මග දිගට රසකතා

අනේ අම්මේ මෙහෙමත් Calls ගොඩක්...-npr.jpg)
දවස් පහක් ඇතුළත දුරකතන ඇමතුම් හාරසිය අනූ හතරක් ආව ගායකයෙක් ඉන්නවා නම් ඒ කීර්ති
පැස්කුවල් විතරමයි. ඔහුට මෙච්චර ඇමතුම් ප්‍රමාණයක් ඇවිත් තියෙන්නේ 11 වැනි
සෙනසුරාදා රාත්‍රී දහයේ සිට. කීර්තිට මෙච්චර ඇමතුම එන්න ප්‍රධාන හේතුව වන්නේ ඔහු
පැවැත් වූ ප්‍රසංගය. එය නිමාව දුටුවේ එම සෙනසුරාදාවේ රාත්‍රී 9 ට විතර. එදා ඔහු
ජංගම දුරකතනය අතට අරගෙන තියෙන්නේ ඊට ටික වෙලාවකට පසුව. ඒ වෙලාවෙත් ඔහුගේ දුරකතනයේ
මඟහැරුණු ඇමතුම් හැටක් විතර තිබිලා තියෙනවා. කීර්තිගේ මේ ප්‍රසංගයේ විශේෂත්වයක්
තියෙනවා. ඒ ඔහු එහිදී ගායනා කළේ ඔහුගේ ගීත නොවීම. කීර්ති තෝරා ගත් පැරැණි ගායක
ගායිකාවන්ගේ ගීතයි එහිදී ගැයුවේ. මුලදී ඔහු ටිකක් බය වෙලා මෙහෙම අනුන්ගේ ගීත ගයන්න.
ආයෙ ඉතින් දන්නවනෙ ඇතැම් අය අනුන්ගේ ගීත ගයලා වෙච්ච දේවල්. ඒ හින්දා නොසෑහෙන්න
බැනුම් අහන්න වේවි කියලා කීර්ති හිතුවලු. ඒත් එහෙම වෙලා නැහැ. ප්‍රසංගය ඉවර වෙච්ච
වෙලාවෙ ඉඳලා ඇමතුම් ඇවිල්ලා තියෙන්නේ ප්‍රසංගයේ හොඳම කියලා. එකම ඇමතුමක්වත් අවෙ
නැතිලු දොස් කියපු. එදා ඉඳලා දවස් පහක් ඇතුළත කීර්තිට ආව ඇමතුම් ඔහු දළ වශයෙන්
ගැනලා. ගණන හාරසිය අනූ හතරක්ලු. කොහොමද වැඩේ. කොහොම හරි මේ ඇමතුම් හින්දා කීර්ති
දවසට හතර පාරක් දුරකතනය චාර්ජ් කරනවාලු.
රෝහල් ඇඳේ,
සිනාසීමේ රෝගයක්-npr.jpg)
සඳුන් විජේසිරි අසනීප වෙලාලු. දන්න කියන කෙනෙක් එහෙම කිව්වා. තව පොඩ්ඩක් හොයලා
බලපුවාම ඔහු ජාතික රෝහලේ ඇඳකට වෙලා හිනා වෙවී ඉන්නවා කියලා දැනගන්නට ලැබුණා. සඳුන්ට
හැදිලා තියෙන්නේ සිනාසීමේ රෝගය ද කියලා හිතුණා. (හැබැයි ඉතින් සඳුන්ට නම් එහෙම
ලෙඩක් හැදෙන්න විදිහක් නැහැ. කොයි වෙලාවෙත් සිනහ වෙලානේ ඉන්නේ) කොහොම හරි එදා හවසම
සඳුන් ගෙදර ගිහින්. වැඩේ තියෙන්නේ ඊටම එහා පැත්තේ ඇඳේ ඉඳලා තියෙන්නේ මානෙල්
වානගුරු. ඇය නම් ඉක්මනින්ම ගෙදර ගිහින්.
සඳුන්ට මේ හදිසියේම වුණේ මොකක්ද? අන්තිමේ
අපි විස්තරේ හොයා ගත්තා. සඳුන් මෙහෙම ජාතික රෝහලේ ඉඳලා තියෙන්නේ එක්තරා
පර්යේෂණාත්මක කටයුත්තකට. පිටරටවලින් වෛද්‍ය ශිෂ්‍යවෝ ලංකාවට ඇවිත් රෝගීන් පරීක්ෂා
කරනවා. ඒ ඔවුන්ගේ අධ්‍යයනය කටයුතු සඳහා. ඊට සහභාගි වන්නේ ලංකාවේ සිටින තැනැත්තන්.
ඔවුන් රෝගී ද නිරෝගී ද කියන එක ගැටළුවක් නෙවෙයි. සඳුන් දීර්ඝ කාලයක් තිස්සෙ මේ
කටයුත්තට එකතු වෙනවා. ඔහු ගිහින් වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පර්යේෂණවලට මුහුණ දීලා
ප්‍රශ්නවලටත් උත්තර බඳිනවා. මෙන්න මේ හේතුව නිසා තමයි සඳුන් ඉස්පිරිතාලේ ඉඳලා
තියෙන්නේ.
කොස් ගහට
නැගලා ජොබ් එක නැතිවෙලා
මෙදා පාර නම ගම නැති කතාව ලියන්නේ ආර්ට් ඩිරෙක්ටර් එහෙමත් නැතිනම් කලා
අධ්‍යක්ෂවරයකු ගැන. ඔහු මේ දවස්වල ටෙලි නාට්‍යයක වැඩ කටයුතු කරනවා. වතගොත අහලා
එක්තරා අධ්‍යක්ෂවරයකුට හිතුවලු මෙයාව තමන්ගේ සිනමා කෘතියට එකතු කර ගන්න. ඒ හින්දා
ඔහුගේ දුරකතනයට මේ අධ්‍යක්ෂවරයා කතා කරලා. අනෙක් අන්තයෙන් බොහොම සුන්දර කට හඬක්
ඇහුණලු.
කේ අපේ ආර්ට් ඩිරෙක්ටර් මහත්තයා ඉන්නවද?
ඉන්නවා, හැබැයි ටිකක් උඩක ඉන්නේ.
මුකුත් වැඩකද?
ඔව්. වැඩක.
අධ්‍යක්ෂවරයා හිතුවලු ටෙලි නාට්‍ය වැඩක කියලා. එහෙම හිතලා දුරකතනය විසන්ධි කරලා.
අයෙ ටිකකින් ගත්තම අර උත්තරේමලු ලැබුණේ. තව පැයකින් අරන්. ඒත් අර උත්තරේමයි. ඔහොම
තුන් පාරක්ම අරගෙන.
දැන් උඩ කියන්නේ කොහෙද?
අර අධ්‍යක්ෂවරයා බැරිම තැන එහෙම අහලා තියෙන්නේ කේන්තියෙන්.
උඩ කිව්වේ කොස් ගහේ.
කොස් ගහේ? මිනිහා අද ලොකේෂන්වල නෙවෙයිද ඉන්නෙ.
නැහැ මිස්ටර් එයා අද ගෙදර. දවල්ට කන්න කොස් ගෙඩියක් කඩන්න ගහට නැග්ගා. ගහට නැග්ගට
පස්සෙයි කිව්වේ එයාට බිමට බහින්න අමාරුයි කියලා. ගහත් ටිකක් උසයි. දැන් බැරිම තැන
අපි ගිනි නිවන එකට කිව්වා. එයාලවත් ඇවිත් මෙයාව ගහෙන් බස්ස ගන්නේ නැතෑයැ.
අන්තිමේ හවස් වෙන කොට අර ආර්ට් ඩිරෙක්ටර්ව ගහෙන් බස්සගෙන. පසුව ඔහු උදේ කතා කරපු
ඩිරෙක්ටර්ට කතා කරලා. එතකොටත් ඔහු කලා අධ්‍යක්ෂණයට වෙන කෙනෙකුව අරගෙනලු.
මේක මාර පුදුමයක්
නමට මෙහෙම ඉල්ලුමක්-npr.jpg)
රොෂාන් පිලපිටියගෙන් කෙනෙකු අහලා අමුතුම ප්‍රශ්නයක්.
රොෂාන් ඔයා නම වෙනස් කළාද?
නැහැ. ඇයි?
එහෙනම් ඔයා ඔයාගේ නම වෙන කෙනෙකුට දුන්නද? කවදා ඉඳලද නම් දන් දෙන්න පටන් ගත්තේ?
මොනවද මේ කියන්නේ මට මුකුත් තේරෙන්නේ නැහැ.
අද පත්තරේ තියෙනවා රත්නපුර පැත්තේ මනුස්සයෙක් නම වෙනස් කරපු එකක් ගැන. ඒ මනුස්සයා
නම වෙනස් කරලා දාගෙන තියෙන්නේ ඔයාගේ නම. මං හිතුවේ ඔයා එයාගේ නම දාගෙන ඇති කියලා.
මේ කතාවෙන් පස්සේ රොෂාන් අර මනුස්සයා ගැන හොයනවලු. ඒ විතරක් නෙවෙයි තමන්ගේ නම
දාගත්ත අය ලංකාවේ ඉන්නවා නේද කියලා පුදුමත් වුණාලු.
දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අළුවා
ජනප්‍රියතම පිටපත් රචකයෙක් තමයි මහේෂ් රත්සර මද්්දුමආරච්චි. මෙයා ලියපු ටෙලි
නාට්‍යවලට ප්‍රතිචාර ලැබුණේ ගින්දර වගේ. ඒ වගේම මහේෂ් මැව්ව පබා, පූජා වගේ චරිත
සදාකාලිකවම ප්‍රේක්ෂක සිත් සතන් තුළ ලැගුම් ගෙන තියෙනවා. ඒ තරමටම ඔහුගේ නාට්‍ය
චමත්කාරජනකයි. ඔන්න මහේෂ් ගියා දෙල්කඳ පොළෙන් බඩු වගයක් ගන්න. ගෙදරට අවශ්‍ය එළවලු
එහෙම මුලින් ගන්න හිතාගෙන ඔහු එළවලු කඩයක් ළඟට ගියා. එතකොටම මහේෂ්ට දුරකතන ඇමතුමක්
ආවා. මහේෂ් ලියපු ටෙලි නාට්‍යයක අධ්‍යක්ෂවරයෙක්ගෙන්.
මහේෂ් අයියා අද හරි වැඩක් වුණේ. එන්න හිටපු ආර්ටිස්ලා කිහිප දෙනෙක් නැහැ.
ඇසිස්ටන් එහෙම කිව්වා.-npr.jpg)
කවුද අද සෙට් එකේ ඉන්නේ?
මහේෂ් ඇහැව්වා.
ඊට පසුව සහාය අධ්‍යක්ෂවරයා දර්ශන තලයේ ඉන්න අයව මහේෂ්ට දැන්වූවා. ඉන් ඉදිරියට
දෙදෙනාගේ සංවාදය ගලා ගියේ මෙන්න මෙහෙම.
මහේෂ් - මල්ලි 58 පිටුව පෙරලන්න, ඒකේ දර්ශන 358 දර්ශනය බලන්න, වැටකොලු කීයද? කැරට්
පරණයි වගේ. ඒ සීන් එකේ තුන්වැනි දෙබස අයින් කරන්න, මට නෝකෝල් පන්සීයක් දෙන්න, අද
ඔයාලා සීන් කීයක් ෂෙඩුල් කළාද? පිපිඤ්ඤා දෙසිය පණහයි, කැරට් නම් එපා. 298 සීන් එකක්
අද ගන්න, ලූණු පන්සීයකුත් දාන්න, 51 පිටුව පෙරලන්නකෝ, මුරුංගා මෝරලා වගේ.
සහාය - අනේ අයියේ?
මහේෂ් - ඇයි?
සහාය - අනේ අයියේ ඔයා එළවලු අරන් ඉවර කරන්නකෝ, නැතිනම් ඔයා ඔහේ එළවලු ගන්න කොට මං
මෙහෙ සලාද වෙනවා. ඊට පස්සේ අපි සීන් මාරු කරමු. . . ඔයා වගේ දක්ෂ නැහැ මං.
එහෙම කියලා ඔහු ෆෝන් එක තියලා. අන්තිමේදී මහේෂ් කල්පනා කළාලු මම ද එළවලු ගත්තේ
ඇසිස්ටන් ද එළවලු ගත්තේ කියලා.
|