පුවත් කෙටියෙන්
සය පෙති කුසුමට බ්‍රසීලයෙන් සම්මානයක්
බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර පසුගිය දා නිමාව දුටු පස්වැනි රියෝ සමලිංගික සිනමා
උළෙල නියෝජනය කළ විශාරක්ස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ සය පෙති කුසුම සිනමාපටය
උළෙලේ හොඳම අන්තර් ජාතික වෘතාන්ත සිනමාපටය වශයෙන් සම්මානයට පාත්‍ර වෙයි. මේ සඳහා
සමලිංගිකත්වය තේමා වූ සිනමාපට 27 ක් ඉදිරිපත් කොට තිබූ අතර අවසන් වටය සඳහා සය පෙති
කුසුම ඇතුළු චිත්‍රපට 18 ක් තේරී පත් විය.
සම ලිංගිකත්වය සහ ද්වි ලිංගිකත්වය යන තේමාවන් යටතේ මෙරට නිර්මාණය වූ සිනමාපට
සංඛ්‍යාව පහකි. ඉන් තුනක් ජාත්‍යන්තර අවාධානයට යොමු විය.
ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම සමලිංගික චිත්‍රපටය වනුයේ චන්ද්‍රරත්න මාපිටිගම
සහ ෂෙල්ටන් පයාගල අධ්‍යක්ෂණය කළ මලට නොඑන බඹරු චිත්‍රපටයයි. එය ජර්මනියේ තිස්
දෙවැනි මෑන්හයිම් අන්තර් ජාතික සිනමා උළෙල නියෝජනය කරමින් මෙරට අන්තර් ජාතික සිනමා
උළෙලක් නියෝජනය කළ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස ඉතිහාස ගත විය.
අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ තනි තටුවෙන් පියාඹන්න එවැනිම සිනමාපටයක් වේ. එය එකල සම්මාන
උළෙලවල් 40 ක් නියෝජනය කළේය.
සය පෙති කුසුම මේ වන විට අන්තර් ජාතික සිනමා උළෙලයන් විස්සක් නියෝජනය කොට තිබේ.
දසුන් පතිරණ, ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි, යශෝධා රසඳුණී මෙහි චරිත මවති. මේ වන
විට සය පෙති කුසුම සඳහා වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ප්‍රසිද්ධ රැඟුම් පාලක
මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
විල්බට් ඇන්තනි
අභාවප්‍රාප්ත වෙයි
ගායන ශිල්පී විල්බට් ඇන්තනි අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ
දෙකකි. නොමඟ නොයන් පුතේ ගීිතයෙන් රටක් හඳුනා ගත් ඔහු ගැයූ සුදු සේල අඟින්, ගම හැරදා
සිදාදියට, කවියන්ගේ රස හැඟුම පුබුදා තියා ආදී ගීත රැසකින් අප ආමන්ත්‍රණය කළේය.
මීගමුව ප්‍රදේශයේ සමාජ සේවකයකු වශයෙන් ද ප්‍රකටව සිටි විල්බට්ගේ අවසන් කටයුතු
ඉකුත්දා මීගමුවේදී සිදු විය.
ගල්කිස්ස සිටි සිනමා ඇරැඹේ

ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයට අලුත්ම සුඛෝපභෝගී සිනමාහලක් පසුගියදා විවෘත විය. ඒ
ගල්කිස්ස මවුන්ට් සිටි ගොඩනැගිල්ලේ ආසන සියයකින් සමන්විත සිටි සිනමා ශාලාවයි.
චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂ, ප්‍රදර්ශක නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේ විසින් මෙම නව
සිනමාහල ආරම්භ කරන ලදී.
කළුතර දිස්ත්‍රික්කයේ හොඳම සිනමාහලක් ලෙස සැලකෙන මතුගම නිව්
ජානකී සිනමාහල සතු වනුයේ ද නිශාන්තටය.
සිංගා මචං චාලි
ට්‍රේලර් පටයට උණුසුම් ප්‍රතිචාර

ලාල් වීරසිංහ අධ්‍යක්‍ෂණය කළ සිංග මචං චාලි සිනමාපටයේ පූරව ප්‍රචාරක පටය මරදානේ
සිනෙසිටි සිනමාශාලාවේ ප්‍රදර්ශනයවේ. ඒ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබෙන බව ලාල් සරසවියට
පැවසීය. එමෙන්ම සිංග මචං චාලි ළඟඳීම තිරගත වන බවද ඔහු කීය. මෙය ලාල් වීරසිංහගේ
කුලුඳුල් සිනමා අධ්‍යක්‍ෂණයවේ. ඩිලානි අබේවර්ධනගේ දියණී කවීෂා කාවින්දි එහි ප්‍රධාන
චරිතය මවමින් සිංහල සිනමාවට එක්වෙයි.
වත්සලා අක්කා
නිෂ්පාදිකා
මිය යයි

වත්සලා අක්කා චිත්‍රපටය නිෂ්පාදනය කළ වාග්දේවි ප්‍රනාන්දු අභාවප්‍රාප්ත විය. ඇය
මහනුවර වෙළෙඳ සංගමයේ සභාපති වශයෙන් ද කලක් කටයුතු කළාය. වාග් දේවිගේ අවසන් කටයුතු
පසුගියදා සිදු කෙරිණි.
- ප්‍රසාද්
|