වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




මනිරත්නම් අලුත් වැඩක

මනිරත්නම් අලුත් වැඩක

ඉන්දීය සිනමාවේ අපූරු මැවුම්කරුවෙකු ලෙසින් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම් අලුත් නිර්මාණ කටයුත්තක් ආරම්භ කරලා. මීට ටික කාලයකට කලින් නම් ආරංචි වුණේ ඓශ්වර්යා රායි බච්චන් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්න නියමිත බවයි. අලුත්ම ආරංචිය වුණේ ඓෂ්ට මනිරත්නම්ගේ මීළඟ චිත්‍රපටයට ආරාධනා ලැබිලා නැති බවයි.

තවමත් නමත් තීරණය කර නැති මේ චිත්‍රපටයට කාර්ති, දුල්කර් සල්මාන් සමඟින් ප්‍රධාන කාන්තා චරිතය සෘති හසන් රංගනයෙන් දායක වන බවයි ආරංචි වෙන්නේ. ලබන සැප්තැම්බර් මාසයේ වැඩකටයුතු ආරම්භ කරන්න සිතා සිටියත් දුල්කර් මලයාලම් චිත්‍රපටයකට දායක වෙමින් සිටින නිසා එය දෙසැම්බර් දක්වා කල්දමා තිබෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය කෙරෙන්නේ ඒ. ආර් රහ්මාන් විසින්.

ඓශ් මනිරත්නම්ගේ ඉරුවාර්, ගුරු, රාවන් චිත්‍රපට සඳහා දායක වුණා. දියණිය ආරාධ්‍යා නිසා සිනමාවෙන් ඈත්ව සිටි ඇය මේ දිනවල ජෙස්බා චිත්‍රපටයේ කටයුතු සමඟින් කාර්යබහුල වෙලා සිටින්නේ.