|
|
|||
රන් දිවියා අත ළඟයි
විමුක්තිගේ ‘සුළඟ ගිනි අරන්’ ලොකාර්මෝ උළෙලේ තරගකාරි අංශයට
එය මෙලෙස ලොකර්නෝ සිනමා උළෙලෙහි තරඟකාරී අවසන් වටයට තේරී පත්වීමත් සමග හැට අට වසරක
හෙළ සිනමා වංශ කතාව තුළ ලොව ඒ ශ්‍රේණියේ වඩාත් තරඟකාරීව සිනමා උළෙලවල් ත්‍රිත්වයක
තරගකාරී අංශ ත්‍රිත්වයක් සිනමාපට ත්‍රිත්වයක් හරහා නියෝජනය කිරීමට වරම් ලද එකම
සිනමා අධ්‍යක්ෂවරයා ලෙස විමුක්ති ජයසුන්දර ඉතිහාස ගතවේ. මෙයට ප්‍රථම ඔහුගේ සුළඟ එනු
පිණිස සිනමාපටය 2005 වර්ෂයේ කාන්ස් සිනමා උළෙලෙහි Un
Certain Regard අංශය යටතේත්
2009 වර්ෂයේ අහසින් වැටෙයි චිත්‍රපටය අන්තර් ජාතික සිනමා උළෙලේ
International Competition of Future Film 2005 වර්ෂයේ කාන්ස් සිනමා උළෙලේ කැමරා දෝ සම්මානයෙන් පුද ලබමින් ශ්‍රී ලාංකේය සිනමා මඟෙහි හැරවුම් ලක්ෂය සනිටුහන් කළ විමුක්තිගේ සිව් වැනි සිනමා නිර්මාණය සුළඟ ගිනි අරන් වුවද ඔහුගේ සුළඟ එනු පිණිස හැර අන් කිසිදු සිනමාපටයක් මෙරට නිල වශයෙන් තිරගත නොවුණි. සුළඟ ගිනි අරන් සිනමාපටයෙහි මහේන්ද්‍ර පෙරේරා, ස්ටීව් ද සිල්වා, බන්දුල විතානගේ, රොෂාන් රවීන්ද්‍ර, කෞශල්‍යා ප්‍රනාන්දු, සුරංගා රණවක, රුවින් ද සිල්වා, සුලෝචනා වීරසිංහ සහ තිලක්ෂණී රත්නායක ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. චන්න දේශප්‍රියගේ කැමරා අධ්‍යක්ෂණයකි. සමන් ඇල්විටිගල සංස්කරණයෙන් එක් විය. ලක්ෂ්මන් ජෝසෆ් ද සේරම්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. ලාල් හවීන්ද්‍රනාත් කලා අධ්‍යක්ෂවරයාය. එදා මෙදාතුර ශ්‍රී ලාංකික සිනමාපට 188 ක් වසර 58 ක් තුළ ලොව පුරා සිනමා උළෙලවල් 315 කට ආසන්න සංඛ්‍යාවක තිරගත කොට ඇත. එනමුදු ලොව ඒ ශ්‍රේණියේ සිනමා උළෙලයන්හී ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනය කළ ලාංකික සිනමාපට 14 ක් පමණි. එලෙස ප්‍රථමවරට ජාත්‍යන්තර ඒ ශ්‍රේණියේ සිනමා උළෙලක තරඟකාරී අංශයක් නියෝජනය කළ ප්‍රථම සිනමාපටය වනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාකරුවාගේ රේඛාව වෙයි. සිනමා උපාධියක් අරඹමින් නිහාල්සිංහ කැළණි සරසවියේ මහාචාර්ය ධුරයට
එමෙන්ම මේ ක්ෂේත්‍රයන් දෙක විශ්වවිද්‍යාල අධ්‍යයනය සඳහා සුදුසු යැයි නිගමනය කිරීමේ ගෞරවය කැලණි විශ්වවිද්‍යාලයට හිමිවේ. මෙම උපාධි පාඨමාලාව ආරම්භ කිරීමේ කටයුත්ත සිදු කෙරුණේ ආචාර්ය නිහාල්සිංහ මහතා සහ ඔහුට සහාය වූ මහාචාර්ය පැට්‍රික් රත්නායක මීට වසර පහකට පෙරය. මහාචාර්ය පැට්‍රික් රත්නායක කැලණි විශ්වවිද්‍යාලයේ ලලිතකලා අංශයේ වත්මන් අංශාධිපතිවරයාවේ. මෙම උපාධි පාඨමාලාවේ විශේෂත්වය වනුයේ එය හැදෑරීමේ හැකියාව 2016 ඕනෑම විෂය ධාරාවක විශ්වවිද්‍යාලයක සිසුන්ට අවස්ථාව ලැබීමයි. මේ අනුව වෛද්‍ය, විද්‍යා, මානව ශ්‍රාස්ත්‍ර ධාරව වැනි ඕනෑම විෂය ධාරාවකින් ශිෂ්‍යයන් තෝරා ගැනේ. දැනට එසේ අයැඳුම්පත් 2100 ක් ලැබී ඇති අතර අධ්‍යයනය සඳහා හැකියාව ඇත්තේ ශිෂ්‍යන් 30 කට පමණි. මෙයින් පෙනී යන්නේ නව උපාධියට පවතින ඉහළ ඉල්ලුමයි. මෙම පාඨමාලාවේ අධ්‍යාපන කාලය වසර 4 ක් වන අතර සිනමාව හා රූපවාහිනි සිද්ධාන්ත පිළිබඳ අධ්‍යයන කටයුතුවලට අමතරව සිනමා නිෂ්පාදන ආයතන හා රූපවාහිනී විකාශන ආයතන ඇතුළු මෙම විෂයන්ට සම්බන්ධ ප්‍රායෝගික අත්දැකීම් ලැබීමේ අවස්ථාව සිසුන්ට හිමිවේ. වර්තමානය වන විට සිනමා හා රූපවාහිනී ක්ෂේත්‍ර දෙක දැඩි ලෙස ඒකාබද්ධව ඇති හෙයින් එය වර්ධනය ද මෙම පාඨමාලාවේ විශේෂ අවධානයට යොමුවේ. මේ අනුව ඩිජ්ටල් මඟින් චිත්‍රපට රූගත කිරීමෙන් එවන් රූගත කරන දර්ශන සංස්කරණයකොට සිනමාශාලාවලට ඩිජිටල් මඟින් ප්‍රක්ෂේපණය කිරීමේ ක්‍රියාවලිය ද ඒ හා සමාන තාක්‍ෂණික දැනීම විද්‍යාර්ථීන්ට ලබාදෙනු ඇත. එයට අමතරව රූපවාහිනී වැඩසටහන් පිළිබඳ පුහුණු අවස්ථාවද විද්‍යාර්ථීන්ට උදාවනු ඇත. මහරජ අජාසත් හොර අජාසත්තට නඩු දමයි
සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ මහරජ අජාසත් සිනමාපටයට සමානව ව්‍යාජ අන්දමින් නිර්මාණය කොට වෙළෙඳපොලේ තිබූ ඩීවීඩී පටයන් තහනමට ලක් කරමින් පසුගියදා කොළඹ වාණිජ අධිකරණයෙන් නියෝගයක් නිකුත් කෙරිණි. ඒ මහරජ ආජාසත් නිෂ්පාදන පාර්ශවය විසින් ගොනු කොට තිිබූ පැමිණිල්ලක ප්‍රතිඵලයක් වශයෙනි. ලේඛනගත නීතිඥ උදයන්ති සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ චන්දක ජයසුන්දර විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී. අජාසත්ත ව්‍යාජ ඩී.වී.ඩී. පටය වෙළෙඳපොළට නිකුත් කොට ඇත්තේ තමන්ගේ චිත්‍රපටයෙහි අලෙවිකරණ උපක්‍රම මුවාවෙන් එය මිනිසුන් අතරට යැවීම බව සුනිල් ටී. ප්‍රකාශ කළේය. එමෙන්ම එහි ගුණාත්මකභාවය ඉතාමත් අඩු මට්ටමක පවතින බව ද ඔහු කිවේය. මේ හේතුවෙන් ඉහළ වියදමක් දරා නිර්මාණය වූ මහරජ අජාසත් සිනමාපටයට වෙන්නට තිබෙන දැඩි හානිකාරී තත්ත්වය හේතුවෙන් බුද්ධිමය දේපල පණත යටතේ නිර්මාණයක මුල් කෘතිය ආරක්ෂාව පිළිබඳ ඇති නීතිය මඟින් සාධාරණය පතා මෙම නඩුව ගොනු කොට තිබේ.
ඩිජිටල් තාක්‍ෂණයෙන් පමණක් තිරගත වන මුල්ම සිංහල චිත්‍රපටය හෙට සිට
DCP තාක්‍ෂණයෙන් පමණක් තිරගත වන පළමු සිංහල සිනමාපටය මෙම 24 වැනිදා සිට රීගල් ඇතුළු සිනමාශාලා කිහිපයක තිරගතවේ. ඒ චන්ද්‍රන් රත්නම්ගේ මේ වගේ ආදරයක් චිත්‍රපටයයි. සිනමාවට හඳුන්වාදෙන අනුජ් රණසිංහ සමඟ ඩිනක්‍ෂි ප්‍රියසාද්, කුමා අත්තනායක, විල්මන් සිරිමාන්න, නාලක දලුවත්ත, ශෂිනි ප්‍රේමශීලා, දුමින්ද සෙනරත්, බියන්ක නානායක්කාර, නාලක විශ්වමිත්, මියැසි ක්‍රිෂ්කොම්බු, නටාෂියා සෙව්වන්දි, මංජුලා තරංගනී, ශානිකා සුභාෂිනී, එම්. එස්. එම්. එම්. සිද්ධික්, ආදිත්යා මෙෂ්රාම්, රුක්ෂාන් දසනායක, රිචාඩ් වීරක්කොඩි, අශෝක් ෆෙරී, තනුජ් ගුණවර්ධන, රවීන්ද්‍ර මාපිටිගම මෙහි රංගන දායකත්වය සපයති. අධ්‍යක්‍ෂණය මෙන්ම නිෂ්පාදනයද චන්ද්‍රන් රත්නම්ගෙනි. නිහාරා ජයතිලක, ජයන්ත ජයතිලක සහ කාල් ප්‍රනාන්දුගේ සම නිෂ්පාදනයකි. නාරද තොටගමුව අංග රචනා ශිල්පියාය. ජගත් ආනන්දගේ සහාය අධ්‍යක්‍ෂණයකි. විත්‍රාල් සෝමපාල සංගීත අධ්‍යක්‍ෂවරයාය. චන්දිමාල් කොඩිතුවක්කු නිෂ්පාදන කළමනාකරුවේ. ආදර කතාව, ජනේලය, පොරොන්දුව, කොමන් මෑන් ඇතුළු චිත්‍රපට රාශියක් අධ්‍යක්‍ෂණය කරන ලද්දේ චන්ද්‍රන් රත්නම්ය.
හේමාල්, ජැක්සන්, උදාරි මාතර එති
ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ, උදාරි පෙරේරා ඇතුළු ප්‍රවේගය සිනමාපටයේ නළු, නිළියන් මෙම මස 25 වැනිදා උදෑසන 10.30 ට මාතර එස්. කේ. සිනමාශාලාවට පැමිණෙනු ඇත. එහි සම අධ්‍යක්‍ෂ ඩොනල්ඩ් ජයන්ත නිෂ්පාදක සදේශ් කුමාර ඇතුළු චිත්‍රපටයේ පිරිවර මාතර රසිකයන් එහිදී හමුවනු ඇත. |
|||



සිනමාවේදී විමුක්ති ජයසුන්දරගේ සුළඟ ගිනි අරන් සිනමාපටය ලොව ඒ ශ්‍රේණීයේ වෘතාන්ත
සිනමා උළෙලක් වන ස්විස්ටර්ලන්තයේ ලොකර්නෝ සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා පිදෙන
රන් දිවියා (The Golden Leopard) සම්මානය සඳහා තරග වදියි. ලොව විවිධ රටවල විශිෂ්ට
සිනමාකරුවන්ගේ චිත්‍රපට 18 ක් එම අංශය නියෝජනය කරන අතර එකී අංශය සඳහා සුදුසුකම්
ලැබූ එකම දකුණු ආසියාතික චිත්‍රපටය සුළඟ ගිනි අරන් චිත්‍රපටයයි.
-npr.jpg)
අංශය යටතේ තරඟ වැදිණි.
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පර්ච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින්
ප්‍රථමවතාවට සිනමා හා රූපවාහිනී උපාධියක් කැලණි විශ්වවිද්‍යාලය මඟින් ආරම්භ කෙරේ.
සිනමාව හා රූපවාහිනිය මෙරට ජනපි‍්‍රයතම ජනමාධ්‍යක් වුවද එම විෂය පථය ආවරණය කෙරෙන
උපාධි මාලාවක් ශ්‍රී ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයක මේ වන තුරු ඉදිරිපත් කර නොමැත.
මෙහි මූලිකත්වය ගෙන දියත් කිරීමේ කටයුත්ත සඳහා සිනමා හා රූපවාහිනී ක්ෂේත්‍රයේ
ප්‍රවීණයකු වන ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ කැලණි විශ්වවිද්‍යාලයේ චිත්‍රපට හා
රූපවාහිනී පිළිබඳ ආරාධිත මහාචාර්යවරයකු ලෙස පත්කොට තිබේ. සිනමා හා රූපවාහිනී
ක්ෂේත්‍රයේ මහාචාර්ය පදවියකට පත් කරනු ලැබූ මෙරට ප්‍රථමයා ලෙස මේ අනුව ආචාර්ය
නිහාල්සිංහ ගෞරවයට පාත්‍රවේ.
-npr.jpg)
-npr.jpg)
-npr.jpg)
-npr.jpg)