වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




බූට් සිංදු රැල්ලට කණිෂ්කගෙන් අලුත් සිංදුවක්

බූට් සිංදු රැල්ලට කණිෂ්කගෙන් අලුත් සිංදුවක්

පෙර වගේ ඉන්න මා ළඟින්
ජීවිතේ ඔබ නිසා මට තරම්
දුන්න වේදනා කාටවත් දෙන්න එපා


මේ දිනවල නිතර ඇසෙන අලුත්ම ගීතයකි.

ශ්‍රී ලාංකේය ගායන තරු අතරට වර්තමානයේ දවසින් දවස නානාවිධ තරු බිහි වේ. ඒ රියැලිටි වැඩසටහන්වලින් පමණක් නොව, තමා විසින්ම අලුත් ගීතයක් ගයා කරළියට පැමිණීමෙන්. එලෙස බිහි වූ ආධුනික තරුවකි කණිෂ්ක නදීශාන්.

කණිෂ්ක කොහොමද මේ දවස්වල ජීවිතේ?

ම් . . . ම් . . . සතුටින් ගෙවිලා යනවා.

ගායන ක්ෂේත්‍රයට පා තබන්න හිතුවේ ඇයි?

මම පුංචි කාලයේ ඉඳලම ගායනයට දක්ෂයි. උසස් පෙළ දක්වා සංගීතය විෂයක් ලෙස හැදෑරුවා. උසස් පෙළින් පස්සේ බිස්නස් වැඩවලට අත ගහලා කාර්යබහුල වෙලා ඉන්න කොට දැන් යන බූට් (විරහ ගී) සිංදු රැල්ලට මටත් සිංදුවක් කරන්න හිතුණා.

පළමු ගීතය ගැන පැවසුවොත්?

මගේ කුලුඳුල් ගීතය 'අහිමි' වෙලා'. ඒ ගීතයට ලැබුණු ප්‍රතිචාර හොඳ නිසා දෙවැනි ගීතයකුත් කළා.

දෙවැනි ගීතය මොකක්ද?

'පෙර වගේ' ගීතය. දැනට මාස දෙකක් විතර ඇති ඒ සිංදුව කරලා. ගීතයේ පද රචනය සත්සර කසුන් පතිරණගේ. සංගීතය දුලිප් මිරැන්ඩෝ. විෂුවල් එක පැතුම් රුක්ෂාන් සහ අයිෂ් අතුකෝරලගෙන්.

ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳයි. ගොඩක්ම ප්‍රතිචාර තියෙන්නේ ගැහැනු ළමයින්ගෙන්.

ගායන ක්ෂේත්‍රයට ආධුනික නිසා කිණිෂ්කට තරගයක් තියෙනවාද?

මට තරගයක් නෑ. ක්ෂේත්‍රයේ හිමින් ගමනක් යන්නයි බලාපොරොත්තුව.

සිංදුවත් එක්ක කණිෂ්ක්ගේ ජීවිතේ ඇති වුණු වෙනස්කම් මොනවාද?

ලැබුණු ප්‍රතිචාර නිසා ගොඩාක් සතුටුයි. ක්ෂේත්‍රය ගැන ගොඩක් දැනගත්තා. ඒ වගේම ක්ෂේත්‍රයේ අයව හඳුන ගත්තා.

ගීත රිගින්ටෝන්වලට දෙනවාද?

ඔව්. මගේ ගීත දෙනවා. ඒත් මුදල් ඉපයීමට නොවේ.

ඇයි ඒ? අද නවක තරු බොහෝ වෙලාවට වාණිජ පරමාර්ථයෙන් ගීත කරන්නේ?

සමහරු එහෙම කරනවා. ඒත් මම සිංදු කියන්නේ වාණිජ පරමාර්ථයෙන් නොවේ. මියුසිකල් ෂෝවලට යන්නවත් සල්ලි හොයන්නවත් නෙවේ. විනෝදාංශය සහ තෘප්තිය උදෙසායි මම ගීත ගයන්නේ.

කණිෂ්කගේ පවුලේ තොරතුරු පැවසුවොත්?

මමයි, අම්මයි, තාත්තයි, අයියයි මගේ පවුලේ ඉන්නේ. පදිංචිය පිළියන්දල.

අනාගත බලාපොරොත්තු?

තවත් බූට් සිංදුවක් කරන්න අදහස තියෙනවා. හිපොප් සිංදුවක් දැනට කරමින් පවතිනවා. මේ දෙකම ලබන මාසේ වගේ නිකුත් කරන්න හිතාගෙන ඉන්නේ. ව්‍යාපාර වැඩ කටයුතුත් එක්ක විනෝදාංශයක් විදියට ගීත ගයන්න ඉදිරියේදිත් කටයුතු කරනවා.

රසිකයන්ට කණිෂ්කව මුණ ගැසෙන්න E mail එකයි Fb Address එකයි කියන්න.

[email protected]
fb-kanishka nadeeshan