපටයේ මුල් කොටස් කිහිපයට ඔබ යොදා ගත්තේ පැරැණි ගීත ඛණ්ඩ කිහිපයක්. නමුත් ඒවා අලුත් ශිල්පීන් යොදාගෙන පටිගත කරලා. ඇයි එහෙම කළේ? මං පැරැණි ගීත රසිකයෙක්. ඒ වගේම පැරැණි ගීතවලට හොඳ ඉල්ලුමක් තියෙනවා තවම. මාධ්‍ය තුළින් අදටත් හැත්තෑවේ අසූව දශකයේ චිත්‍රපට ගීතවලට ඉල්ලුමක් තියෙන්නේ. පැරැණි ගීත කිහිපයක් අලුතින් අපි පටිගත කළා. ඒවා තමයි මෙයට යොදා ගත්තේ.
එකොළහයි. ඇතිද? හොඳටම ඇති. ඉදිරියේදී ඩිජිටල් තාක්ෂණයෙන් කොපි දෙකක් දාන්න හිතාගෙන ඉන්නවා. මේ චිත්‍රපටය තිරගත වෙන්න තිබුණේ සෑහෙන කාලයකට පෙර. අපේ පත්තරේ පවා පළ වූවා ඔබේ චිත්‍රපටය අහවල් දවස්වල එනවා කියලා. නමුත් අවේ නැහැ? ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. චිත්‍රපට ප්‍රදර්ශනයේ ඇති අක්‍රමවත්භාවය නිසයි එහෙම වෙන්නේ. මට මුලින්ම ලැබුණේ ජනවාරි මුල. ඊට පසුව මාර්තුවලට කල් ගියා. අන්තිමේ නතර වුණේ ජූලි මාසයේ. මං හිතනවා චිත්‍රපට ප්‍රදර්ශනය මීට වඩා විනිවිදභාවයකින් සිදු කරන්න ඕනෑ කියලා. මේ කාලයේ මිනිසුන්ගේ අවධානය තියෙන්නේ දේශපාලන පොර පිටියට. එහෙම තත්ත්වයක් මත ඔබට අවාසියක් සිදු වුණේ නැතිද? නැහැ. මං ඒක විශ්වාස කරන්නේ නැහැ. මං පසුගිය දිනවල මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන ශාලාවලට ගියා. එතකොට සුපුරුදු පරිදි සෙනඟ ඇවිත් හිටියා චිත්‍රපටය බලන්න. මේක විතරක් නෙවෙයි මේ දිනවල තිරගත වන අනිකුත් චිත්‍රපටවලටත් එහෙමයි. ඕනෑ තරම් සෙනඟ ඉන්නවා. විශේෂයෙන් අප තරුණ තරුණියන්ගේ විශාල උද්යෝගයක් තියෙනවා චිත්‍රපට නරඹන්න. ඔවුනට මේ කාලයේ සිදුවන වෙනත් බලපෑම්වලට හිත යොමන්න කාලයක් නැහැ. අනික මට ලැබුණු අවස්ථාව මං පැහැර හරින්නේ නැතුව චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. ලැබුණු මොහොතේ චිත්‍රපටය දැම්මේ නැතිනම් ආයෙත් කල් යාවි. ඔබගේ නිර්මාණවලට ඔබ ගන්නේ නිතර පෙනෙන්නට තිබෙන මුහුණු නෙවෙයි? මං කැමැතියි අලුත් අයට නිතරම අවස්ථාව දෙන්න. ක්ෂේත්‍රයේ අද ඉදිරියට ඇවිත් තියෙන බොහෝ දෙනෙකුට මුල් අවස්ථාව ලබා දුන්නේ මං. ඇට්ටකුණා වෙච්ච නළු නිළියෝ වෙනුවට නැවුම් මුහුණු දකින්නත් ප්‍රේක්ෂකයන් ආසයිනෙ. ඔබ කලක් අප ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක්. ඔබ තැනූ ටෙලි නාට්‍ය අදටත් ඉතාම ජනප්‍රියයි. ඇයි ඔබගේ ටෙලි නාට්‍ය තරම් සිනමාපට ජනප්‍රිය නොවුණේ? ටෙලි නාට්‍ය මිනිසුන් අතරට යවන්න ඒ තරම් ප්‍රචාරය අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි සිනමාපටයක් කළා කියලා සමාජයට අපි දන්වන්න ඕනෑ. ඒකට අති විශාල ප්‍රචාරණයක් අවශ්‍යයි. නමුත් මට එවන් වූ ප්‍රචාරයක් දෙන්න බැරි වුණා. ඒක වෙන්න ඇති මගේ චිත්‍රපට අතිශය ජනප්‍රිය නොවුණේ. නෝනෙ මගෙ සුදු මෝනෙ චිත්‍රපටයේ ඇතැම් අවස්ථා අතාත්ත්විකයි. උදාහරණයක් විදිහට ගත්තොත් සංජු රොඩ්රිගෝ රඟපාන නිවසේ මෙහෙකාරියගේ චරිතය ගන්න පුළුවන්. එම සේවිකාව ගෙලට මාලයක් එහෙම දාගෙන අලුත් ඇඳුම් ඇදගෙන තමයි නිවසේ ඉන්නේ. එහෙම වෙන්න පුළුවන්ද? සැබෑ ජීවිතයම නෙවෙයි සිනමාව කියන්නේ. ඒ හින්දා මා මේ තුළ ඇතැම් අවස්ථාවලදී යථාර්ථයක් නොවන ආකාරයට රූගත කරන්නට උත්සාහ කළා. ඒ කියන්නේ චිත්‍රපටය පුරාවටම ෆැන්ටසි ගතියක් මා තිබෙන්නට හැරියා. ඒක විය යුත්තක්. ඔබ සම්මාන බලාලෙන නිර්මාණකරණයේ යෙදෙන පාටක් පේන්න නැහැ? ඔව්. මං සම්මාන උළෙලවල්වලට යන්නෙත් නැහැ. බැරිම අවස්ථාවකදී වුණත් එවන් වූ උත්සවයකට යන්නේ වැඩක් තිබුණේ නැත්නම් පමණයි. එච්චරටම මං සම්මාන උළෙලවල් ගැන පැහැදීමක් නැහැ. සම්මාන බලාගෙන නිර්මාණ කළත් අපේ රටේ සම්මාන උළෙයන් ක්‍රියාත්මක වන විදිහට පලක් වෙන එකක් නැහැ. ඔබ සහ මහේෂ් රත්සර මද්දුමආරච්චි එක්ව පූජා, කුරුළු පිහාටු, සුදු සේල වගේ අනගි ටෙලි නාට්‍ය ගණනාවක් නිර්මාණය කළා. එහෙත් එරංග සේනාරත්න සහ මහේෂ් රත්සර මද්දුමආරච්චි කියන මේ සුසංයෝගය සිනමාවේදී එකතු නොවුණේ ඇයි? මහේෂ් මට සිනමා තිරපිටපතක් ලිව්වා. ඒක තවමත් මගේ අතේ තියෙනවා. නමුත් එය සිනමාවට නැඟුණේ නැහැ. අප දෙපළගේ විරසකයකට නෙවෙයි එහෙම වුණේ. ඇතැම් විට එය ඉදිරි කාලෙකදී මං ප්‍රයෝජනයට ගනීවි. වෙනත් රටවල සිනමා නිර්මාණ කොපි කිරීම ගැන මොකද කියන්න තියෙන්නේ? කොපි කිරීම, අනුකරණය වරදක් හැටියට මං දකින්නේ නැහැ. හැබැයි අමු අමුවේම කොපි කිරීම නම් වැරැදියි. කොපි කරන්න ඕනෑ අපේ රටට ගැළපෙන විදිහට. නෝනෙ මගෙ සුදු නෝනේ කොපමණ කලක් ප්‍රදර්ශනය වුණොත් ඇතිද? දැනට දින පණහක් ඉලක්ක කරලා තියෙනවා. බලමු නේද...
|



එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ නෝනේ මගෙ සුදු නෝනේ සිනමාපටය මේ දිනවල තිරගත වේ. ඔහු
සමඟ කළ මේ කතාබහ ඒ වෙනුවෙනි.
නෝනෙ මගෙ සුදු නෝනේ කොපි කීයක් දැම්මද?