|
|
අජූතයකඩුල්ල, ළාහිරු දහසක්, ඇල්ල ළඟ වලව්ව, ගිරය වැනි රූපවාහිනියේ ආරම්භ සමයේ විකාශය වූ ටෙලි නාට්‍ය දකින විට වර්තමානයේ ටෙලි රූකඩ නැටිලි නළු නිළියන්ගේ රංගනය අජූතය.
වැලිසර, රාගම
ඔබට මොක් සුව
කවියන්ගේ රස හැඟුම් පුබුදුවාලමින් මධුර ගී රැසක් මතකයේ රන්දා හිනැහී ගිය සුදු
නංගියාගේ නීල නුවන් වසා 2015. 07. 15 උදේ රසිකයන්ගේ නෙතට කඳුළක් තබා අපෙන් වෙන් වූ
විල්බට් ඇන්තනී සහෘද ගායකයාණෙනි, ඔබට මෝක්ෂ සම්පත් ලැබේවා. මතකයේ රැඳුණු ගී ගුවන් විදුලි රසික සංසදය වෙනුවෙන් විමලසේන හපුතන්ත්‍රී අත්තනගල්ල
පුංචි රිකී
ජූලි 20 වන දිනක රුදුරු ඩෙංගු මදුරුවකු විසින් අපෙන් සදහටම පැහැර ගත් පුංචි රිකී
තොම්සන් චූටි පුතේ (සුනිල් ටී. ගේ පුත්) ඔබ අප අතර නැතත් ඔබේ පියාගේ සෑම
සිතිවිල්ලකම ඔබ නිරතුරුව රැඳී සිටිනා බව අප දනිමු. රුවින් ඔබ නැතත් සමිඳුන් සෙවණේ
සමිඳුන්ගේ දකුණු පසෙහි ඔබ සතුටින් සිටිනා බව මෙනෙහි කරමින් මෙසේ ඔබව ආදරයෙන්
සිහිපත් කරමු. දෙවි පියාණෙනි පුංචි රිකී සදා කාලයටම ආදරයෙන් රැක බලා ගනු මැනව. සුසිලා පතිරාජ පුබුදුගම, උස්වැටකෙයියාව
ජාත්‍යන්තර සම්මානයට අපේ සතුට
සිව් වැදෑරුම් අංශයන්හී නියැළී සිටින ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමට ශ්‍රී ලංකා
ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය චිත්‍රපට සමාගමක් ජාත්‍යන්තර ISO
9001.2008 සහතික
සම්මානයක් එම සමාගමට හිමි වීම සිනමා රසිකයකු වශයෙන් මාගේ බලවත් සතුට සමඟ තුතිමල් ඊට
මෙසේ පුදන්නෙමි. තිලකරත්න විල්වල තටාක පාර, කෑගල්ල
පිනිමුතු වැස්සේ
ලොයිඩ් හාමු, අප්පු, ලෝචනා, සසඳි, සිහින, මාළිංග, වෙනුරි ඇතුළු චරිත වටා ගෙතුණ
පිනිමුතු වැස්සේ අවංක ආදරයත්, වංක ආදරයත් අතර දෝලනය වන සංසිද්දීන් රැසක් හමුවේ මිල
මුදලට හා දේපළවලට ලොල් වී මනුෂ්‍යත්වය අමතක වී යන සමාජයක ජීවත්වන පවුල් කීපයක
ගැටුම් මාලාවක් ගැන කියවෙන ආදර්ශමත් ටෙලි සිත්තමකි. ජනක්, මහේෂි, අන්ජුලා, සුසිලා,
සම්පත් ඇතුළු ශිල්පීන් රැසකගේ රංගන දායකත්වය ලද ඉදලිගස්ඉන්න නම් වූ ග්‍රාමයේ සුන්දර
දර්ශන තලයන්හී රූගත කළ පිනිමුතු වැස්සේ ලක්ෂ්මන් පුෂ්පකුමාර අතින් නවමු රසික
ආකර්ෂණය දිනූ සාර්ථක ටෙලි නාට්‍යයකි. ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු බටහිර අධිකාරිමුල්ල දූනගහ
‘දියණියෝ’ තරුණ පරපුරට ආදර්ශයක්
ජාතික රූපවාහිනියේ විකාශය වන රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ 'දියණියෝ' දෙමාපිය
හව්හරන නොලැබූ දිරිය දියණියන් පස් දෙනකු පුරුෂ පක්ෂය කරන වෘත්තීන්වල නියැළී ජීවිතය
ජයගන්න වෙර දරන , තරුණ පරපුරට ආදර්ශයක් ගන්න පුළුවන් හොඳ ටෙලි නාට්‍යයකි. පබෝධා,
සංදීපනී, සුජානි, මේනකා හා හර්ෂණ බෙත්මගේ ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගේ රංගනයන් ද
අගනේය. අතුල රම්‍යසිරි
කලං ගැන යමක්
අමරසිරි කලංසූරිය රංගවේදියා සිනමාවේ මතක මං පෙත විවර කළ රංගන ශිල්පියෙකි. ඔහු
සිනමාවේ මැවු රූ දසුන් රසික අප හට තවමත් මතකය. ඔහු රැඟූ සිනමා පට අතරින් යස ඉසුරු
සහ පූජා චිත්‍රපටවල ඉතාම සංවේදී චරිත නිරූපණයක නිරත වුණි. සිනමාවට පමණක් සීමා
නොවුණු කලංසූරිය පුංචි තිරයට ද අවතීර්ණ විය. දිමුතු මුතු නම් ටෙලි නාට්‍ය තුළින්
ඔහු ප්‍රථම ටෙලි නාට්‍යය නළුවා බවටත් පත් විය. සිනමාවටත් පුංචි තිරයටත් සිය
ප්‍රතිභාව මෙහෙය වූ කලං රසික ප්‍රසාදයට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි. එච්. ඉන්ද්‍රපාල සංඝමිත්ත මාවත, මුංහේන
S.M.S.
'මහරජ ගැමුණු' වගේ අනගි නිර්මාණවලින් පසු උද්දික මේ දවස්වල පෙනෙන්න නැත්තේ ඇයි.
තොරතුරුත් එක්ක සරසවිය පුවත්පතින් හෝ අප හමුවට එන්න. රංගනයෙන් ගායනයෙන් තවත්
ඉදිරියටම යන්න. වැඩි වැඩියෙන් අප හමුවට එන්න. හොඳ හැකියාවන් තියෙන ඔයාට හොඳම නළු
සම්මානය ඇතුළු සම්මානනීය රංගන ශිල්පියෙකු ලෙස ජයග්‍රහණ ලැබීමට ආසිරි පතනෙමු. ටිරෝන් ඇතුළු රසික පිරිස කඹුරුපිටිය
එදා රිදී තිරේ කඳුළු බිඳුව රීටා රත්නායක සුකුමලී, සුන්දර බිරිඳ සිනමාපටවල ඔබේ
රැඟුම් සදා අමරණීයයි. ආර්. එම්. එච්. රත්නායක කිරිඳිවැල
ගම හැරදා සිදාදියට දීග ගියත් නඟේ, කුඹුකේ ළිඳට උදේ හවා , ඉර පායනවා වැනි ගීත
රාශියක් ගැයූ ප්‍රවීණ ගායන ශිල්පී විල්බට් ඇන්තනී මහතාගේ අභාවය පිළිබඳව අපේ බලවත්
ශෝකය. ඔබට මොක් සුව පතමු. ආනන්ද වික්‍රමආරච්චි ඉහළ තල්දූව
සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළිය වූ තිසුරි යුවනිකා අක්කිට මගේ උණුසුම්
සුභපැතුම්. නිලුකා
නිරෝෂා විරාජිනී සිනහව අතරින් චිත්‍රපටයට ඔබ ගැයුව හැඟීම්බර ආදර ගීතය වගේ තවත්
අලුත් ගී අසන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම කවදත් ඔබේ හොඳම රසිකයෙක්. එස්. වීරසිංහ අනුරාධපුරය
අපේ රටේ සමහර කලාකරුවන් මියගිය පසුයි ඔවුන්ගේ අගය සමහරුන්ට වැටහෙන්නේ.
කුඩාගම, අවිස්සාවේල්ල
සිංහල සිනමාවට නැවතත් පණ දුන්නේ හේමාල් අයියේ ඔබයි. ඔයාට තවත් ඉදිරියට යන්න මගේ
සුබපැතුම්. පැතුම් චතුරංග කොත්මලේ
නොමඟ නොයන් පුතේ . . . කවියන්ගෙ රස හැඟුම . . . ගයමින් සමාජයට හරවත් පණිවිඩ දී
සිංහල ගීතයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී විල්බට් ඇන්තනීගේ හදිසි
අභාවය අපට මහත් වේදනාවක්. බලවත් පාඩුවක්. සොඳුරු ගායකයාණෙනි, යළිත් මෙරට ඉපිද
මිහිරි ගීතයෙන් සුවහසක් රසික පිරිස සනසන්න. හර්ෂනාථ බණ්ඩාර නිකවැරටිය
සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා වුණු කාවිංග පෙරේරා හරිම නිහතමානී නළුවෙක්.
රංගන දිවිය දීප්තිමත් වේවායි මගේ සුභපැතුම්.
කහවත්ත
ඉෂාරා සඳමිණි අක්කි ඔයා හරිම ලස්සනයි. ඒ වගේම අහිංසකයි. ඔයාගේ පවුල් ජීවිතයටත් මම
සුබපතනවා. තිළිණි රදාවාන
උදය ශාන්ත ලියනගේ කුසලතා සපිරි දක්ෂ රංගන ශිල්පියෙකි. වික්‍රම මිද්දෙනිය
ප්‍රවේගය නම් මරේ මරු. ජැක්සන් ඇන්තනි ඉපදෙන්න තිබුණේ ලංකාවේ නොවේ. දකුණු
ඉන්දියාවේ. ජැකාගේ සටන් රංගනය නම් අති විශිෂ්ටයි. ඉක්මනින්ම කොලිවුඩයේ හෝ බොලිවුඩයේ
අධ්‍යක්ෂවරයෙකුගේ ඇස ගැටේවායි මම පතමි. රසික රොහාන් හඳුන්ගමුව, මාතලේ
ප්‍රවීණ රංගන ශිල්පිනී සෞම්‍යා කුමාරි අක්කිට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. පියුමි ශානිකා මරදාන
එදා රිදී තිරය හාස්‍යයෙන් ඔපවත් කළ බී. ඇස්. පෙරේරා, ඇන්තනි සී. පෙරේරා, ෆ්‍රෙඩී
සිල්වා, දොන් සිරිසේන ආදී විකට ශිල්පීන්ගේ රංගනය අද අපට දැකගන්නට නොහැක. අද අපට
ඇත්තේ මතකය පමණි. ගාමිණී මහබාලගේ
ආලකමංදාව, සඳගිරි මුදුන, සිරස සාජ්ජේ, සරිගම සාජ්ජේ, භාරත ගී වින්දන, නාටක මාරයි
නමය හමාරයි, ආටක නාටක වැඩ සටහන් ඉතා උසස් තත්ත්වයක පවතිනවා. ලක්ෂ්මන් දි සිල්වා මෝදර
අද සමාජයට ආදර්ශයක් ගෙන දෙන පෙරදිග සිනමාපට රූපවාහිනී නාළිකා තුළින් පෙන්විය යුතු
කාලය එළඹ ඇත. රූපවාහිනී නාළිකාවලින් මේ ගැන අවධානය යොමු වේවා. ගාමිණී මහ බාලගේ පිළියන්දල
යුග දිවියට පත් වූ හිරුනිකාට හා හිරාන්ට සුභම සුභ විවාහ ජීවිතයක් ගත කරන්නට හැකි
වේවායි මගේ පැතුම! මධුෂිකා සඳරුවනි කඩුවෙල
දැන් අලුත් ගායකයන්ට චෝදනාවක් තියෙනවා, එයාල ගයන ගීතවල කිසිම තේරුමක් නෑ කියලා.
එහෙම නම් පැරැණි ගායක ගායිකාවනුත් ඒ වගේ ගීත ගයලා තියෙනවා. හොඳම උදාහරණයක් තමයි
නන්දා මාලිනී ගායනා කරපු නෝනා නාන්න නම් නාන්න නෝනා ගීතය. ෆාතිමා
කුමාරසිරි පතිරණට, ඔබ අපට දායාද කළ ගීත පොකුර අද දක්වාම ළයාන්විතව රස විඳිමි. ඔබගේ
නිහතමානීත්වය හැමදාම ඔබගේ ඉදිරි ගමනට ආශිර්වාදයකි. හැමදාමත් පතන්නම් ඔබට ජය. සුනිල් බී. වේහැල්ල ගෝනපල
සිරස නාළිකාවේ විකාශය වුණු මහ ගෙදර, ප්‍රවීණා ටෙලි නාට්‍ය වගේ ටෙලි නාට්‍යයක් ආයේ
විකාශය වෙනවා නම් ගොඩක් ආසයි. අපි හැමෝම බලා සිටිනවා හැකි ඉක්මනින් එවැනි ටෙලියක්
නැරැඹීමට. නිලුකා ප්‍රියදර්ශනී නාත්තණ්ඩිය
සන්ධ්‍යා කුමාරිගේ පිංතූරයකින් සරසවියේ පසු කවරය සැරසුවාට තුති. අමන්ත කඳාන
ලක්ෂ්මන් ප්‍රනැන්ඩු ඔයාගේ බෝමළුවේ බෝපත් ලෙළ දෙන ගීතයට අපි ගොඩක් කැමැතියි. එවැනි
ගීත තවත් ගායනා කරන්න.
නිට්ටඹුව
ප්‍රවේගය හරහා සිනමාවට පිවිසුණු උදාරි පෙරේරාගේ රංගන ගමන පැහැදිලියි. පී. ඩී. හර්ෂ විරාජ් මාකඳුර
හිරු ටී. වී. නාළිකාවේ ආටක නාටක වැඩකට නැති කාලය කා දමන විගඩමකි. වික්‍රම මිද්දෙනිය
සිනමාවට අගනා සේවයක් කළ සෝනියා දිසාට ඉක්මන් සුවය පතමි. සෝමා එච්. පතිරණ කහවත්ත
0773042834
ඔබේ ප්‍රතිචාර sms මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්
ප්‍රතිචාර, සරසවිය,
|



පානදුර
අවිස්සාවේල්ල
පී. වයි. අනුලාවතී
සෝමා එච්. පතිරණ
වැලිගම
ජසින්තා, කමල්, උපුල්, පත්මා