|
|
රූපයෙන් ප්‍රේමය අවුළුවන නෙරූදාගේ ලියුම්කාරයා
' අන්න එහෙමයි නෙරූදා ලියුම්කාරයාට කිව්වේ. ලියුම්කාරයා එක බැල්මෙන්ම කෙල්ලෙක්ට ආලය කරන්න පටන් අරන්. හැබැයි වචන පහයි කතා කරලා තියෙන්නේ. ඒකෙනුත් වචන දෙකක් කෙල්ලගේ නම අහලා ඒකම ආයෙ තමන් විසින් පුනරුච්ඡාරණය කරලා. එහෙම බැලුවම ලියුම්කාරයා කතා කරලා තියෙන්නේ වචන තුනයි.
'කවුරු එක්කද පුතා' බියට්‍රිස් ගොන්සාලේස් කියන්නේ ටවුමේ බීමහලේ ගිනි සිළුවක් වගේ දැල්වෙමින් උන්න ගැටිස්සියක්. මරියෝ ජිමේනේස් කියන්නේ ප්‍රකට පැබ්ලෝ නෙරූදා කවියාගේ තැපැල්කරු. මේ කතාන්දරය අපට හමුවෙන්නේ චිලී ලේඛක අන්තෝනියෝ ස්කර්මෙතා විසින් රචිත El Cartero de Neruda නම් කෘතියෙන්. ඉතා මනහර, සෞම්‍ය භාෂාවකින් ලියනගේ අමරකීර්ති එය 'නෙරූදාගේ ලියුම්කාරයා' බවට පරිවර්තනය කරලා තියෙනවා. සිංහලෙන් දැක්වෙන සියලු දෙබස් උපුටා ගත්තේ ඔහුගේ කෘතියෙන් බව මුලින්ම කියන්න ඕනා. මේක හරිම ලාලසාව අවුළුවන කියැවීමක්. 'ඉල් පෝස්ටීනෝ හෙවත් ද පෝස්ට්මන්' නැරැඹීම ඒ ඇවිළවීමේ නියත ප්‍රතිඵලයක්. ඉතාලි භාෂාවෙන් නිපැදවුණු මේ සිනමාපටය තිරගත වී ඇත්තේ 1994දීයි. මයිකල් රැඩ්ෆර්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන්න යෙදුණු 'ඉල් පෝස්ටීනෝ' අමෙරිකානු සිනමාශාලා වෙත නිකුත් වුණේ 'ද පෝස්ට්මන්' නමිනුයි. නමුත් කෙවින් කොස්ට්නර්ගේත් මේ නමින්ම සිනමාපටයක් නිකුත් වීම හේතුවෙන් සිනමාපටයට ඉතාලි නම මුලිනුත් ඊළඟට ඉංග්‍රීසි නමත් යොදන්න සිදු වුණා. 'ඉල් පෝස්ටීනෝ : ද පෝස්ට්මන්' නමින් මේ අපූරු ප්‍රේමාදර ලියුම්කාරයාගේ කතාව තිරගත වෙන්න පටන් ගත්තා. මරියෝ ජිමේනේස්ට චිත්‍රපටයේ රඟපෑව නළුවා 'මැසිමෝ ට්‍රොයිසි' ගේ රූපය සිත්ගත්තේ නැති වුණත් නෙරූදාට රඟපෑව 'පිලිප් නොරෙට්' මුළු සිනමාපටයම එක මිටට හකුලන්න ලෑස්ති තරමේ මිනිහෙක්ය කියලා මට දැනුණා. 'මැසිමේ ට්‍රොයිසි' රූපයෙන් එතරම් ආසක්තබවක් නොදැක්වූවාට ඔහුගේ රංගනය අංශුවෙන්, අංශුව නෙරූදාට රඟපාපු 'පිලිප් නොරෙට්'ව ඈතට වීසි කරලා දැම්මා.
කවියෙ මේ අතරතුර ලැබෙන හදිසි රැකියාව ලියුම් බෙදන්නෙකු වීමයි. ඊටත් පැබ්ලෝ නෙරූදාට ලියුම් බෙදන්න. මාරියෝගේ හුස්ම හිරවෙන්න අන්න ඒ වෙලාවෙයි. සත්‍ය ජීවිත කතාවක් ඇතුළේ ප්‍රබන්ධයක් ගොඩ නැංවීමක් ලෙසයි මේ කතාන්දරය දිග හැරෙන්නේ. එතනදී ලියුම්කරු කියන්නේ ප්‍රබන්ධයක් වීම තරමක් සිත රිදෙන කාරණයක් වෙනවා. මක්නිසාදයත් නවකතාවට අනුව අවසානයේ මිය යන්නේ නෙරූදා වුවත් සිනමාපටයට අනුව මිය යන්නේ මරියෝ ජිමේනේස්. සිනමාපටයේ සත්‍ය සිඳුවීම් අතරේ හද කම්පා කරන තවත් යමක් විකිපීඩියාවෙන් හමු වෙනවා. ඒ චිත්‍රපටයේ තිර නාටකය ලියූ කිහිප දෙනා අතර එක් අයෙක් වූ මසීමෝ ට්‍රොයිස් තමන්ගේ හදවත් සැත්කම කල් දමනවා. ඔහුට වුවමනා වන්නේ චිත්‍රපටයේ වැඩ කටයුතු නිම කිරීමටයි. ලියුම්කරු ලෙස රඟන්නෙත් ඔහුමයි. එහෙත් ඉතාම අවාසනාවන්ත ආකාරයට සිනමාපටයේ වැඩ කටයුතු නිමවූ දිනට පසුදා ඔහුට මරණීය හෘදයාබාධයක් වැලදෙනවා.
ලියනගේ අමරකීර්ති සිංහලයට පෙරළූ 'නෙරූදාගේ ලියුම්කාරයා' නැවතත් උපුටා ගැනීම් කිහිපයක් ඉල්ලා සිටිනවා. 'දේශපාලන ජීවිතය හෙණයක් සේ මා මත පතිත වී මා මගේ ලේඛන කටයුතුවලින් වෙන් කළේය. මනුෂ්‍ය සංහතිය යනු මා ලැබූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වෙයි. කවියෙකුගේ නෛසර්ගික ලැජ්ජාශීලීකමින් හෝ චකිතයෙන් යුතු මිනිසකුගේ පරික්ෂාකාරී බවින් හෝ මා ඒ ජන සංඝයා වෙත ළං විය හැකි නමුත් ඔවුන් අතරට ගිය වහාම මම පරිවර්තනයකට ළං වූවාක් සේ හඟිමි'. මම ඒ අත්‍යවශ්‍ය බහුතරයේ කොටසක් වෙමි; සුවිශාල මනුෂ්‍ය වෘක්ෂයේ මම එක් පත්‍රයක් පමණක් වෙමි' -නෙරූදාගේ ලියුම්කාරයා 56 වැනි පිටුව
මහා කවියාව පක්ෂය විසින් ජනාධිපති තරගයට ඇද දැමීම ගැන ඔහු තමන්ගේ දිනපොතේ ලිව්වේ එහෙමයි. අමරණීය පෙම් කතාවක් කියමින් ඉන්න අතරතුර රචකයා අපට ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන සමකාලීන චිලී දේශපාලනය නොතකා හරින්න අපහසුයි. මක්නිසාද කියනවා නම් පෙම් කතාවක යටි පෙළක දේශපාලනයක් සැඟවීමක් නොවේ මේ දේශපාලනය හා සබැඳී කතාවක් ඇතුළත යටි පෙළේ පෙම් කතාවක් කීමක්දෝ කියන කුතුහලය විටින්, විට මතු වෙමින් එන නිසා. ඉස්ලා නෙග්‍රා කියන රමණීය ගමේ නෙරූදා ගත කළ ප්‍රේමණීය කාලය වගේම අනවශ්‍ය දේශපාලනයකට ඔහුව හවුල් කර ගැනීම ගැන අපි කියවමින් ඉන්නවා. නමුත් පක්ෂය විසින් තීරණය කරනවා සැල්වදෝර් අයියන්දේව ජනාධිපතිවරයා හැටියට ඉදිරිපත් කරන්න. මහා කවියා ප්‍රහර්ෂයෙන් යුක්තව ගිය පයින්ම හැරිලා එනවා. මොකද ඔහුට තිබ්බේ එක ප්‍රශ්නයයි මේ ජනාධිපතිවරණය ගැන. 'පුතා අද දහතුන් වෙනි සිකුරාදාද?' 'නරක ආරංචියක්' 'නරක නෙමේ භයානක ආරංචියක්. එයාලා මාව චිලී ජනරජයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට තෝරලා' 'ඒ උනාට ඒක මරුනේ සර්' 'අපේක්ෂකයා හැටියට තෝර ගත්ත එක නම් හොඳයි. ඒ උනාට දින්නොත්' -නෙරූදාගේ ලියුම්කාරයා
බියට්‍රිස් කියන්නේ ගිනි සිළුව; මරියෝ ජිමේනේස්ට රූපක පහළ කරපු තරුණිය. ඈ තමන්ගේ කාමරේ ඉන්නවාය කියන්නේ සරත් හුළඟට ඇගේ පියවුරු විවර කරගෙන. ඇගේ බැල්ම හඳ දිහාට යොමු කරන්. පරිවර්තකයා භාෂාව තමන්ට ඕනෑ විදිහට දමනය කරගත්තු හැටි කියන්න මේ වාක්‍යයම සමත්. සිනමාපටයේ මේ දර්ශනය මේ ආකාරයෙන්ම දැක්වෙනවා. මේ දෙබස් කාණ්ඩ සහිතවම. ඈ මඳ අඳුරේ තමන්ගේ සයනයේ වාඩිගෙනයි ඉන්නේ. බියට්‍රිස් ආලයෙන් මත්වෙලයි ඉන්නේ. කලින්ම බීමහල වහපු ඇගේ මෑණියෝ ප්‍රශ්න කරන්න පටන් ගන්නේ තමන්ගේ දෝණියන්දෑගේ ඇවිළීම දැනගෙනයි. ඈ ප්‍රශ්න කරනවා. බොහොම දරුණුවට. '....මොනවද ඌ උඹට කිව්වේ?' 'රූපක' -නෙරූදාගේ ලියුම්කාරයා 66 වැනි පිටුව
'මං දන්නවා පරිස්සං වෙන හැටි' 'උඹ දන්න තරම පරිස්සං වෙන්න! බලපං උඹ දැන් ඉන්න හැටි හුස්මක් වැදුණත් ඇදගෙන වැටෙනව. මතක තියාගනිං මං නෙරූදගෙ කවි කියෙව්වෙ උඹට වඩා හුඟක් කලින්.' -නෙරූදාගේ ලියුම්කාරයා 68 වැනි පිටුව
මරියෝ ජිමේනේස් ලියුම්කාරයකු පමණක් නොවන, පෙම්වතෙකු පමණක් නොවන, නෙරූදාගේ හිත
මිතුරා පමණක් නොවන කෙනෙක්. ඔහුට ඔබ හෝ මම වීමට පවා පුළුවන්. ආලයෙන් දැවි, දැවී
ඇවිදින අතරේ මරියෝ කවියේ ම සරණ පතනවා. කවියා අනෙකෙකුගේ සරණ පතනවා. සැල්වදෝර්
අයියන්දේ සර්වජන ඡන්දයෙන් පත් වුණ ලොව ප්‍රථම සමාජවාදී ජනාධිපතිවරයා වෙනකොට විට
සී.අයි.ඒ ආධාර ඇතිව ජෙනරාල් පිනෝචේ අයියන්දේගේ ආණ්ඩුව බිඳ දමනවා. කල්පිතයයි හා
සත්‍යයයි අතර ඔරු පදිමින්, අපට ඒ කල්පිතයේම නැළවෙන්නට දෙන මේ කෙටි නවකතාව නෙරූදාව
ලුහුබඳීන්නට
'බලන්න පැබ්ලෝ සර් මේ රූපක කියලා මේකා මගෙ කෙල්ලව පිස්තෝලයක් වගේ රත් කරවලා. 'නමුත් අපි ඉන්නෙ ශීත කාලෙ මැද්දෙ මිසින් ගොන්සාලේස්' -නෙරූදාගේ ලියුම්කාරයා 79 වැනි පිටුව
තරුණ ලියුම්කරුවෙකුට රූප ශෝභාවෙන් අග තැන්පත් තරුණියකට පෙම් කරන්නට රූපක තනා දීම හැරෙන්න නෙරූදා කවියා ඔහුගේ ජීවිතයට කළ යමක් ඇතැයි මරියෝම සිතන්නට වෙනවා. ඔහු තුළ නැඟෙන සාංකාව මේ වටහා ගත නුහුණු සබඳතාව විය හැකියි. ලෝ ප්‍රකට කවියකු සමඟ ඇති වුණ හදිසි මිත්‍රත්වය මරියෝගේ කුඩා ජීවිතයට ඔරොත්තු නොදෙන තරම්. මහා කන්දක් හිස උඩ තියාගෙන ඉන්නවා වාගේ මරියෝ කවියා පසුපසම, මතක පසුපසම හඹා යන්නට පටන් ගන්නවා. බියට්‍රිස් හා විවාපත් වුණත්, දරුවකු ලැබුණත් ඔහුගේ සාංකාව අහවර වෙන්නෙ නෑ. මේ සාංකාව මාව කැලැඹූ නිසා ඔබවත් සුළුවෙන් හෝ කලඹවන්නට ඉටා ගත්තා. නෙරූදාගේ ලියුම්කාරයා කියවා 'ඉල් පෝස්ටීනෝ : ද පෝස්ට්මන්' නරඹන්න. ඒ සාංකාවෙන්ම හැකි තරම් කල් පසුවෙන්න. රූපක කිහිපයක් පහළ වනවා නියතයි. පෙම් කතා කිහිපයක් ඇති වනවා නියතයි.
|



මළ කෙළියයි. දාන්තේ'
කුගේ හෙවණැල්ල යට වාඩිවෙලා තරුණ කවියෙක් වෙන්න තැත් කරන මාරියෝ ජිමේනේස් මාළු
අල්ලන රැකියාවක් කරන තමන්ගේ පියාගෙන් යැපෙන්නෙක්. තාත්තා, පුතාට කියන්නේ රස්සාවක්
හොයාගනිං ඉලන්දාරියා කියලයි. මාරියෝ මාළු පිළී ගඳ පිළිකුල් කරන, මාළු දැල් ඇල්ලීමට
අකමැති, කුඩා බෝට්ටුවක ඔහේ පැද්දෙමින් ඉන්න කැමති ඉළන්දාරියෙක් නෙවෙයි. සාක්ෂරතාවය
අහිමි මාළු අල්ලන්නන් රාශියක් මැද්දේ ඔහු පුවත්පත් කියවනවා. හිත මිත්‍රාදීන් එවන
පෝස්ට් කාඩ් කියවනවා.
මේ සිනමාපටයට පාදක වෙන්නේ අන්තෝනියෝ ස්කර්මෙතා විසින් 1985 දී රචිත 'ආඩියන්ට්
පර්සියන්සියා' නම් නවකතාවයි. අමෙරිකානු වෙළෙඳපොළට මේ නවකතාව නිකුත් කළේ 'ද
පෝස්ට්මන්' නමින්. ස්පාඥඥ භාෂාවෙන් ලියූ මුල් කෘතිය අතිශය ජනප්‍රිය වුණා. 'ඉල්
පෝස්ටීනෝ'' සිනමාපටය අමෙරිකානු ඩොලර් මිලියන තුනක ඇස්තමේන්තුවක් අනුවයි සකස්
කෙරුණේ. එහි බොක්ස් ඔෆීස් ආදායම අමෙරිකානු ඩොලර් 21,848,932 බවට සටහන් වෙලා
තියෙනවා.
52 වැනි පිටුව
නිහඬව අණ කරනවා.