වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




ABCD... ඊළඟට EFGH...?

ABCD... ඊළඟට EFGH...?

බොලිවුඩයේ නවතම සංගිතමය චිත්‍රපටය ABCD 2 මේ දිනවල අති සාර්ථක අයුරින් තිරගත කෙරෙනවා. වරුන් ධවාන් සහ ශ්‍රද්ධා කපූර්, ප්‍රභූ දේවා රංගනයෙන් දායකවන වන ABCD 2 ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්ම වූ දෙවැනි චිත්‍රපටය බවට පත් වුණා. මේ වන විට එය උපයා ගෙන ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 289ක්. මේ වෙනුවෙන් වැයවී තිබෙන්නේ ඉන්දීය රුපියල් කෝටි 65 ක්.

මේ නිසා අධ්‍යක්ෂ රෙමෝ ඩී සූසා සිටින්නේ ගොඩක් සතුටින්. ක්ෂේත්‍රයේ අය නම් කියන්නේ හඳටත් උඩින් ගිහින් කියලයි. ABCD 2 තිරගත වෙන්නත් කලින් ඔහු කිව්වේ එය සාර්ථක වුණොත් තුන්වැන්න ගැනත් හිතනවා කියලයි. ඔන්න දැන්මම ඔහු ඒ ගැන හිතලා. වරුන් මේ දිනවල යොදා ගෙන සිටින වැඩ අවසන් වූ වහාම ABCD 3 චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කරන්නයි රෙමෝ ඩී සූසාගේ අදහස.