|
|
බලංගොඩින් රැඟුමට එන සංජය
සංජය ගැන කියන්නට අපි ඔහුටම ආරාධනා කළා. 'මගේ ගම බලංගොඩ. අධ්‍යාපනය ලැබුවේ බලංගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලයෙන්. මම නාට්‍ය හා රංග කලාව විෂයයක් ලෙස හැදෑරුවා. පාසල් වේදිකාව මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වුණා. පාසලේ නාට්‍ය තරගවල සිට සමස්ත ලංකා නාට්‍ය තරගාවලි දක්වාම අපි සහභාගි වුණා. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී රංගනය වෙනුවෙන් විවිධ ජයග්‍රහන ලැබුවා. ඒ කාලේ තමයි රඟපාන්න ඕනෑ කියන මොරාල් එක මගේ හිතට ආවේ. මේ කාලෙදි තමයි මගේ ප්‍රථම රංගනය ලෙස චන්දන හේවාපතිරණගේ 'කුණු දැමීම තහනම්' ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. ඉන් පස්සේ අවුරුදු 02 ක් මහරගම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාව සාර්ථක ලෙස නිම කළා. මෑත කාලයේ මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වුණා. ඉදිරියේදී විකාශය වීමටත් නියමිතයි. ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ මායා පටල, අඟුරු සිත්තම් ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ලොක්කි ටෙලි නාට්‍යයේ තේජාන්ගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉදිරියටත් ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. මගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න අම්මා, තාත්තා, අක්කා වගේම මගේ යහලුවෝ ලොකු සහයෝගයක් ලබා දෙනවා. මාව දිරිමත් කරනවා. විශේෂයෙන්ම චමින්ද අමරදාස සර්, නිශාන්ත උදය කුමාර සර් ආදී කී නොකී මගේ ගමනට සහාය දක්වන හැමෝටම මම මේ අවස්ථාවේ ස්තුති කරනවා. ඒ වගේම රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් අපට ලැබෙන දැනුම අනුපමේයයි. ඔවුන්ට ගෞරව කරමින් මේ ක්ෂේත්‍රයේ හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔහුගේ දුරකථන අංකය - 0773320379.
|



ඔහු නමින් සංජය තුසිත දයාරත්න. පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ ඔබේ ආලින්දයට එන ඔහුගේ
ප්‍රථම රංගනය 'කුණු දැමීම තහනම්' ටෙලි වෘත්තාන්තයයි. එහි රංගනයෙන් අනතුරුව වසර දෙකක
නිහැඬියාවක් ඔහු තබන්නේ රංගනය පිළිබඳ විධිමත් අධ්‍යනයකින් පසු මේ ක්ෂේත්‍රයට
පිවිසීමේ අරමුණෙනි.